නවක මුස්ලිම් සාමාජිකයින්ගේ අදහස්..

New Muslim Member's Comments..  

Sahaama Rathnamali

Kuwait සිට ලියමි.

මාගේ ඉස්ලාමීය ගමනෙහි පණිවිඩය..

අසමසම දයාබර අපරිමිත කරුනාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

සියලු ප්‍රශංසා සර්වබලදාරී අල්ලාහ් දෙවිදුන්ට හිමිය.

තවද, දේව දූත මොහම්මද් තුමාට සහ එතුමාගේ පව්ලේ අයටත්, එතුමාව අනුගමනය කරන සියලුම දෙනාටත් අල්ලාහ් සුභානවතාලාගේ සාමය හා ආශිර්වාදය හිමි වේවා !

ඒ වගේම SRMI center වෙබ් පිටුව හරහා මට ඉස්ලාමීය පණිවිඩයක් තැබීමට අවස්තාව උදා කර දුන් සහෝදර සුදේශ් ගුරුතුමාටත් මෙම මධ්‍යස්ථානය ට මාව සම්බන්ද කල මගේ හිතවත් fපාතිමා සහෝදරියටත් අල්ලාහ් සුභානවතාලා  කුසල් ලබා දෙත්වා කියාත් මම ප්‍රාර්ථනා කරනවා.

පලමුවෙන්ම මම මුස්ලිම් කාන්තාවක් වීම ගැන මගේ සතුට ප්‍රකාශ කරන්න කැමතියි. ඉස්ලාමය දෙස බැලුවම එය ලොව එකම සත්ය ආගම බවට මම තරයේම විශ්වාස කරනවා. මුස්ලිම් නොවන ඔබත් මම කියන මේ කාරනා දෙක තුන ගැනවත් බුද්දියෙන් යුතුව බලන්න. එවිට මම සත්‍යයයි කියන ඉස්ලාමය ඔබත් සත්‍යය යැයි කියා පිලිගනී වි. In Sha Allah.

මේ අහස සහ පොලොවෙහි නිර්මානය දෙස මදක් බලන්න. රෑ දහවල් මාරු වෙවී අපට එලිය ලබා දෙන සූර්යයා දිහා බලන්න. අප පානය කරන ජලය දිහා බලන්න. අපේ ශරීරය දිහා බලන්න. මේවා කොහොම නිර්මාණය උනාද? ඉබේ ඇති උනාද? ටිකක් හිතල බලන්න.

මම පාරිශුද්ධ අල් කුරානය මගේ සිංහල භාශාවෙන් කියා බැලුවා.

මගේත්, වටපිටාවේත් නිර්මාතෘ වන සර්ව බලධාරි දෙවියන් (Allah) විසින් එම අල් කුරානය අපට යහමග පෙන්වා දීමට එතුමාගේ නබි (ﷺ) තුමා හරහා අපට ලබා දී තිබෙන බව මට මනාව පැහැදිලි උනා.

අපි අපේ නිර්මාතෘට අවනත විය යුතුයි. අප පැමිනියේත් එතුමන් වෙතිනුයි. අප මරනින් පසු යා යුතුව තිබෙන්නේත් එතුමා වෙතටමයි. එනිසා මෙතෙක් මෙය විශ්වාස නොකර, ගල් වැලි වලින් පිලිම හදාගෙන වැද නමස්කාර කරමින් ඉන්න මගේම සහෝදර හිතවතුනි, ඔබලා නොමගෙහි යන්නෙ නැතිව තමන්ගේම නිර්මාතෘ ගේ පනිවිඩයට අනුව තම ජීවිතය වෙනස් කරගෙන මෙලොවත් පරලොවත් ජයග්‍රහනය කරගන්න උත්සහ කරන්න. තමාවත් මේ වෙනකොට තමා නමස්කාර කරන පිලිම ලෙස ඇති ගල් වැලි හෝ මිනිසුන් හෝ වස්තූන් හෝ කුමක් හෝ යන සියල්ලත් නිර්මානය කල සර්ව බලධාරි දෙවියන්ට අවනතව තම ජීවිතය සකසා ගෙන මරනින් පසු යහපත් ස්වර්ගය උරුමකර ගන්න උත්සහ කරන්න. නොමගෙහි ගියොත් අවසානයේ අපාගත වී සදාකල් දුක් විදීමට ඉඩ ඇති බව වටහා ගෙන කටයුතු කරන්න. 

