About us

අප ගැන තොරතුරු බිඳක්..

මෙය ස්වේච්ඡාවෙන් නැවත හැරුනු ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් වෙනුවෙන් ස්ථාපනය කල  ස්වාධීන මධ්‍යස්ථානයකි. 

 මෙය ආගමික, අද්‍යාපනික හා සමාජ සුභ-සාධනය සදහා ස්ථාපනයකර පවත්වාගෙන යනු ලබන ලාබ නොලබන ස්වේච්ඡා සමාජ සේවා වැඩසටහනකි.

SRMI center හි සාමාජික අයදුම්පත නිසි පරිදී සම්පුර්ණ කර ලබා දුන් අය වෙත මෙමගින් මෙහි සදහන් සේවා පහසුකම් ලබාගත හැක. 


නැවත හැරුනු මුස්ලිම්වරුන් ගේ ස්වාධීන මධ්‍යස්ථානය -SRMI center ආරම්භ කල අප ස්වේච්ඡාවෙන් ඉස්ලාමය වෙත නැවත හැරුනු ශ්‍රී ලාංකේය පුරවැසියන්ය.

අපගේ වත්මන් විශ්වාසයට අනුව තම නිර්මාතෘ හෙවත් දෙවියන්ට අවනතව කටයුතු කිරීමේ ස්වභාවයෙන් ඉපදුනු අප, පසුව එම තත්වයෙන් මිදී වෙනත් ඇදහීම් වල නිරත වී හිඳ නැවත දෙවියන්ට හෙවත් තම නිර්මාතෘට අවනතව කටයුතු කිරීමේ තත්වයටම පැමිනීමත් සමග අප මුහුන පෑ ඇතැම් ප්‍රායෝගික ගැටලු මෙන්ම සමාජයේ සුලභ වූ එවන් නොයෙකුත් දුෂ්කරතාවයන්ද හඳුනාගෙන ඒවාට පිලිතුරු සොයා යාමේදී, එවන් දුෂ්කරතාවන්ට මුහුන පාන්නට සිදුවන අපගේ අනිකුත් නවක මුස්ලිම් සහෝදර සහෝදරියන් හටද ඒවා මගහැර හෝ ඒවාට පහසුවෙන් මුහුන දිය හැකිවන ලෙසින්ද ඉස්ලාම් ලෙසින් හඳුන්වන තමන්ගේ ස්ව කැමැත්තෙන් ප්‍රවිශ්ඨ වූද තමන්ට උපතින්ම උරුමවූද, තම නිර්මාතෘ වන දේවිදුන් විසින් අප වෙත ලබා දී ඇත්තාවූද එම ජීවන සැලැස්ම තුල අවභෝදයෙන් යුතුවද අනවශ්‍ය අපහසුතා වලින් තොරවද, සැබෑ දේව භක්තිකයෙකු ලෙස ජීවත් වීමට මග පෙන්වාදෙන ශ්‍රී ලාංකික නවක මුස්ලිම් අපට එකතු විය හැකි 'අපේම සංධිස්ථානයක්' ඇති කිරීමේ අරමුණ මා හට ඇතිවිය. එහි ප්‍රතිපලයක් ලෙස අප කිහිපදෙනෙකු විසින් මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පියවර තැබුවෙමු.

We are Sri Lankan citizens who have voluntarily reverted to Islam.

According to our current belief, we who were born with the nature of obeying our creator (God), later got rid of that situation and engaged in other faiths and came back to the same situation of obeying God. 

During this journey, we identified some practical problems that we face as well as various difficulties that are prevalent in society. Seeking answers to them, we (few) Sri Lankan reverted Muslims came forward with the aim of creating our own hub where our other new Muslim brothers and sisters facing such difficulties can face them with ease and knowledge.

In this endeavor, I hope that we as new Muslims (reverts) will live as open pious people in the plan of life -Islam, which we have inherited by birth and into which we have secondarily entered.

 

ඊලඟ පිටුව