දැණුම බෙදා ගැනීමේ කටයුතු සඳහා සහාය.

Support in their Da'wah

යමෙක් ඉස්ලාම් දහම වැලඳ ගැනීමත් සමගම ඔහු හෝ ඇය මුහුන දෙන ප්‍රභලම ගැටලුව වනුයේ මේ බව තමන්ගේ පවුලේ අයට පවසන්නේ කෙසේද යන්නයි. 

තමන්ගේත් ස්වභාවදර්මයේත් නිර්මාතෘ ව නොසලකා සිටින ඔවුනට ඔවුන්ගේම නිර්මාතෘට ගරුබුහුමන් කර ඔහුගේ උපදෙස් මත ජීවත් වීමට ඔවුන්ටත් ආරාධනා කරන්නේ කෙසේදැය් යන ප්‍රශ්නයද ඒ සමගම ඔවුන්ට පැනනගී. .  

නමුත් මේ කාරනා දෙකේදීම ඔහු අසරන වන්නේ දෙපැත්තෙන් ගිනිගත් ගිනි පෙලෙල්ල මැද තනි උනු කුහුබුවෙකු මෙනි.

එනම්, 

  • තමාට මුස්ලිමෙකු මෙන් ජීවත් වීමට අවශ්‍යය නමුත් බොහෝ විට එයට තම සුපුරුදු වටපිටාවෙන් අවසරයක් හිමිවන්නේ නැත. 
  • අනික් පසින් ඔහු හෝ ඇය ඉස්ලාම් දහම ගැන තම පව්ලේ අයට පහදා දීමට ඉදිරිපත් වූ විට ඔවුන් එය වටහා ගැනීමට උත්සහ නොගෙන විවිධාකාරයේ ප්‍රශ්න මතු කරයි. සමහර විට තමාව හෑල්ලුවට ලක් කරයි, තමාව මෝඩයෙකු ලෙස සළකයි, සමහර විට බැනල එලව ගනී, ගෙදරිනුත් එලියට දාන්න පවා ඉඩ තිබේ.   

ඔබ බලාපොරොත්තු නොවූ පරිද්දෙන් අසරන වන්නේ මෙලෙසිනි. 

නමුත් ඔබ මේ කටයුත්ත සැලසුම් සහගතව කරන්නට ඉදිරිපත් වනවා නම් වඩාත් සුභවාදී අන්දමට වටපිටාව සකසා ගන්නට පුලුවන් වෙනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු. 

නවක මුස්ලිමෙකු වූ ඔබ විශේෂයෙන්ම උපදෙස් ගන්න යන අය ගැන සැලකිලිමත් වන්න. සමහර විට මුලු දහමම එකවරම ඔබේ හිස මත දමා ඔබට ඔරොත්තු නොදෙන මට්ටමින් උපදෙස් දීම් නිසා ඔබව විහින් අමාරුවේ වැටෙන තත්වයට පත් විය හැක. එනිසා අපි ඔබව මෙහිදී පරිස්සමින් යුතුව ආරාක්ශා කිරීමට ඉදිරිපත් වන්නෙමු. ඔබේ තත්වය හඳුනා ගෙන ඔබට ලැබුනු දහමත්, ඔබවත් යන දෙකම ආරක්ශා වන අන්දමින් සහ ඔබේ පව්ලේ අයවත් ඔබේ වටපිටාවත්  ආරක්ශා වෙන අන්දමින් කටයුතු කරන්නට අපි ඔබට නිසි උපදෙස් දෙන්නෙමු.

අපි ඔබේ නවක ඉස්ලාමීය ජීවිතයටත්, දහම අන් අයට පැවසීම හෙවත් දාවා කටයුත්තටත් සහාය වන්නෙකු ලෙස ඔබ සමග එක්වන්නෙමු. අපිද ඔබ මෙන්ම ඉස්ලාමය වැලඳ ගත්තවුන් නිසා ඔබේ ප්‍රශ්න මැනවින් වටහා ගන්න වුන් වශයෙන් සිටින්නෙමු.

ඔබට තනියම දහම අන් අයට පහදා දීමට  අපහසු යැය් හැගෙන්නේ නම් ඔබට පුලුවනි ඔබගේ පවුලේ උදවිය SRMI center වෙත යොමු කිරීමට . ...එමගින් 

  • ඔබට ඔබේ පරිසරය තුල (අඩු තරමින් නිවස තුල)   නිස්කලංකයෙන් ඉස්ලාමය ප්‍රායෝගිකව භාවිතා කිරීමට ඇති වටපිටාවක් සකසා දීමටත්
  • ඔබේ පවුලේ උදවිය  තුලත් ඉස්ලාමයෙ  සත්‍ය තාව පිලිබදව  අවභෝධ කරගැනීමටත්  කැමැත්තක් සහ උනන්දුවක් ඇති කිරීම හෝ, (නොදන්නා කම නිසා) ඔවුන් දක්වන අකැමැත්ත, පිලිකුල හෝ තරහව නැති කර දැමීමට වඩාත් ඵලදායී උත්සහායක් ගැනීමට හැකිවේ යයි අප විශ්වාස කරන්නෙමු . 

