නවක මුස්ලිම් සාමාජිකයන්ගේ ළිපි

New Muslim members' articles

ඔබ සම්බන්දව නම් මෙම ප්‍රශ්නයට පිළිතුර ක්‍ෂණයකින් ඔබේ සිහියට නැගෙනු නොඅනුමානය. නමුත් මෙය නැවත ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නයක් බව මම ඔබට ඉඟි කරමි.

'නැවත හැරිම' යනු කුමක්ද කියා පැහැදිලි කිරීමක් කරනවානම්, මෙය මගේ ඉරණම සම්බන්දයෙන් සිදුවූ සුවිශේෂම අවස්ථාවයි. මෙය ඔබටද පොදු විය හැක. එනිසා මෙ පිළිබඳව ඔබවත් දැනුවත් කිරීමට අදහස් කලෙමි.

පි එදිනෙදා විවිධ අවස්ථාවල විවිද පුද්ගලයන්ව සිහිපත් කරනවා. වැඩිවශයෙන් බෞද්ධයන් බුදුන් වහන්සේවද, කිතුනුවන් ජේසු (ඊසා අලෙය්) තුමාවද, මුස්ලිමුන් මොහම්මද් නබි (ﷺ) තුමාවද, සමහරු ක්‍රිකට් ක්‍රීඩකයන් වද, සමහරු නළු නිලියන්වද, රූපවාහිනී ගුවන් විදුලි පුවත්පත් වල නම් එදිනෙදාට ගැලපෙන අයුරින් විවිධ චරිතද ඉස්මතු කරලා සිහිපත් කරනවා.

මෙය විවිධ පැතිකඩ වලින් හදුන්වා දෙන්න පුළුවන්. අපි දන්නා තරම් ඈත අතීතය දක්වාම සහ මෙම පෘතුවිය තුල අප නොදන්නා ඉතිහාසයේ කෙලවර හෙවත් පෘතුවියේ ආරම්භය දක්වාම දිව ගියත් එදා මෙදා තුල පෘතුවිය තුල වූ සියළුම දෙයට වඩා බැබලුණා වූද, පෘතුවියෙහි අවසානය දක්වාම බබලන්නාවුද "මහා ප්‍රාතිහාර්ය" ලෙස මෙය හදුන්වදෙන්නත් ඔප්පු කරලා පෙන්නන්නත් පුළුවන්.

"ඔබේ මෙලොව සංචාරයේ අරමුණ සහ පරලොවෙහි ස්වභාවය කුමක් ද" යන්න පිළිඹදව ඔබට නියම වැටහීමක් නොමැතිව ඔබ දවසින් දවස ගෙවා දමන්නේ නම්, ඔබ ඔබ පිළිබඳවම පසුවට පසු තැවෙනු ඇත.