මෙයයි සත්‍යය වටහා ගත් නවක මුස්ලිම් මගේ ආයාචනය.

අල්ලාහ් හෙවත් අප සැමගේ හිමිකරු අපව ආරක්ශා කරත්වා !

මෙම SRMI Center ආයතනය නවක මුස්ලිම් අප වැනි අයට අල්ලාහ් සුභානවතාලා විසින් දුන් මහගු වරප්‍රසාදයක් යැයි මට හිතෙනවා.

අල් හම්දුලිල්ලහ් ! 

Kareemaa


"ඉස්ලාම් දහම සත්‍යයයි" කියල මම පිලිගන්නවා. 

ජීවිතය යනු කුමක්ද, එය පවත්වාගෙන යා යුත්තේ කෙසේද, මරනින් මතු ජීවිතය කුමන ආකාරයට දිග හැරෙන්නේද,.. ආදිය මිනිසා ඇතුලු මේ සියල්ලෙහි නිර්මාතෘ වන අල්ලාහ් සුභානවතාලා මෙම ධර්මය හරහා අපට මැනවින් පෙන්වා දී තිබෙනවා.

මුලදී මට දෙවියන් ගැනවත්, දෙවියන්ගේ ධර්ම දූතයන් ගැනවත්, දෙවියන්ගේ දහම ගැනවත් කිසිම දැනුමක් තිබුනේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මට ඉස්ලාම් දහමට ඇතුල් වෙන්න මග පෑදුනා. මෙම දහම තුලට පිවිසුනාට පසු මට අලුත් ජීවිතයක් ලැබුනාක් මෙන් හැඟෙන්න පටන්ගත්තා. අද මට එය දැනෙන්නේ හරියට අන්දකාරයෙන් ආලෝකයට පිවිසුනාක් මෙනි.  

වැරදි ආකල්පයන්ගෙන් ඈත් වී සත්‍යය මාර්ගය කුමක්දැයි වටහා ගැනීමට ලෝක වාසී සියල්ලටම හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි. 

දෙවියන්ගේ ඒකීයත්වයත්, දෙවියන්ගේ අවසන් දූතවරයානන්ගේ මග පෙන්වීමත් කෙරෙහි සාක්ශි දරන "ලා ඉලාහ ඉල්ලල්ලාහ් මොහම්මදුර්රසූලුල්ලාහ්" 

නැමති කලීමාව ස්ථිර කරමින්ම සිටින විටකදී මගේ මෙලොවින් සමුගැනීම සිදු වේවායි මම අධිෂ්ඨාන කරගෙන සිටිමි.

2.8.2017-(Reg No.62)

Abdurraheem Kuruppu


මට තිබුනේ මහත් දරදඬු අතීතයකි. එයින් මිදීමට වරෙක බෞද්ද හිමි නමක් වීමේ ආශාවද මට ඇති උනි. නමුත් අවසානයේ සත්‍යම දහම මට ලැබුනි. එනම්, වසර තිහකට පමන පෙර මම ඉස්ලාම් දහම වැලදගත්තෙමි. මගේ ජීවිතය උඩු යටිකුරු ලෙස වෙනස් කලේ ඒ දහමයි. විශ්වය මවා පාලනය කරන අල්ලාහ් සුභානවතාලාගේ දයාව මට පහල වීමත් සමගම මගේ ජීවිතය ඒකාලෝකමත් විය. ඉන්පසු මගේ මුලු ජීවිතයම මෙම සත්ය වූ ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමට යොමු උනෙමි. මට හැකි අයුරින් මම එය කලෙමි. අදටත් එයම මගේ ජීවිතයය කරගෙන සිටිමි. මම ඔබලා සියලු දෙනාටමත් පවසා සිටින්නේ මෙයයි, 

එනම්,  "ඔබේ නිර්මාතෘව අමතක කල උන් ලෙස ජීවත්ව හිද මේ ලෝකෙන් යන්න එපා....මොකද, ඔබ නැවත යන්නේ ඔබේ දෙවියන් වෙතමය. එනිසා ජීවත්ව ඉන්න කම් ඔබේ දෙවියන්ට කීකරුව ඔහුගේ දහම තුල ජීවත් වන්න. එයයි අපේ එකම ජය මාවත".

