ඔබ මවිත වන දේවල් කිහිපයක්..

සාමාන්ය මනුශ්යයෙකුගේ සිරුරේ ඇති සෛල ප්‍රමාණය 

සෛල  වර්ග 200ක් පමන ඇත.

වැඩුනු පිරිමියෙකුගේ සිරුරේ සෛල ට්‍රිලියන 36 (36,000,000,000,000) පමණද, කාන්තාවකගේ සිරුරේ සෛල ට්‍රිලියන 28ක් පමණද, අවුරුදු 10ක දරුවෙකුගේ සිරුරේ සෛල ට්‍රිලියන 17ක් පමණද ඇත.

ඊට අමතරව මිනිස් සිරුරේ සියලුම අවයවවල තවත් බැක්ටීරියා වර්ග දහසක් පමන ගනනින් ට්‍රිලියන 39 ක් පමණ සිරුර තුළ සහ ඒ මත ක්‍රියාත්මකව ඇත.

මිනිස් DNA 

එක මිනිසෙකුගේ DNA සියල්ල දිග නූලක් ලෙස සැකසුවොත් එය සම්පූර්ණ දිග කිලෝමීටර බිලියන 575කට ආසන්න වේ. (575,000,000,000 km). 

අපේ පෘථිවිය වටේ වට ලක්ශ 143 ක් එතිය හැකි තරම් දිගය. පෘතුවියේ සිට සූර්යයා වෙත 600 වතාවක් යන් එන ගමනක් මෙනි. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ විෂ්කම්භය මෙන් දෙගුණයක් පමණ දිග තරම්ය.


මිනිස් මොළයේ මතක ධාරිතාවය 

Scientific American සඟරාවේ ලිපියක සඳහන් කර ඇති පරිදි වැඩිහිටි මිනිස් මොළයට ගිගාබයිට් මිලියන 2.5 කට සමාන මතකයක් රැස් කර ගත හැකිය. iPhone 8plus දුරකථනයක ගබඩා ධාරිතාව 256GB කි. එනම් ඔබේ මොළයේ මතක ගබඩා ධාරිතාවය iPhone 8plus වැනි දුරකථන 1,000 කට ආසන්න ගබඩා ධාරිතාවයකට සමානය. 

 මොළයේ සෛල 

නව පර්යේෂණ වලට අනුව සාමාන්‍ය පිරිමි මොළයේ සෛල බිලියන 171 (171,000,000,000) ක් පමණ ඇත. එයින් බිලියන 86 ක් පමණ නියුරෝන  සෛලය. (නියුරෝන යනු මොළය පුරා සංඥා සම්ප්‍රේෂණය කිරීමට උපකාර වන සෛල වේ)  

රතු රුධිර සෛල 

සෑම තත්පරයකටම රතු රුධිර සෛල මිලියන 2ත් 3ත් අතර ප්‍රමාණයක් ඇට මිදුළු තුළ නිපදවා සංසරණයට මුදා හරිනු ලැබේ.  තත්පරයක් තුල එවැනිම රතු රුධිර සෛල ප්‍රමාණයක්  මිය යයි.

වරකට පිරිමි ශුක්‍රාණු කීයක් මුදා හරිනවාද?


සාමාන්‍යයෙන් පිරිමින් ශුක්‍රාණු පිට කරන සෑම අවස්ථාවකම ශුක්‍රාණු මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් මුදාහරිනවා. (100,000,000)

කාන්තාවකගේ ඩිම්බය සංසේචනය කිරීමට අවශ්‍ය වන්නේ එක් ශුක්‍රාණුවක් පමණි. 

සාමාන්‍ය මිනිස් හිසක කෙස් වල දිග.


විද්‍යාඥයින් විශ්වාස කරන්නේ හිසකෙස් වසරකට අඟල් 6ක් පමණ වර්ධනය වන අතර සාමාන්‍ය හිසක කෙස් 100,000ක් පමන ඇති බවයි. 

ඉතින්, අවුරුදු 67.2 ක සාමාන්‍ය ආයු කාලයක් ගන්න. 6 x 100,000 x 67.2 අඟල් 40,320,000 ට සමාන වන අතර එය 1,000 km ක් පමණ වේ.

ශ්‍රි ලංකාව වටා ඇති දුර මීට ටිකක් විතර වැඩිය. එනම් එය 1,340 km කි. 

මුහුදු අශ්වයන්  

පිරිමි සහ ගැහැණු මුහුදු අශ්වයන් ආලය කිරීමට කාලය ගත කළ පසු, ගැහැණු සතා තම බිත්තර පිරිමි සතාගේ බෑගය තුළ තැන්පත් කරයි. එවිට පිරිමි සතා පසුම්බිය තුළ බිත්තර සංසේචනය කරයි. මෙය සත්ව රාජධානියේ අද්විතීය අනුවර්තනයකි. 

වරකට මුහුදු අශ්වයෙක් දින 25ක ගැබ් කාලයකට පසු පැටවුන් 2000 ක් පමන ප්‍රසූත කරයි.

