Whatsupp Groups

SRMI center Whatsapp කණ්ඩායම නිර්මාණය කර ඇත්තේ එහි සාමාජිකයින්ව සජීවීව සම්බන්ධ කරගෙන ඔවුන් සියල්ල අතර පණිවිඩ හුවමාරු කර ගැනීමේ අරමුණින්ය. 

මෙම Web පිටුව, SRMI center හි Whatsapp කණ්ඩායමට එකතු වීමට බලාපොරොත්තු වන සහ දැනට එකතු වී සිටින සාමාජිකයින්ගේ දැන ගැනීම පිණිසයි.

සාමාජිකයින්ට උපදෙස් :-

  1. SRMI center Whatsapp කණ්ඩායමට ඇතුලත් කර ගන්නේ ඉස්ලාම් නොවන මාර්ග වල යමින් සිට තමාට තේරෙන වයසක දී ස්ව කැමැත්තෙන් ශහදා පවසා ඉස්ලාම් දහම අලුතින් වැලඳගත් ශ්‍රී ලාංකිකයින් පමණි. ඔවුන් කුමන ජාතිකයින් උනත්, කුමන භාශාව කතා කලත්, (ඉස්ලාමයට ලැදිව) කුමන දැනුම් මට්ටමකින් හිටියත් ඔවුනට අප සමග සම්බන්ධ විය හැකිය.
  2. එක් විශේෂිත හේතුවක් මත ඉදිරියේදී මුස්ලිම් පව්ලක උපන් (නවක මුස්ලිම් නොවන) කිසිදු ජමාතයකට සම්බන්ධ නැති, අන්තවාදී අදහස් නැති එක් ඉස්ලාමීය විද්වතෙක් පමනක් මෙම කණ්ඩායමට ඇතුලත් කිරීමට අප අදහස් කර ඇත.
  3. සාමාජිකයන් තොරතුරු හුවමාරු කරගන්නේ කන්ඩායමෙහි සිටින Admin වරුන්ගේ Inbox හරහා පමනි.
  4. මෙම කණ්ඩායමෙහි සිටින වෙනත් නොහඳුනනා සාමාජිකයන්ගේ Inbox වෙත අනවශ්‍ය පණිවිඩ යැවීම අප තහනම් කර ඇති අතර මෙම කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් එවැනි පණිවිඩ / messages පැමිණිය හොත් එහි Screen Shots  තමා හොදින්ම දන්නා Admin වෙත ලබා දෙන්න.
  5. මෙම ආදර්ශ කණ්ඩායමට කුමක් හෝ පණිවිඩයක් පැමිනියහොත් සියලු දෙනාම එය බලන ලෙස සියල්ලගෙන්ම අප ඉල්ලා සිටිමු. එවන පණිවිඩ ප්‍රමාණය හැකිතරම් අවම කිරීමට අප අදහස් කර ඇත්තේ මෙම ආදර්ශකණ්ඩායම තුල messages පිරීම හේතුවෙන් කිසිවෙකුට හෝ අපහසුතාවයක් සිදු නොවනු පිණිසය.
  6. කණ්ඩායමෙන් ඉවත් වීමට අදහස් කරන්නේ නම් ඒ බව තමාව කණ්ඩායමට හදුන්වා දුන් සාමාජිකයා හරහා ඔහු වඩාත් ම හොදින් හඳුනන Admin ගේ Inbox වෙත පණිවිඩයක් ලබා දී ඒ බව දන්වා සහ, ඔබව සම්බන්ද කරගැනීමට වෙනත් මාර්ගයක් ගැනද හදුන්වා දී "මම Admin ට දන්වා කණ්ඩායමෙන් ඉවත් වෙමි" යන වැකිය කණ්ඩායමට තුලට ඉදීරිපත් කර කණ්ඩායමෙන් ඉවත් වන්න. එසේ නොවුන හොත් ඔබ Whatsapp කණ්ඩායම පමනක් නොව, SRMI center ද හැර ගිය කෙනෙකු ලෙස සලකනු ලැබේ. ඔබ නොදැනුවත්ව කණ්ඩායමෙන් ඉවත් වී තිබුනා නම් එය දැනගත් වහාම කුමන අයුරකින් හෝ ඔබ අපව සම්බන්ධ කරගැනීමට වගබලා ගන්න.
  7. SRMI center හි සම්පූර්ණ සාමාජිකත්වය හිමිවන්නේ මෙම Whatsapp සාමාජිකයින් ද ඇතුලුව සෑම කෙනෙකුම පිරවිය යුතු අදාල අයදුම්පත පුරවා SRMI center වෙත ලබා දුන් පසුව බවත් මෙහිදී සිහිපත් කරන්නෙමු.
  8. අපගේ කණ්ඩායම් තුල පල කරන හඩපට හෝ Images, Documents ආදී කිසිවක් Admin වරුන්ගේ අවසරයකින් තොරව කණ්ඩායම් වලින් පිටතට මුදා හැරීම තහනම්ය.

නවක මුස්ලිම්වරුන්ගේ දැනුම් මට්ටම අනුව ඔවුන්ව වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් වලට වෙන් කර, ඔවුන් වෙනුවෙන් වෙනම Whatsapp groups නිර්මාණය කර එම සාමාජිකයින් හට ඒ ඒ මට්ටමින් දැනුම බෙදා දෙන වැඩ පිලිවලක් ද ආරම්භ කර ඇත්තෙමු.

අපගේ විවිධ වූ Whatsapp කණ්ඩායම් පහතින් දක්වා ඇත.

  • ආදර්ශ කණ්ඩායම්....
  • Whatsapp Class Room 
  • Whatsapp Up-date Group
  • Whatsapp Hadiths Group
  • Du'aa group
  • New members groups