Welcome Desk for New Muslims

නවක මුස්ලිම්වරු සුහදව පිලිගැනීම

  • නවක මුස්ලිම්වරුන් ව සාදරයෙන් පිලිගන්නා මධ්‍යස්ථානයක අවශ්‍යයතාවය කුමක් ද?
  • ශ්‍රී ලංකාවේ තවත් එවන් මධ්‍යස්ථාන නැද්ද?
  • SRMI center හි විශේෂත්වය කුමක්ද?

අද ලෝකයේ විවිධ ප්‍රදේශ වල සිට ඉස්ලාම් දහම වැලඳගන්නා පිරිස අතර ශ්‍රී ලාංකිකයින් සුළු පිරිසක් ද අපට හමුවේ. ශ්‍රී ලංකාව තුල සිට හෝ පිට රටක සිට ඉස්ලාම් දහම වැලඳගත් ශ්‍රී ලාංකිකයින් තනි තනිව ගත් කල ඔවුන්  පොදුවේ ඊලගට වහාම මුහුන දෙන ගැටලු කිහිපයක් ලෙස පහත සඳහන් කරුණු පෙන්වා දිය හැක.

  • "මම ඉස්ලාම් දහම පිලිබදව අධ්‍යයනය කරන්නේ කෙසේද?
  • ඒ සදහා සුදුසු පොත් පත්, සුදුසු පුද්ගලයන්, සුදුසු පාසලක් සොයා ගන්නේ කෙසේද?
  • ඒ වගේම ඉස්ලාම් දහම වැලද ගැනීමත් සමග මට මුහුන පාන්නට වු සහ මුහුන පාන්නට වන ගැටලු පිලිබදව සාකච්චා කරන්නේ කා සමගද?
  • මගේ පවුලේ අයට තමාගේ නව ඇදහීම ගැන, මෙම දහම ගැන පහදා දීමට උදව් ඉල්ලන්නේ කාගෙන්ද? .. 

මෙහිදී ඔවුන් නිරායාසයෙන්ම කරනුයේ හෝ ඔවුනට කරන්නට සිදුවන්නේ ..

  • මුස්ලිම්වරුන් ලෙස පෙනෙන අය වෙත හෝ ඉස්ලාමීය මධ්‍යස්ථාන ලෙස නාම පුවරූ ඇති කුමන හෝ මධ්‍යස්ථානක් වෙත පිය මැනීම,
  • තමා නොදන්නා අන්තර්ජාලය තුල සැරිසැරීම,
  • එසේත් නැත්නම් අතට අහු උනු පොත් පත් කියවීම,
  • එසේත් නැතිනම් මෙම කාරනාව කල් දැමීම හෝ එයට නැවතීමේ තිත තැබීමය. මේ සැම කාරනාවක් තුලම අවදානමක් ඇති බව SRMIC හි අපි වටහා ගෙන ඇත්තෙමු.

නවක මුස්ලිමෙකු වූ ඔබ මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න.

  • ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුලද ඉස්ලාම් දහමේ කරුනු නිසි පරිදි අවභෝද කර නොගෙන, එහෙත් තමන් නිවැරදිය් කියමින් හැසිරෙන (ඇතැම් විට යම් යම් සමාජ පමනක් පිලිගත්, එහෙත් ඉස්ලාමීය උගතුන් ලෙස පෙනෙන) මුස්ලිම් අයද, අඩු දැනුම සහිත වූ බොහෝ මුස්ලිම් වරුද ඇත.
  • නිසි කළමනාකරනයක් නැති, ඉස්ලාම් උගැන්වීම් වලට බැහැරින් යන විවිධ අරමුණු වෙනුවෙන් ගොඩනගා ගත් ඉස්ලාමීය සංවිධානද අද ලොව පුරා ඇත.
  • ඉස්ලාමයට පිටින් යන "බිදාත්' වල යෙදෙන බොහෝ පිරිස් වලින් සැදුම් ලත් විවිධ නම් වලින් සාදාගත් "ජමාත්' වලද අඩුවක් නැත.
  • සැබෑ වශයෙන් ම නවක මුස්ලිම් වරුන් වෙනුවෙන් කටයුතු කිරීමට වෙලාවක් නැති සහ (හෝ) උවමනාවක් නැති ඉස්ලාමීය සංවිධානද ඔබටද හමුවිය හැක.

ඔය අතර බොහෝම වටිනා, සුහදශීලී මෙන්ම දහම තුල නිවරැදිව ක්‍රියාත්මක වන ඉස්ලාමීය සංවිධානද, මුස්ලිම් විද්වතුන්ද, කුඩා කණ්ඩායම්ද, තනි තනි අය වශයෙන්ද යම් පිරිසක් ශ්‍රී ලංකාව තුල මෙන්ම ලංකාවෙන් පිටද සිටීම සතුටට කාරනාවකි.

නිසි වැඩපිලිවෙලක අවශ්‍යයතාව මැනවින් වටහා ගත් අපේ යුතුකම...

  • ඉස්ලාමය වෙත හැරුනු ඔබ, දහම තුලත් සමාජය තුලත් අනාථ වීමට නොදී, ඔබව නිසි අයුරින් පිළිගෙන, ඔබේ අවශ්‍යාතාවය මැනවින් වටහාගෙන, එයට අවශ්‍යය පිලියම් යෙදීමට SRMIC ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනු ඇත.

මෙහි කාර්යයමන්ඩලයද ඉස්ලාමය වැලඳගත් නවක මුස්ලිම්වරුන්ම වන හෙයින් ඉස්ලාමය වැලඳගත් ඔබේ සිතුවිලි සහ ඔබේ අවශ්‍යයතාවයන් වඩාත් හොදින් හඳුනා ගනී..

ඊලග පිටුව. සේවා අංක 2 

මෙය ගැන පාඨක ඔබේ අදහස් සහ යෝජනා -චෝදනා ඇත්නම් අප වෙත දැනුම් දෙන්න.

Please give us your comments about this page.