32:7, 8, 9, 

ඉහතින් සඳහන් කලේ අප මවිතයට පත් කරන අපට පිලිගත හැකි කුඩා නිර්මාණ කිහිපයකි. ඇත්තෙන්ම පුදුමයි. අදහාගත නොහැකියි. නමුත් ඒවා ඇත්ත බව අද තාක්ෂණය මගින් තහවුරු කර ඇත.

පහතින් සඳහන්ව ඇත්තේ අප මවිතයට පත් කරන අපට පිලිගත හැකි සහ අපගේ සාමාන්ය බුද්ධියට ග්‍රහණය නොවන අදහා ගත නොහැකි නිර්මාණ කිහිපයකි.

සූර්යයා  ගේ විශාලත්වය 

සූර්යයාගේ  විෂ්කම්භය කිලෝමීටර් මිලියන 1.39 පමණ වේ. මෙය පෘථිවියේ විෂ්කම්භය මෙන් 109 ගුණයක් පමණ වේ. සූර්යයාගේ බර පෘථිවිය මෙන් 333,000 ගුණයක් පමණ වේ. සූර්යයා කොතරම් විශාලද යත් පෘථිවිය මෙන් ග්‍රහලෝක මිලියන 1.3ක් පමණ එහි අභ්‍යන්තරයට ගැලපේ.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත්වය

අපගේ සෞරග්‍රහ මණ්ඩලය කෙතරම් විශාලද යත්, ඔබ කිලෝමීටර් හෝ සැතපුම් වැනි සාමාන්‍ය ඒකක භාවිතා කරන්නේ නම් එහි ප්‍රමාණය සිතාගත නොහැකි තරම්ය. පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර කිලෝමීටර් මිලියන 149ක්, නමුත් ඈතම නෙප්චූන් ග්‍රහලෝකයට ඇති දුර කිලෝමීටර් බිලියන 4.5ක පමණ වේ. සෞරග්‍රහ මණ්ඩලයේ විෂ්කම්භය කිලෝමීටර බිලියන 287 කි. 

අපේ මන්දාකිණිය 

ක්ෂීරපථය යනු තාරකා, දූවිලි සහ වායු විශාල එකතුවකි. එය සර්පිලාකාර මන්දාකිණියක් ලෙස හඳුන්වන්නේ ඔබට එය ඉහළ හෝ පහළ සිට බැලීමට හැකි නම්, එය කැරකෙන පින්වීලයක් ලෙස පෙනෙන බැවිනි. සූර්යයා මන්දාකිනියේ මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 25,000 ක් පමණ දුරින් සර්පිලාකාර බාහුවක පිහිටා ඇත. 


ආලෝකයේ වේගයෙන් ක්ෂීරපථය තරණය කිරීමට වසර 100,000 ක් ගතවනු ඇත. 

ආලෝකයේ වේගය

චලනය වන ප්‍රභවයකින් ලැබෙන ආලෝකය තත්පරයට කිලෝමීටර් 300,000 ක වේගයෙන් ගමන් කරයි. 

(සූර්යයාගෙන් නිකුත්වන ආලෝක කදම්භයක් තත්පරයට කිලෝමීටර ලක්ශ තුනක වේගයෙන් කිලෝමීටර මිලියන 150 ක දුරක් තත්පර 500 කදී ගමන් කර පෘතිවියට ලඟා වේ). 

ආලෝක වර්ෂය යනු ආලෝකය වසරක් තුළ ගමන් කරන දුරයි. 

මන්දාකිණි ට්‍රිලියන දෙකක්....

ඉහතින් දක්වා අත්තේ අපගේ ක්ෂීරපථ මන්දාකිණියේ විශාලත්වය පෙන්වන තොරතුරුය. විශ්වයේ (පලමු අහසේ පමනක්) මෙයට වඩා කුඩා හෝ විශාල මන්දාකිණි කීයක් පමන තිබේද?

මෑත කාලීන ඇස්තමේන්තු අපට පවසන්නේ නිරීක්ෂණය කළ හැකි (පලමු අහසේ හෙවත් විශ්වයේ) මන්දාකිණි ට්‍රිලියන දෙකක් පමණ තිබිය හැකි බවයි.

මන්දාකිණි ට්‍රිලියන දෙකක් ලෙස පවසන්නේද දළ ඇස්තමේන්තුවකිනි. විද්‍යාඥයන්ට තවම එහි නිශ්චිත අගයක් සොයා ගැනීමට අපහසු වී ඇත.

James Webb Space Telescope

ජේම්ස් වෙබ් දුරේක්ශයට දැකගත හැකි දුර ලෙස විශ්වයේ ප්‍රථම දීප්තිමත් වස්තූන් (තාරකා සහ මන්දාකිණි) සෑදෙන අවස්ථාව ලෙස හඳුන්වයි. එනම් BIG BANG හි මුල් අවස්ථාවය.

