තොරතුරු සංචිතයක්  

Database of new Muslims

  • කුමක්ද මේ නවක මුස්ලිම්වරුන් ගේ තොරතුරු සංචිතය ?
  • එවැන්නක ඇති අවශ්‍යයතාවය කුමක්ද ?
  • එය සුරක්ශිත මෙන්ම පෞද්ගලිකත්වය ආරක්ශා කරන්නක්ද ?

මෙම තොරතුරු සංචිතය සම්පූර්නයෙන්ම සෑම සාමාජිකයෙකුගේම පෞද්ගලිකත්වය 100% ම ආරාක්ශා වන අන්දමිනුත් කිසිම කෙනෙකුට එය සාමාජිකයාගේ මෙන්ම SRMI center හි අනුමැතියෙන් තොරව නිරීක්ශනය කිරීමට නොහැකි වන අන්දමිනුත් කිසිවෙකුට එය සොරකම් කිරීමට පවා නොහැකි වන අන්දමිනුත් සුරක්ශිතව පවත්වාගෙන යාමට අප බැදී සිටින්නෙමු.

මෙවැන්නක් මේ වන විට කිසි කෙනෙකු ලග නොමැති බවත් එවැන්නක් තිබීමේ අවශ්‍යයතාවයක් පවතින බවත් එයින් සාමාජිකයිට මහත් ප්‍රායෝජනයක් ඇති බවත් අප හොදින්ම වටහා ගෙන ඇත්තෙමු.

විවිධ වූ කාරනා සදහා සෘජුවත් වක්‍රවත් අප අතරමැදියෙකු ලෙසින් කටයුතු කරන හෙයින් ඔබගේ ඇතැම් තොරතුරු අප වෙත ලබා දී තිබීම මතුවට ඔබටම යහපතක් වීමට ඉඩ ඇත. සාමාජිකයින්ගේ අයදුම් පත පිරවීමේදී මෙම තොරතුරු ඔබට අප වෙත ලබා දීමට සිදුවේ

ඒවායින් කිහිපයක් පහතින් සදහන් වේ .

  1. අප සැම දෙනාම නවක මුස්ලිමුන් වශයෙන් ශක්තිමත් කණ්ඩායමක් ලෙස නැගී සිටීමට නම් අපට අප අතර පණිවිඩ හුවමාරු කර ගැනීමට උවමනා පහසුකම් තිබිය යුතුමය.
  2. ඇතැම් වීටෙක ඔබේ ඉස්ලාමීය අනන්යතාව තහවුරු කිරීමට වුවහොත් ඒ සදහා අවශ්‍යය පහසුකම් කල්තියා සූදානම් කර තැබීමද යහපත් යැයි අප ඔබට දැනුම් දෙන්නෙමු.
  3. ඔබගේ හදිසි වියෝවකදී ඔබ වෙනුවෙන් ඔබේ පව්ලේ උදවිය වෙත ඇතැම් විට ඔබ මෙතෙක් නොකී ඔබේ ඉස්ලාමීය පණිවිඩය ලබා දීමටත්,
  4. ඔබ මෙතෙක් හෙලි නොකල ඔබේ ඉස්ලාමීය අවසන් කැමැත්ත වැනි දෙයක්, උදාහරනයකට "අවසන් කටයුත්ත කෙසේ කල යුතුද යන ඔබෙ ලිඛිතමය පනිවිඩය ඔවුන් වෙත ලබා දීමත්",
  5. ඔබ ඔවුන් වෙනුවෙන් සූදානම් කර තිබූ ඔබේ ඉස්ලාමීය පණිවිඩය සහිත ලිපි හෝ හඩ පට හෝ වීඩියෝ පට ආදිය ඔවුන් වෙත ලබා දීමත්,
  6. ඔබට සම්පූර්න කරගත නොහැකි වූ එහෙත් ඔබ බලාපොරොත්තු වූ "ඉදිරි දාවා කටයුතු" ඔවුන් වෙනුවෙන් කරගෙන යාමටත්,. ආදී කටයුතු සදහා පෙර සූදානමක් ලෙසින් ඔවුන්ගේ තොරතුරු සහ ඔබේ තොරතුරු අප වෙත ලබා දී තිබීම ප්‍රයෝජනවත් විය හැකිබව ඔබට සිහිපත් කරන්නෙමු.
  7. ඉස්ලාමීය කටයුතු මැනවින් ඉටු කරන මුස්ලිම් මිතුරෙකු සමග සමීපව සිටීමට ඔබට හැකි සෑම විටකම උත්සහ ගන්න. ඔහු පිළිබඳව තොරතුරුත් අප වෙත දැනුම් දී තබන්න. එසේම අප ගැනත් ඔහුට දැනුවත් කර තබන්න. එය ඔබටම ප්‍රයෝජනවත් වන බව අප තරයේ විශ්වාස කරන්නෙමු.
  8. ඉස්ලාමීය ජීවන තත්වය උසස් කරවන විවිද වූ ක්‍රීයාකාරකම් වැඩමුලු සම්මන්ත්‍රණ සුහද හමු, පව්ලේ උදවිය වෙත දාවා කිරීමට ඉදිරිපත් වීම් මෙන්ම උපකාර කිරීම් සිදුකරන අවස්ථාවලදී ඔබලාව සොයා ගැනීම් සදහා වැනි කටයුතු වලට, ඔබලාව රට-රටවල් වශයෙන් හෝ පලාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන් හෝ නාගරික වශයෙන් හෝ ග්‍රාමීය වශයෙන් වෙන්කර හදුනා ගැනීමේ පහසුව පිනිස ඔබලාගේ ලිපිනයන් අප වෙත ලබා දෙන්න.
  9. විවාහ අවිවාහක හෝ වැන්දඹු තත්වය පමනක් නොව ඔබ විවාහයක් අපේක්ශාවෙන් සුදුසු සහකරුවෙක් සොයමින් ඉන්න කෙනෙක් නම් ඒ බවත් අප වෙත දැනුම් දෙන්න.
  10. ඔබ සිය කැමැත්තෙන් ඉස්ලාමය වැලඳ ගත් දිනය හෝ ආසන්න කාලය පිලිබදව දැනුම් දෙන්න.
  11. ඉස්ලාමය වැලඳ ගත් ස්ථානයත්, ඔබට ඉස්ලාමය ගැන වැඩි වශයෙන් දැනුම් ලබා දුන් සහ ඔබව උනන්දු කල පුද්ගලයා කුමන රටක කෙනෙක්ද යන්නත් අපට දැනුම් දෙන්න.
  12. ඉස්ලාමය වැලඳ ගැනීමට අදාලව ඇති "ශහාදා සහතිකය" ඔබ ලබා ගෙන තිබේ නම් එහි පිටපතක් අප වෙත ලබා දෙන්න. එවැන්නක් ඔබ ලග නැතිනම් ඒ බවත්, ඔබ ශහදා පැවසූ ස්ථානයත් අප වෙත දැනුම් දෙන්න. එය ලබා ගැනීමට අපි ඔබට උදව් කරන්නෙමු.

