Funeral Aid Committee 

අවමංගල්‍යාධාර කමිටුව

සේවා අංක 1.

සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ පව්ලේ අයගේ අවමංගල්‍යය කටයුතු සඳහා යම් මුදලක් ලබාදීම මෙහි අරමුණයි.

  1. මේ සදහා කැමති අයට, කැමති වෙලාවක සහභාගී විය හැක. සහභාගී වන අය අතරෙහි පමනක් මෙහි ප්‍රතිලාභ බෙදී යනු ඇත. 
  2. තම පව්ලේ සමීපතම අය අතරින් ඔබ අදහස් කරන පුද්ගලයන් කිහිප දෙනෙකු (මව, පියා, සහකරු හෝ සහකාරිය, දරුවන් යන අය) වෙනුවෙන් වුවද  ඉදිරිපත් විය හැක. මෙය එක්තරා ආකාරයක රක්ෂණාවරණයක් වැනිය. 
  3. එක් පුද්ගලයෙකුගේ මල ගෙදරක් වෙනුවෙන් දායක මුදල රුපියල් දෙදහසකි. දෙදෙනෙකු නම් කරන්නේ නම් රු.2000/- x 2 = රු.4000/- ලෙසය. 
  4. දුරස්ත නෑදෑයින් සම්බන්ද කිරීමෙන් වලකින්න. මන්ද යත් මෙම සෑම මරනයකදීම සාමාජිකය්න්ට ද රු.2000/- බැගින් ලබා දීමට සිදුවන නිසා.
  5. යම් සාමාජිකයෙකුගේ හෝ මෙයට ඇතුලත් කර ඇති පව්ලේ වෙනත් සාමාජිකයෙකුගේ මරණයක් වූ විගස මුලු සාමාජිකයන් ගනනින් කල් තියා එකතු කර තැබූ මුදලක් ඉතා ඉක්මනින් එම මලගෙදරට ලබාදීම මේ කටයුත්ත හරහා සිදුවේ. උදාහරනයක් ලෙසින් :- තමා ඇතුළුව තුන් දෙනෙකු වෙනුවෙන් නම් (රු.2000/ x 3) = රු.6,000/- ක් කමිටුවට ලබා දිය යුතුය. ඔවුන් ගේ නම් සහ නෑදෑ කම ඉදිරිපත් කල යුතුය. එම තුන් දෙනා ගෙන් කුමන පුද්ගලයාගේ මරනයක් සිදු වුවත් එම අවස්ථාවේ අප කන්ඩායමෙහි සාමාජිකයින් 25 දෙනෙකු මුදල් ලබා දී තිබුනා නම් (25 x 2000/- ලෙස)  රු.50,000/- ක් මලගෙදර කටයුතු සඳහා ඉතා ඉක්මනින් ලබා දෙනු ඇත. 
  6. යම් කෙනෙකුගේ මරනයක් වන තෙක් කමිටුවට භාර දිය යුතු වන්නේ පව්ලක එක් අයෙකු වෙනුවෙන් රුපියල් දෙදහසක් පමනි. කන්ඩායමෙහි කුමන සාමාජිකයා සම්බන්ධව හෝ මලගෙයක් ඇති වුවහොත් එයට පසු සාමාජිකයන් සියලුම දෙනා විසින් නැවත රුපියල් දෙදහස බැගින් කමිටුවට භාර දිය යුතුය.  
  7. මරනයක් වූ විට ගෙවීම සිදු කරනු ලබන්නේ අප කණ්ඩායමේ සිටින සාමාජිකයන් ගනනට අදාල මුදලක් මිස ඔවුන්ගේ පව්ලේ සාමාජිකයන්ද ඇතුලුව ගනන් බලා සම්පූර්න මුදලක් නොවේ. එයට හේතුව නම් මරනයක් වූ පසු නැවත රු.2000/- බැගින් ගෙවන්නේ අප කණ්ඩායමෙහි සිටින සාමාජිකයන් පමනක් වන හෙයිනි .
  8. එක වර එක පව්ලක මරන කිහිපයක් සිදු වුවහොත් තමන් මේ සදහා ඉදිරිපත් කර ඇති සාමාජිකයන් ගනනට හිමිවිය යුතු උපරිමයටද යටත්ව සහ එම අවස්ථාවේ කමිටුවෙහි එකතු වී ඇති මුලු මුදල ගනන් බලා එමගින් මලගෙදර කටයුතු වෙනුවෙන් උපරිම මුදල් දීමනාවක් ලබා දීමට පියවර ගනු ලැබේ. උදාහරනයකින් පහදනවා නම්, මෙහි සිටින සාමාජිකයන් 25 දෙනෙකු ගෙන් එක් සාමාජිකයෙකු තම පව්ලේ පස් දෙනෙකු වෙනුවෙන් (2000/- x 5) = 10,000/- දී සම්බන්ධ වී සිටින විට අනිකුත් 24 දෙනාම එක්කෙනෙකු වෙනුවෙන් පමනක් ලෙස එනම්, 24 x 1 x 2000/- = රු.48,000/-ක් දී තිබුනා නම් එවිට කමිටුවෙහි ඇති මුලු මුදල (10,000/ + 48,000/) එනම් රු.58,000/- ක් පමනි. මෙම අවස්ථාවේ පස් දෙනෙකු වෙනුවෙන් දායකත්වය දී ඇති කෙනාගේ 4 දෙනෙකු මිය ගියත් කමිටුවට ලබා දිය හැක්කේ ඒ වන විට එහි එකතු වී ඇති උපරිමය වන රු.58,000/- පමනි. යම් විදිහකින් වැඩිපුර මුදල් එකතු වී තිබුන හොත් එවිට ඉහත කී මිය ගිය 4 දෙනෙක් වෙනුවෙන් දිය යුතු උපරිම මුදල වන රු.200,000/ ක් දක්වා වුවද ලබා දිය හැක.
  9. සම්බන්ධ වී ඇති සාමාජිකයන් ගනන සහ ඔවුන්ගේ පව්ල්ව්ල අය ගනන මෙහි යාවත්කාලීන (Update) කරනු ලැබේ.
  10. මුදල් තැම්පත් කිරීම සදහා CFCC ගිනුම් අංකය භාවිතා කරන්න. Center For Conscious Community. BOC. Acc; 85342850
  11. යම් සාමාජිකයෙකු කණ්ඩායමෙන් ඉවත් වුවහොත් ඔහුට හිමි වීමට තිබූ වරප්‍රසාදයන් සහ සේවාවන් අහෝසී වී යන අතර ඔහුගේ දායක මුදල්ද නැවත ඔහුට භාර නොදෙනු ඇත. එම මුදල් කමිටුවෙහි සංවර්ධන කටයුතු සඳහා යොදවනු ලැබේ.  

සාමාජිකයින්ව ඇතුලත් කිරීම සදහා මෙම කොටස සම්පූර්ණ කරන්න.

ස්තූතියි....
සුදේශ් (ප්‍රධාන Admin- SRMIC) 

Contribution Update

දායකත්ව යාවත්කාලීන කිරීම