Fathima Rizmiya


කාලයත් අවකාශයත් ඒ අතර ඇති මේ විශ්වයන් ඇතුලු සියල්ලත් මවා පෝෂණය  කරමින් ද පරිපාලනය කරමින් ද සිටින සර්වබලදාරී අල්ලාහ් සුභානවතාලාගේ නාමයෙන් ආරම්භ කරමි.

මම,  "මුස්ලිම් කාන්තාවක්" වීම ගැන  ඉතාම සතුටු වන බව මුලින්ම කියන්න කැමතියි. මුස්ලිම් කෙනෙක් කියල කියන්නේ සර්වබලදාරී දෙවියන්ට යටහත්ව, අවනතව, කීකරුව ජීවත් වීමට උත්සාහ ගන්න කෙනාටයි.

ඉස්ලාමය ලොව පවතින සත්‍යයම දහම ලෙස මම පිලිගනිමි. එයට හේතුව නම්, එම දහම මනුෂ්‍යයෙකු නිර්මානය කල දහමක් නොව, එය මේ විශ්වයම නිර්මාණය කල දෙවිදුන් විසින්ම නිර්මාණය කල දහම නිසයි. 

  • මේ අහස පොලොව නිර්මාණය කලේ කව්ද? ......... 
  • අපට දහවල සහ රාත්‍රිය ලබාදෙන මේ ක්‍රමවේදය ඇති කලේ කව්ද?......... 
  • අප පානය කරන ජලය නිර්මාණය කලේ කව්ද?...........
  • කිසිම කුළුණක් නැතිව අහස ඔසවා තැබුවේ කව්ද?,........... 
  • කොටින්ම මාව නිර්මාණය කලේ කව්ද?,.... මේ වගේ ප්‍රශ්න මට අමතක වෙලා හිටියෙ.

මම කුවේට් රාජ්යයේ රැකියාවකට ආ පසු මට දෙවිදුන්ගේ ධර්ම උපදේශයක් ලෙසින් හදුන්වා දෙන "කුරානයෙහි" සිංහල පරිවර්තනයක් කියවන්නට අවස්ථාව ලැබුණි .

මගේ ජීවිතයත්, මගේ සිතුම් පැතුම් සහ මගේ ජීවන රටාවත් සුභදාය් අන්දමින් වෙනස් කරමින්, මා ඉහත සදහන් කල මට ඇතිවූ ප්‍රශ්න සියල්ලටත් පැහැදිලි පිලිතුරු ලබා දෙමින් ඉස්ලාමය හෙවත් දෙවිදුන්ගේ දහම සත්යම දහම බව මට සක් සුදක් සේ පසක් විය.

අපිව නිර්මානය කලේ දෙවිදුන්මය්. 

අපි පැමිනියෙත්, අපගේ නැවත ගමනාන්තයත් දෙවිදුන් වෙතමය්....

ඔහු අපට මෙලොව ජීවත් වීමට නිසි මග පෙන්වා දෙමින් ඔහුගේ අවසන් දේව දූතයානන් හරහා අපට ලබා දුන්නු දහම ඉස්ලාමයය්.

මෙතෙක් මෙම දහම ගැන සොයා නොබැලූ මගේ දයාබර සහෝදර සහෝදරියන්ගෙන්, මව්වරුන්ගෙන් පියවරුන්ගෙන් මම ඉල්ලා සිටින්නේ ඔබත් ඔබේම නිර්මාතෘ ඔබ වෙත එවා ඇති මෙම දහම ගැන නිවැරදි මාර්ග ඔස්සේ කරුනු කාරනා සොයා බලන්න කියලයි .

ඔබ ඔබේ නිර්මාතෘට ගරු බුහුමන් නොකර ඔහුගේ නිර්මාණ ලෙස ඇති ගල් වැලි උපයෝගී කරගෙන හැදූ පිලිම වෙත නැමදුම් කරන්නෙ මන්ද? ඒවායින් ඔබ ප්‍රාර්ථනා කරන්නේ මන්ද?. ඔබ මිනිසුන්ට වදින්නේ මන්ද, ඔවුනුත් දෙවියන්ගේ නිර්මාණ  මිසක් ඔවුන් දෙවිවරු නොවෙය් නේද?. දෙවිදුන් අපට නොපෙනුනාට ඔහු විසින් කල නිර්මාණ අපට පෙනෙනවා නේද? .ඔහු විසින් එවූ දේව පණිවිඩය (කුරානය) දැන් අපට පෙනෙන්නට තියෙනවා නේද?