මේ ආකාරයේ විවිධ කාරනා සදහා මනා ක්‍රමවේදයකින් යුතුව කටයුතු කර නවක මුස්ලිම්වරුන් ආරක්ශා කිරීමටත් ඔවුන්ගේ කටයුතු පහසු කිරීමටත් ශක්තිමත් කණ්ඩායමක් ලෙස නැගී සිටීමටත් මෙවන් මධ්‍යස්ථානයක් සහ මෙවන් තොරතුරු සංචිතයක් තිබිය යුතුය යන්න අප මනාව වටහා ගෙන ඇත්තෙමු. 

බටම වෙන්වූ ඉතාම ආරක්ශාකාරී ලිපි බහාලනයක් අප පවත්වා ගෙන යන හෙයින් ඔබගේ සත්‍යය තොරතුරු අප වෙත ලබා දී තිබීම මතුවට ඔබටම යහපතක් වීමට ඉඩ ඇත.  

අප ඔබ සමග පුද්ගලිකව කරන සාකච්චා වල වැදගත් තොරතුරු අවශ්‍ය නම් යම් අවස්ඨාවලදී  ඔබගේ අනුදැනුම මත නීතිමය පදනමට අනුකකූලව ඔබගේත් අපගේත් ආරක්ෂාව සහ සුභසිද්දිය වෙනුවෙන් අප සටහන් කර තබා ගන්නෙමු. 

අප ගැන දැනුවත් වූ පසු හෝ අප ගැන ඔවුන්ව දැනුවත් කල පසු අප සමග සම්බන්ධ නොවන සහ සම්බන්ධ විමට අකමැති කිසිදු ශ්‍රී ලංකික නවක මුස්ලිම් වරයෙකු වෙනුවෙන් අප කටයුතු නොකරන්නෙමු. ඔවුන්ගේ අකමැති භාවය පමණක් අප සටහන්කර ගන්නෙමු.

ඊලග පිටුව. සේවා අංක 4

තොරතුරු සංචිතයක් 

මෙය ගැන පාඨක ඔබේ අදහස් සහ යෝජනා -චෝදනා ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.

Please give us your comments about this page.