Sri Lankan Reverted Muslims' Independent Center 

ශ්‍රී ලාංකික නැවත හැරුනු මුස්ලිම්වරුන්ගේ ස්වාධීන මධ්‍යස්ථානය. 

අපගේ වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු

Welcome to our website

අසමසම දයාබර, අපරිමිත කරුනාන්විත අපගේ නිර්මාතෘ දෙවිඳුන්ගේ නාමයෙන් ආරම්භ කරමි. 

සියලු ප්‍රශංසා සර්වබලදාරී දෙවිදුන්ට හිමිය. තවද, දේව දූත මොහම්මද් තුමාට දෙවිඳුන්ගේ සාමය හා ආශිර්වාදය හිමි වේවා!

'නැවත හැරුනු මුස්ලිම්වරුන්' යනු කව්රුන්ද? 

නවක මුස්ලිම්වරු (New Muslims) යන නාමය හඳුන්වා දීමට වඩාත්ම සුදුසු වන්නේ නැවත හැරුනු මුස්ලිම්වරු (Reverted Muslims) යන වචනයයි.

මේ ලෝකයේ සෑම දරුවෙකුම උපදින්නේ තම නිර්මාතෘට අවනත වීමේ ස්වභාවික තත්වයෙන්මය. මෙය ඉස්ලාම් ධර්මයට අනුව ෆිත්රා යනුවෙන් හැදින්වේ. පසුව ඔවුන්ගෙන් සමහරෙක් තම දෙමාපියන්ගේ සහ වටපිටාවෙන් ලබන ආභාශය නිසා එම ස්වභාවයෙන් මිදී විකල්ප මාර්ග වල යන්නට නැඹුරු වෙයි. එයිනුත් කොටසක් මුලු ජීවිත කාලයම තම නිර්මාතෘට යටහත් වීමෙන්, අවනත වීමෙන්,  කීකරු වීමෙන් ඈත්වී හිඳම මෙලොවින් සමුගනී. එම නිසා ඔවුන් තමන්ගේම නිර්මාතෘව නොසලකා හැර, ප්‍රතික්ෂේපකර සිට මියගිය අය ලෙස සැලකිය හැක.

නමුත්, සමහරු මෙසේ සිටියදී තමා තමාගේම නිර්මාතෘ ගැනවත් අවභෝධයකින් තොරව හිදිමින් නිවැරදි මාර්ගයෙහි නොයන බව වටහාගෙන, තමා ඉපදෙන විට රැගෙන ආ තම නිර්මාතෘට අවනතව ජීවත් වීමේ ස්වභාවය වෙතම  නැවත (ආපසු) හැරෙමින් ඔවුන්ගෙන් තාවකාලිකව ඈත්වී තිබුනු එම ස්වභාවික තත්වයටම නැවත ඇතුල් වේ. ඔවුන් තමන්ගේත්, තම දෙමාපියන්ගේත්, ස්වභාවධර්මය ලෙසින් හඳුන්වන වටපිටාවේත්, මුලු මහත් විශ්වයේත් නිර්මාතෘද, අයිතිකරුද වන දෙවියන්ගේ අනපනත් වලට අනුව ජීවත් වීමට උත්සහ දරමින් තම නිර්මාතෘට නිසි අයුරින් ගරු බුහුමන් කරමින් හැකි තරම් තම නිර්මාතෘව ප්‍රශංසා කරමින් තම නිර්මාතෘ විසින් එවන ලද නබිවරුන් හෙවත් දූතවරුන්- මලායිකාවරුන්, ධර්මය, අවසන් දිනය සහ දෙවියන්ගේ තීන්දුවද විශ්වාස කරමින් තම අවසන් නබි වරයානන්ව අනුගමනය කරමින් ජීවත් වීමටද උත්සාහ ගනී. ඔවුන්ව සමාජය තුල බහුල වශයෙන් හඳුන්වන්නේ ඉස්ලාමය අලුතින් වැලඳ ගත් අය යනුවෙනි. නමුත් ඇත්තටම ඔවුන්ව හදුන්වා දීමට වඩාත්ම සුදුසු නාමය වන්නේ නැවත හැරුනු මුස්ලිම්වරු (Reverted Muslims) යන්නයි.

මේ අනුව ඔවුන්ව ඉස්ලාමයට අලුත් අය හෝ නවක මුස්ලිම් අය (New Muslim) ලෙස හෝ ඉස්ලාමයට හැරුනු අය (Converted to Islam) ලෙස හදූන්වා දිමට වඩා ඔවුන් නැවත හැරුනු මුස්ලිම්වරු (Reverted Muslims) ලෙස හදූන්වා දිම වඩාත් උචිත බව සටහන් කරමු. (නමුත්, පාඨකයන්ගේ පහසුව සඳහා අපද ඉදිරි පිටුවල නවක මුස්ලිම්වරු යන වචනය භාවිතා කර ඇත).

මෙම වෙබ් අඩවිය ඔවුන් මූලික කරගෙන සැකසුවකි.


මොහම්මද් (ﷺ) තුමාණෝ මෙසේ පැවසූහ; "තම නිර්මාතෘ හෙවත් දෙවියන්ව නැමදීමේ ස්වභාවික තත්වයෙන් තොරව කිසිදු දරුවෙකු උපදින්නේ නැත. නමුත් පසුව ඔහුව යුදෙව්වෙකු හෝ කිතුණුවෙක් හෝ ශරතුස්ත්‍රවාදියෙකු බවට පත් කරන්නේ ඔහුගේ දෙමාපියන්ය". (සහී මුස්ලිම්, පොත 033, අංක 6426)

WHO ARE "REVERTED MUSLIMS" ?

The most appropriate term to identify a New Muslim is Reverted Muslim.

Every child is born into this world with an instinct to obey and respect his creator- mentor which in Islam is called "Fitra". But some of them are diverted away from this main purpose and exposed to obey and follow alternative beliefs by following their parents. 

Some of them live and end their lives as disbelievers. 

But some, while thus come to the knowing of their own Creator, and realizing that they are not on the right path, revert to the nature of living in obedience to their Creator, and re-enter the same natural state from which they were temporarily alienated. They try to live according to the rules of God who is the creator and owner of themselves, their parents, the environment called nature, and the whole universe. They believe in God's messages, His messengers, God's angels, the last day, God's judgment, and predestination. And they try to live by following their last prophet.

They are generally known in society as new Muslims or converts to Islam. But the most appropriate name to introduce them is 'reverted Muslims' rather than new Muslims or converts to Islam.


This website is based on them.


The Prophet (ﷺ) also said; No babe is born but upon Fitra. It is his parents who make him a Jew or a Christian or a Polytheist. (Sahee Muslim 033- 6426)