ඔබ අන්දයෙක් ලෙස මුලා වෙලා මරනින් මතු අපාගත වෙන්නද හදන්නෙ. නිර්මාතෘව ප්‍රතික්ෂේප කිරීමත් ගස් ගල් වලට, මනුෂයන්ට දෙවියන්ට වඩා ගරු කිරීම හෝ නමස්කාර කිරීම පාපය නොවන්නේද?.

ඔබට ඔබේ නිර්මාතෘ ගෙන් ලැබුනු උපදෙස් වලට වඩා වෙන කාගේ උපදෙස්ද වටින්නෙ? මොහොතක් හිතන්න. නිර්මාතෘට අවනතවන්න. ඔහුගේ තෘප්තිය ලබාගෙන අවසානයේ භාග්යමත් ස්වර්ගය හිමිකරගන්න උත්සාහ කරන්න කියා මම නැවත ඔබලාට සිහිපත් කරමි.

සියලු ප්‍රශංසා අල්ලාහ්ටම හිමිය..

2017.07.30

Serifa


සියළු ලෝකයන් මවා පාලනය කරන්නාවූ අල්ලාහ් ගේ පරිශුද්ධවූ නාමයෙන් ආරම්භ කරමි.

මා 2004/8/24 දා ඉස්ලාම් ධර්මය වැලද ගත්තා. කුඩා කල සිටම මගේ හිතේ දේව භක්තිය තිබුනා. කුමන හෝ දුකක් කරදරයක් වූ විට දෙවියන් වහන්සේ අපිට පිහිට වෙන බව තරයේම විශ්වාස කලා. ඒ අතර 1991 දි මං සවුදි ගියා. එහිදී මට ගොඩක් කරදර වුනා. එදා මගේ දුක කියන්න හිටියෙ නොපෙනෙන දෙවියන් පමනමයි. කතරේ තනිවූ මගේ දෙනෙතින් ගැලු කඳුලු දැක්කේ නොපෙනෙන දෙවියන් පමනමයි. ත්‍රිවිධ රත්නයේ ගුණ කියමින් පිහිට ඉල්ලුවත් කිසිම පිහිටක් නොලද මා අන්ත අසරන වුනා. එහිදී, මට පලමු වරට අල්ලාහ් දෙවියන් වහන්සේ ගැන අහන්න ලැබුනා . කරකියා ගන්න දෙයක් නැති අසරනවී සිටි මා ඒ මග ඔස්සේ ගියා. දෙවියන් මට පිහිට උනා යයි මට හැගෙන්න පටන් ගත්තා. මට රැකියාව කිරීමට අලුත් නිවසක් ලැබුනා. ඉන්පසු මා නිතරම ඒ දෙවියන් කොයි වගේ කෙනෙක්ද කියල හෙව්ව. මට ඒ ගෙදර අය ඉතා කාරුණිකව හැම දේම කියා දුන්නා. පිරිසිදු වෙන හැටි, දෙවියන්ට නැමදුම් කරන හැටි ඉගෙන ගත්ත. දෙවියන් පිලිබඳ වත්, දෙවියන්ගේ ධර්මය පිළිබඳවත් පැහැදිලි වූ පසු සිහි නුවනින් යුතුව මම තීරනයක් ගත්තා. ඒ අනුව මම දෙවියන්ට කීකරු කෙනෙක් උනා. එනම්, මම මූස්ලිම් වුනා. මම ඉස්ලාම් භක්තිකයෙක් උනා.

අල්හම්දුලිල්ලා!. එදා සිට අද දක්වා නොයක් භාදක ඉදිරියේ නොසැලී ජීවිතේට මුහුන දෙනවා. එදා මට දෙවියන් ගැන කියා දීල යහමාර්ගය පෙන්නා දුන් සියලු දෙනාම ආදරයෙන් සිහිපත් කරමි. ඉන්පසු ධර්මය තව දුරටත් ඉගෙන ගත්තා.

මං අද භය නැතිව, එඩිතරවම ලෝකයට ඇහෙන්න කෑගහල කියන්න කැමතියි. "ලා ඉලාහ ඉල්ලල්ලාහ්"... එනම්, "නැමදීමට සුදුසු එකම දෙවියා අල්ලාහ් පමනයි" කියලා..

