Our Team

ශ්‍රී ලාංකික නැවත හැරුනු මුස්ලිම්වරුන් ගේ ස්වාධීන මධ්‍යස්ථානය -'SRMI center' ආරම්භ කල අප ස්වේච්ඡාවෙන් ඉස්ලාමය වෙත නැවත හැරුනු ශ්‍රී ලාංකේය පුරවැසියන්ය. 

අපගේ වත්මන් විශ්වාසයට අනුව තම නිර්මාතෘ හෙවත් දෙවියන්ට අවනතව කටයුතු කිරීමේ ස්වභාවයෙන් ඉපදුනු අප, පසුව එම තත්වයෙන් මිදී වෙනත් ඇදහීම් වල නිරත වී හිඳ නැවත දෙවියන්ට හෙවත් තම නිර්මාතෘට අවනතව කටයුතු කිරීමේ තත්වයටම පැමිනීමත් සමග අප මුහුන පෑ ඇතැම් ප්‍රායෝගික ගැටලු මෙන්ම සමාජයේ සුලභ වූ එවන් නොයෙකුත් දුෂ්කරතාවයන්ද හඳුනාගෙන ඒවාට පිලිතුරු සොයා යාමේදී, එවන් දුෂ්කරතාවන්ට මුහුන පාන්නට සිදුවන අපගේ අනිකුත්  නවක මුස්ලිම් සහෝදර සහෝදරියන් හට ඒවා මගහැර හෝ ඒවාට පහසුවෙන් මුහුන දිය හැකිවන ලෙසින්ද 'ඉස්ලාම්' ලෙසින් හඳුන්වන තමන්ගේ ස්ව කැමැත්තෙන් ප්‍රවිශ්ඨ වූද තමන්ට උපතින්ම උරුමවූද, තම නිර්මාතෘ වන දේවිදුන් විසින් අප වෙත ලබා දී ඇත්තාවූද එම 'ජීවන සැලැස්ම' තුල අවභෝදයෙන් යුතුවද අනවශ්‍ය අපහසුතා වලින් තොරවද, සැබෑ දේව භක්තිකයෙකු ලෙස ජීවත් වීමට මග පෙන්වාදෙන ආයතනයක් මෙන්ම ශ්‍රී ලාංකික නවක මුස්ලිම් අප සියල්ලට එකතු විය හැකි 'අපේම සංධිස්ථානයක්' ඇති කිරීමේ අරමුණ අපහට ඇතිවිය. එහි ප්‍රතිපලයක් ලෙස අප මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පියවර තැබුවෙමු. 

මෙම කර්තව්‍ය අර්ථවත් සහ ශක්තිමත් කිරීමට නන් අයුරින් සහාය දුන් සහ තවදුරටත් අප සමග රැඳී සිටින අපගේ අනිකුත් සහෝදර කැළද ගෞරවයෙන් යුතුව මෙහිදී සිහිපත් කරන්නෙමු.

මෙම යහපත් වූ උත්සාහය අපගේ නිර්මාතෘ වන අල්ලාහ් දෙවිදුන් විසින් පිළිගනිත්වා!