අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම

Intermediate support

නිසි දැනුමක්, නිසි හැකියාවක්, නිසි පලපුරුද්දක්, නිසි මගපෙන්වීමක් නැති විට හෝ අතයාවශ්‍ය කටයුතු වලදී බොහෝ විට අප නිරායාසයෙන්ම අතරමැදියෙකුගේ සහාය ලබා ගැනීමට යොමු වීම ස්වභාවිකය.

ඉස්ලාම් දහම වැලදගත් නවකයෙක් වූ ඔබට SRMI center අතරමැදියෙක් ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි බලන්න.

  • ඉස්ලාමීය දැනුම ලබා ගැනීමට අවශ්‍ය පොත්පත් තෝරා ගැනීමේදී ඒවා ඔබේ මට්ටමට අනුව ඔබට ගැලපෙන අයුරින් තෝරා ගැනීමටද, අවශ්‍යය නම් එම පොත් පත් පිළීවෙලින් ලබා දෙමින් ද, ඒවා අධ්‍යනය කිරීමට අවශ්‍යය උපදෙස් ලබා දෙමින්ද අපි ඔබට ප්‍රයෝජනවත් සහායක් ලබා දෙන්නෙමු. එහෙයින් දහම පිලිබදව අඩුපාඩු සහිත හෝ වැරදි තොරතුරු ඇතුලත් පොත් පත් පරිහරනය කිරීමට යාමෙන් ඔබ ආරක්ෂා වේ. එමෙන්ම දහමෙහි අඩංගු තොරතුරු දරාගත හැකි අයුරින් පහසු ආකාරයට අධ්‍යනය කරන්නේ සහ ඒවා භාවිතයට ගන්නේ කෙසේදැයි ඔබට පහදා දීමට අපි ඉදිරිපත් වන්නෙමු. මෙමගින් ඉස්ලාම් දහම ප්‍රියමනාප මෙන්ම ව්‍යාකූලත්වයෙන් තොර වූවක් ලෙසින් ඔබට හැගෙනු නොඅනුමානය. එමෙන්ම, නොදැනුවත්කම නිසා හෝ ප්‍රායෝගික තත්ත්ව ගැන ඇති අනවභෝධය නිසා ආරම්භක අවස්ථාවේදී දරාගත නොහැකි කාරනා ඔබ වෙත යොමු කර ඔබට ඉස්ලාම් දහම එපා කරවන ඇතැම් පිරිස් වලින් ඔබව අපි ආරක්ශා කර ගන්නෙමු.
  • ඉස්ලාම් දහම් ඉගෙන ගැනීමට සුදුසු ගුරුවරයෙකු, සුදුසු පාසලක් හෝ මධ්‍යස්ථානයක් සොයා යාමෙදි අපිට ඔබව නිසි මාර්ගයට යොමු කල හැකිය. අද අප සමාජය තුලම දහමින් පිට ක්‍රියාත්මක වන, දහමට පටහැනි ක්‍රියාවන් වල යෙදෙන බොහෝමයක් කණ්ඩායම්ද, තනි තනි අය වශයෙන්ද අප අතර ඉන්නා බව ඔබට අප පෙන්වා දෙන්නෙමු. සලාතයන් පවා කිරීමට නුසුදුසු මස්ජිද ද අප සමාජයේ නැතුවා නොවේ. ඉස්ලාමීය උගැන්වීම් වැරදි ලෙස වටහාගෙන අන්තවාදී අදහස් පතුරුවනද, ඇතැම්විට ත්‍රස්තවාදී කටයුතුවලට පවා යොමු වූ අයද සමාජය තුල අතරින් පතර ඇති බව අපට නිතර අසන්නට ලැබේ. එවැනි ස්ථාන  වලින්ද, එවැනි පුද්ගලයන්ගෙන්ද  අපි ඔබව ආරක්ශා කරගන්නෙමු.
  • නවකයෙකු වන හෙයින් ඔබට ඉස්ලාම් දහම පිළිබඳව ඔබේ පවුලේ උදවියට, හිතවතුන්ට මනාව පහදා දීමට නොහැකි වන අවස්ථාවලදී අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් වන්නෙමු.
  • අවශ්‍යය විටෙක ඔබ වෙනුවෙන් පෙනී සිටීමට SRMIC සෘජුව හෝ වක්‍රව ඉදිරිපත් වන්නෙමු.

SRMIC ප්‍රධාන ආකාර හතරකට නවක මුස්ලිම්වරුන් වෙනුවෙන් අතරමැදියෙකු ලෙස කටයුතු කරයි.

  1. විදේශයන්හි ඇති ඉස්ලාමීය මධ්‍යස්ථාන වලට සම්බන්ධ සහ සම්බන්ධ නැති විදෙස්ගත ශ්‍රී ලාංකික නවක මුස්ලිම්වරුන් වෙනුවෙන්.

  2. ශ්‍රි ලංකාවෙහි ඇති ඉස්ලාමීය මධ්‍යස්ථාන වලට සම්බන්ධ සහ සම්බන්ධ නැති ශ්‍රී ලාංකික නවක මුස්ලිම්වරුන් වෙනුවෙන්. 

  3. ශ්‍රි ලාංකික නවක මුස්ලිම්වරුන්ගේ නව ඉස්ලාමීය ජීවනරටාවට අදාලව බලපාන සුවිශේෂවු ගැටලු සහ දුෂ්කර අවස්ථාවන් වලදී.

  4. අවධානය යොමුවිය යුතු සහ සුදුසු නුසුදුසු තත්ත්ව නිවැරදිව හඳුනාගත යුතු ශ්‍රී ලංකාවේ මිශ්‍ර වූ මුස්ලිම් සමාජය සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමග නවක මුස්ලිම්වරුන් ගැටෙන අවස්ථාවලදී.

වැඩි විස්තර සඳහා පහත pdf සටහන බලන්න

සුහද ආරාධනයයි!

ශ්‍රී ලංකික නවක මුස්ලිම්වරුන් සමඟ කටයුතු කරන ඉස්ලාමීය මධ්‍යස්ථාන හෝ සංවිධාන අප හා සම්බන්ධ වීමට මෙහි කෙටි පණිවිඩයක් තබන්න.  

ඔබ දැනුවත්ව සිටින ශ්‍රී ලාංකික නවකමුස්ලිම්වරුන් හට අපගේ සේවය ලබා ගැනීම සඳහා ඔවුන් පිළිබඳව අපටත් අප පිළිබඳව ඔවුන්ටත් දැනුවත් කිරීමටද කාරුණික වන්න.  

ඔබට ස්තුති යි.

Friendly invitation! 

Islamic Centers which working with Sri Lankan New Muslims, please leave a message here to join with us. 

Please let the Sri Lankan new Muslims you are aware of them to know about us in order to avail our services.

Thank you.

ඊලග පිටුව. සේවා අංක 6 

මෙය ගැන පාඨක ඔබේ අදහස් සහ යෝජනා -චෝදනා ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.

Please give us your comments about this page.