මාගේ සොයුරු සොයුරියනි..

මා ඔබට ආදරයෙන් කියන්නේ....

අවදියෙන් දෑස් විවර කර විමසිල්ලෙන් ලෝකය දෙස බලන්න. දෙසවන් යොමා අහන්න.. ඔබට ලෙඩ වූ විට පිහිට වූ, අතුරු ආන්තරා වලදී පිහිට වූ, එකම දෙවියා "අල්ලාහ්" ගැනම විස්වාසය තබන්න. ඔහුගෙන්ම ප්‍රාර්ථනා කරන්න. ඔබට ජීවිතයක් දුන්නු, ඔබට සෑම දෙයක් ම දුන්නු අල්ලාහ්ට ගරු බුහුමන් දක්වන්න. එසේ වී කලගුන සලකන මිනිසෙක් වන්න..දෙවියන්ට කීකරුවී අවනතවී ස්වර්ගයට දොර විවර කර ගන්න.

යා ආල්ලාහ්! ඔබ මට දැක්වූ කරුණාව මගේ සහෝදර ජනතාවටද දකවන සේක්වා..

ආමීන්.

මම සරීෆා...

සාරාහ් අමාණියා මෙන්ඩිස් 


අස්සලාමු අලෛයිකුම් ව'රහමතුල්ලාහි ව'බරකාතුහු!
සෞදි අරාබියාවේදි ඉස්ලාම් ආගම පිලිබදව දැන ගෙන මෙම ආගම මොකක්ද, මොන  වගේද යන්න බොහෝ සෙයින් සොයා බැලිමෙන් පසුව ඉස්ලාම් ආගම මා පිළිගත් අතර, නවක මුස්ලිම්වරියක් වශයෙන් මම අද ඉතාමත් තෘප්තිමත් ජිවිතයක් ගත කරනවා. 

මුස්ලිම් ( මු:මින් ) වරුන්ට මෙම ලෝකය සිරගෙයක් බඳු යැයි පවසනවා. එම නිසා මෙම ලොකයේ ඇති දුක් කම් කටොලු සියල්ල ඉවසා සිටිමින්, අල්ලාහ් සුභානවතාලා ගේ තෘප්තිය මත මරණින් මතු ජිවිතය ජය ගැනිම මගේ එකම ආසවයි. 

15.2.2018 

Aisha


අල්ලාහ් සුභානවතාලාගේ ඉස්ලාම් නම් තයාගය(හිදායත්) මට ලැබීම ගැන නම් ඇත්තටම හරිම සතුටුයි .

අල්ලාහ්වත් ඔහුගේ මලාය්කා (දේව දූත) වරුන්වත් අල්ලාහ් ගේ ධර්මයනුත් ඔහුගේ නබි වරුන්වත් අවසන් විනිශ්චය දිනයත් ඒ වගේම හොද නරක හැම දෙයක්ම සිදුවන්නේ අල්ලාහ් සුභානවතාලාගේ පෙර නියමයට බව හෙවත් කලා කදර් ලෙස හදුන්වන ඉරනම ගැනත් විශ්වාස කරලයි මම ඉස්ලාම් දහමට ඇතුල් උනේ.

මට කුරානයේ සිංහල පරිවර්තනයක් හම්බ උනා. මම එය ඉතා සීරුවෙන් කියවා බැලුවා. එය හරිම පැහැදිලියි. ප්‍රශ්න ගොඩකට එයින් පිලිතුරු ලබා දෙනවා මට පෙනුනා. සාදක ගොඩාක් සහිතව මේ ලෝක ගැනත් අපගේ ජීවිත ගැනත් මරනින් මතු ජීවිතය ගැනත් පැහැදිලි කර දෙනවා. ඉස්ලාම් දහම සත්‍යයයි  කියල පිලිගන්න කරුනු ගොඩාක් මට හම්බ උනා. 

අල්හම්දුලිල්ලාහ්. 

මම ඉස්ලාම් දහමට ඉතාමත්ම ඇලුම් කරමි.

20.8.2017- 


 නවක මුස්ලිම් සාමජික ඔබගේ ඉස්ලාමීය අත්දැකීම පිලිබඳ අදහස් අප වෙත යොමු කරන්න .