අනිකුත් ඉස්ලාමීය මධ්‍යස්ථාන සමග බැඳීම්..

Associate with other Islamic centers

ඉස්ලාමය වැලඳගත් නවකයෙක් වූ ඔබ තනියම එහි ඉදිරි කටයුතුවල නියැලෙමින් තමා තුල ස්ව-සංවර්ධනයක් ඇති කරගැනීමට අදහස් කරන්නේ නම එයට කිසිසේත් අනුමැතිය දිය නොහැකිය. අප තනි වූ විට අපට නොදැනීම අප දහමෙන් දුරස් වනු නියතය. එනිසා නිසි මාර්ගයේ ගමන් ගන්නා තවත් ඉස්ලාමීය සහෝදර සහෝදරියන් සමගම මේ ගමන යා යුතුය. 

ඔබ ඉස්ලාම් පිළිබඳව වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගැනීමට අදහස් කල විට හෝ හජ් හෝ උම්රා කිරීමට අදහස් කල විට හෝ ඔබ අන් අයට දහම හදුන්වා දීමට (එනම් දාවා කිරීමට) ඉදිරිපත් වන විට, එසේත් නැතිනම් ඔබට උදව්වක් උපකාරයක් අවශ්‍යය වන වෙලාවකදි හෝ අපට ඔබව නිසි පුද්ගලයන් වෙත හෝ නිසි ඉස්ලාමීය මධ්‍යස්ථාන සමග සම්බන්දතාවය ඇතිකර දිය හැකිය.

ඔබ තනියම මෙවන් පුද්ගලයන්ව හෝ මෙවන් ඉස්ලාමීය මධ්‍යස්ථාන සොයා යාමට ඉදිරිපත් වුවහොත් නොදැනීම හෝ ඔබ වඩාත් සුදුසු තැන මගහැර යාමට හෝ එසේත් නැත්නම් වැරදි මාර්ග වල යමින් ඉන්නා පුද්ගලයන් හෝ සංවිධාන හෝ මධ්‍යස්ථාන වෙත සම්බන්ද වීමට ඉඩ ඇත.

එහෙයින් අපි ඔබව ඔබගේ අවශ්‍යයතාවයට අනුව නිසි පුද්ගලයන් සමග හෝ නිසි මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවය ඇති කිරීමට කටයුතු කරන්නෙමු. 

ඉදිරියේදී ශ්‍රී ලංකාව තුල ඇති අනිකුත් ඉස්ලාමීය මධ්‍යාස්ථාන සහ ඒවායේ ක්‍රියාකාරී පුද්ගලයන්ද මැනවින් හඳුනා  ගෙන ඔවුන් සමගද මනා සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් අපගේ සහාය ඔවුන් වෙත ලබා දී මෙන්ම, ඔවුන් ගේ සහාය අපත් ලබා ගෙන විශේෂයෙන්ම නවක මුස්ලිම් වරුන්ගේ සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට SRMI center  (නැවත හැරුනු මුස්ලිම්වරුන් ගේ ස්වාධීන මධ්‍යස්ථානය)  බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.  

ඉස්ලාමීය දැනුම ලබාගත හැකි සුදුසු WhatsApp groups, Web sites, facebook accounts වැනි දැ ගැන පවා අපි ඔබව දැනුවත් කරන්නෙමු.

ඒ වගේම, ප්‍රවේසම් විය යුතු කණ්ඩායම්, පුද්ගලයන් web sites ආදිය ගැන පවා අපි ඔබව දැනුවත් කරන්නෙමු. 

දෙස් විදෙස් ඕනෑම ඉස්ලාමිය මධ්‍යස්ථානයක් වෙතින් ඉස්ලාමය වෙත ස්වේච්චාවෙන් හැරුණු ඕනෑම සහ සෑම ශ්‍රී ලංකික නවක මුස්ලිම් වරයෙකු සමග සම්බන්ධ වීමටද අප බලාපොරොත්තු වන්නෙමු. අප ඒ ගැන අනිකුත් ඉස්ලාමීය මධ්‍යස්ථාන සමග තොරතුරු හුවමාරු කර ගැනීමටද බලාපොරොත්තු වන්නෙමු.


එසේ අනිකුත් ඉස්ලාමිය මධ්‍යස්ථාන සමග අන්තර් සම්බන්ධතාවය පවත්වා ගන්නා නමුත් අප කිසිදු ජමාතයකට/ කණ්ඩායමකට සම්බන්ධව හෝ වෙනත් කිසිදු මධ්‍යස්ථානයක අනු ශාඛාවක් ලෙසද කටයුතු නොකරන්නෙමු.

ඊලග පිටුව. සේවා අංක 9 

මෙය ගැන පාඨක ඔබේ අදහස් සහ යෝජනා -චෝදනා ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.

Please give us your comments about this page.