ඉහතින් සඳහන් කර ඇති කාරනා පුදුම උනත් තාක්ශනයේ දියුණුවත් සමග මිනිසාට එම කරුණුවල සත්‍යයතාවයන් තහවුරු කරගන්නට හැකිව තිබෙනවා. 

ඒ වගේම අප විසින් වර්තමානයේදී තහවුරු කරගන්නා වූ ඇතැම් සුවිශේෂී කාරනා ගැන තාක්ෂණය අඩු ඉතිහාසයේ සිටි ඇතැම් සුවිශේෂී පුද්ගලයන්ගේ දේශනා වල සදහන්ව තිබෙනු දැකිය හැක. ඒවා ඔවුන්ට විශේෂ ආකාරවලට ලැබුනු දැනුම් ලෙස අප විශ්වාස කරන්නෙමු.

එවැනි සුවිශේෂී දැනුම් සහිතව සිටි පුද්ගලයන් ලෙස බුදුන්වහන්සේ, මොහම්ම්ද් (සල්) නබි තුමා, ඊට අමතරව ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයින් සහ තවත් එවැනි අය කිහිපදෙනෙක්ව සදහන් කල හැකිය. 

සමහර තොරතුරු අල් කුරාන් සහ හදීස්, ත්‍රිපිටකය, බයිබලය, වේදාස් උපනිශද් වැනි හින්දු ග්‍රන්ථ, තව්රාත් වැන් යුදෙව් ග්‍රන්ථ වැනි ආගමික ග්‍රන්ථ වල විශේෂයෙන්ම සඳහන්ව තිබෙනු දැකිය හැක. එනම් ඒවා පිටුපස යම් සැඟවුනු කාරනාවක් ගැබ්ව ඇතැයි සාධාරනව සිතන්නෙකුට වටහා ගත හැක.

විවිධ ආගමික මූලික ග්‍රන්ථ සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කර බැලුවහොත් සාමාන්ය මනුෂ්‍යයන්ට ග්‍රහණය කරගත නොහැකි එවැනි කරුණු විශ්වය සහ ඉන් එහා ඇති දේ ගැන දන්නා තැනකින් ලැබුණු තොරතුරු බව ප්‍රතය්‍යක්‍ෂ වෙයි. විවිධ ආගමික ග්‍රන්ථ තුලින් එහි මුල් ස්වභාවයෙන්ම පවතින එකම ග්‍රන්ථය ලෙස අල් කුරාණය සදහන් කල හැකිය. අනිකුත් ග්‍රන්ථ ධර්මය පහල වූ හෝ දේශනා කල ස්වභාවයෙන්ම ලිඛිත වූ බවක් දකින්නට නොමැතිකම එක්තරා කණගාටුවට කරුණකි. නමුත් යම් යම් කරුණු සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමට ඒවාද යම් අයුරකින් ප්‍රයෝජනවත් වන අවස්ථා ඇත.

අල් කුරාණය සහ හදීස් තුල අද ලොව තුල කතා කරන මෙම විශ්වය (හෙවත් පලමු අහස)ට එහායින් මිනිසාට ග්‍රහණය කර ගත නොහැකි බොහෝදේ පිළිබඳව හෙළිදරව් කර ඇත. අනාගත විද්යාඥයන්ට ඒවා පිළිබඳව සොයා බැලීමට ඉඩ හරිමින් දැනට එම ග්‍රන්ථ වල ඉදිරිපත් කර ඇති කරුණු කිහිපයක් පහතින් සඳහන් කර ඇත.

දෙවියන්ගේ දේව දූත මලායිකාවරුන්ට ආලෝකයේ වේගයට වඩා "නිමේශයකින්" ගමන් කල හැකිය.

උදාහරනයක් ලෙසට ජිබ්රීල් (අ.ස.) කිහිප වතාවක්ම අහස් හතටත් ඉහල සිට මොහම්මද් නබි (ස.ල්) තුමා හමුවට පැමිනීම සදහන් කළ හැකිය.

ආරම්භයේදී එකට එක්කාසු වී තිබුණු අහස්ද, භූමියද අපිම වෙන්කර තැබුවෙමු යන්නද, පණ ඇති සෑම දෙයක්ම ජලයෙන් උත්පාදනය කළෙමු යන්නද (මොහම්ම්නද් නබි තුමානන්ගේ උගැන්වීම්) විශ්වාස නොකරන්නන් අවධානය කල යුතු නොවන්නේද? (මේ සියල්ල අප ගේ මැවීම් බව) ඔවුන් විශ්වාස නොකරන්නෙහුද? [අල් කුරාන් 21:30]

7:54 / 32:5 /

අර්ෂ් (العرش) හෙවත් අල්ලාහ්ගේ රාජාධානිය ('the Throne of Allah') දේව දූතයන් 4 දෙනෙකු විසින් උසුලාගෙන සිටින අතර, විනිශ්චය දින ඔවුන්ගේ ගනන අටක් වනු ඇත.එසේම අර්ෂ් වටා සිටින දේවදූතයන් ගණන දන්නේ අල්ලාහ් පමණි.