ශහාදා පවසන විට බොහෝ Muslim අය සතුටු වන බව අපි දැක ඇත්තෙමු. නමුත් ශහාදා පැවසූ පසු ඔවුන් ගැන සොයා බලන්න නම් ඉන් ඉතුරු වන්නේ ඉතාම අල්පයකි. සමහර විට කිසිවෙකුත් නැති තරම්ය. මින් ඉදිරියට එවන්  කණගාටුදායක තත්ව උදා වීමට ඉඩ නොතැබීමටය් අපේ වෑයම.

එපමනක් නොව, ඔබ දහම ගැන සත්‍යය අන් අයට කියන කටයුත්තේ නියැලෙද්දී ඔබ මුහුන පෑ හෝ මුහුන පාමින් සිටින ගැටලු ඇත්නම් එය අපවෙත දැනුම් දීමෙන් ඔබට යම් සහනයක් හෝ ලාබාගත හැකිවේ යැයි අපි විශ්වාස කරන්නෙමු. 

ඔබ අන් අයට දාවා කිරීමට ඉදිරිපත් වන්නෙකු ලෙස සිටින්නේ නම්, ඔබ තුල පෞරුශයක් ගොඩනැන්වීම ගැනද අප සැලකිලිමත් වන්නෙමු. 

ඉස්ලාමයට පිවිසි ඔබට නොයෙකුත් අපහසුතා ඇතිවන විට ඔබ ඔවුන් වෙත අතපාන්නෙකු ලෙස නොයවා ඔබගේ ගැටලු ඉස්ලාමීය සමාජය තුලින්ම නිරාකරනය කර දීමට අප ඉදිරිපත් වන්නෙමු.

එසේම, ඔබ සම්ප්‍රාප්ත වු නව (ඉස්ලාමීය) සමාජයේ එකමුතු බව, අන් අය කෙරෙහි දක්වන උනන්දුව, ඔබව ආරක්ශා කිරීමට ඔවුන් දක්වන උනන්දුව ඔබගේ පව්ල්වල අයවෙත හුවා දැක්වීමට ද අප හැකි අයුරින් ක්‍රියාතමක වන්නෙමු. 

ඔබගේ පව්ලේ අය පවා යම් යම් දුශ්කරතා වලට ලක් වූ විට ඔබ මුස්ලිමෙකු ලෙස මුස්ලිම් සමාජයත් සමග එක්ව ඔවුන්ටද සහනයක් ලබා දිය හැකි සාඩම්බරයෙකු ලෙස පත් කරන්නටද අපි සුලුවෙන් හෝ උත්සහ ගන්නෙමු. 

ඔබගේ ඉස්ලාමීය වෙනසත්, මුස්ලිම් සමාජයේ යහ-ගුනයනුත් දහමේ සත්‍ය තාවයත් ඔවුන්ට සැබෑ ලෙසින්ම පෙන්වා ඔබ කරන දාවා කටයුත්ත පහසු කරවීමට අප උත්සහ ගන්නෙමු..

අපට කල හැක්කේ පහදා දිම පමණි. 

එය වටහා ගැනීම, පිළිගැනිම, ප්‍රතික්ෂේප කිරීම ද ඔවුන්ගේ ස්වාධින කැමැත්තය. 

තවද, අවශ්‍ය නම් ඕනෑම තරාතිරමක කෙනෙකු සමග වුවද මෙම කාරනාව සම්බන්දව සාකච්චා කර කරුණු පහදා දීමටද අප සුදානම් බව මෙහි සදහන් කරන්නෙමු.

ඉස්ලාමය තුල කිසිදු බලකිරීමක් නොමැත. එය පාරිශුද්ධ වූ කුරානය තුලින් දෙවිදුන් මෙසේ පවසා ඇත. (2:256) ඉස්ලාම ධර්මයෙහි කිසිදු බලකිරීමක් නැත.  

(එමගින් යහමග අයහමග පෙන්වාදීම පමනක් සිදුකරය්. අපට කල හැක්කේ ද ඒ සදහා උත්සහ ගැනීමක් පමණි).  

ඊලග පිටුව. සේවා අංක 12   

මෙම සේවාව ගැන ඔබගේ අදහස් අප වෙත ලබා දෙන්න.