අල්-කුරානය පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්‍රකාශනයන්

08/05/2020

Statements of Non-Muslims regarding the Quran)

March 28, 2018

අල් කුරානය අල්ලාහ් දෙවිඳුන්ගෙන් පහළ වූ අද්විතීය ග්‍රන්ථයකි. හත්වන සියවසේදී පහළ වූ එම ග්‍රන්ථයේ ව්‍යාකරණ වැරැද්දක් හෝ විෂය කරුණු වල වැරැද්දක් හෝ මේ දක්වා සොයාගෙන නොමැත. එහි වාඛ්‍යයන් හයදහසකට වඩා ඇති අතර ඉන් දහසක් පමණ විද්‍යාත්මක කරුණු වන්නේය. එසේ තිබියදීත් එහි ඇති කිසිම කරුණක් නවීන විද්‍යාව හමුවේ අභියෝගයට ලක් නොවීම සුවිශේෂී කරුණකි. ඉන් පෙනී යන්නේ එය මිනිස් නිර්මාණයක් නොවන බවයි.
අල් කුරානය ගැන මුස්ලිම් විද්වතුන් මෙන්ම මුස්ලිම් නොවන විද්වතුන් විසින් අදහස් දක්වා ඇත. මෙහි පහත දැක්වෙන්නේ මුස්ලිම් නොවන විද්වතුන් විසින් දක්වන ලද අදහස් කිහිපයකි.
(1) ඇල්බට් අයින්ස්ටයින් (1879-1955): කුරානය යනු වීජගණිතය හෝ ජ්‍යාමිතිය සම්භන්ද ග්‍රන්ථයක් නොවුනත් මිනිසාට නිවැරදි මාර්ගය පෙන්වීම සඳහා ඇති නීති රීති මාලාවක් අඩංගු ගොනුවකි. එම මාර්ගය ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ට පවා ප්‍රතික්ෂේප කල නොහැකිය.
(2) විල් දොරන්ට් (උපත 1855): අල්ලාහ් දෙවියන් විසින් යවා ඇති අල්-කුරානයේ ආගමික සංග්‍රහය පමණක් නොව ලෞකික සංග්‍රහයත් පෙන්වා දී ඇත. අල්-කුරානයේ යහපත් ආචාරවිධි, සෞඛ්‍යසම්පන්න විධි, විවාහය, දික්කසාදය, ළමයින්ගේ සහ අනෙක් සතුන්ගේ යුතුකම්, වහලුන්, ව්‍යාපාර, දේශපාලනය, අසාධාරණ ලෙස ලාභ ලැබීම, ණය ගනුදෙනු, ගිවිසුම්, රෙකමදාරුව, ධනය, දඬුවම් කිරීම, යුද්ධය සහ සාමය පිළිබඳව නීති රීති අඩංගු වේ. කුරානයෙන් සාමාන්‍ය ජනතාවට සරල වශයෙන් විශ්වාසය පිලිබඳව කියා දී ඇත. ඒවා සියල්ලම පිළිම වන්දනයෙන් නිදහස්ය. කුරානයෙන් සමුහ වශයෙන් වූද තනි වශයෙන් වූද විනය පිලිබඳ නීති රීති සංස්ථාපිත කොට ඇත.
(3) චාර්ල්ස් ෆ්‍රැන්සිස් (ඇමරිකානු මහාචාර්යවරයෙකි): බයිබලය නමැති පොත ඇමරිකානුවන් කිසිවෙකු දන්නේ නැත එහෙත් කුරානය නමැති පොත සෑම මුස්ලිම්වරයෙකුම දනී. එය බොරුවක් නොවේ. එයත් සමගම සඳහන් කල යුතු කරුණක් වන්නේ බයිබලය ගැන නොදැනුවත්ව සිටීම දහමට වාසනාවක් බවයි.
(4) කිත් එල් මුවර් (කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ව්‍යුහ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකි): කයිරෝ නුවර පැවති සම්මන්ත්‍රණයකදී පර්යේෂණ කෘතියක් ඉදිරිපත් කරමින් ඔහු පවසා සිට ඇත්තේ: "මම අල්-කුරානයේ ඇති මිනිසාගේ විකසනය පිළිබඳව ඇති ප්‍රකාශනයන් පිළිබඳව පැවසීමට ලැබීම ගැන අතිශයින්ම සතුටට පත් වෙමි. මට පැහැදිලි වන එක් කරුණක් නම් මෙම වගන්ති පහළ විය යුත්තේ දෙවියන්ගෙන් බවයි. ඇයිද යත් එම කරුණු වලින් බොහොමයක්ම දැනට සතවර්ෂ ගනනාවක් යන තුරුම සොයාගෙන නොතිබුණු නිසාය. එබැවින් මට සනාථ කළ හැකි කරුණක් වන්නේ මුහම්මද් තුමා දෙවියන්ගේ දුතයෙකු විය යුතු බවයි".
ඔහු තව දුරටත් පවසා සිට ඇත්තේ, "...මිනිසාගේ කළලය වර්ධනය වීමේදී සිදුවන නිරන්තර විපර්යාස හේතුකොට ගෙන, එහි සංකීර්ණ අවස්ථාවන් සම්භන්දයෙන් කුරානයේ සහ හදිස් වල ඇති කරුණු අලලා අළුත් වර්ගීකරණයක් කල යුතුව ඇත. එම යෝජිත ක්‍රමවේදය ඉතා සරලවුද පුළුල්වුද නවීන කළල විද්‍යාව පිලිබඳ දැනුම සමග එකඟ වන්නා වුද එකකි".
(5) සර් බර්නාඩ් ෂෝ: "මා සැමවිටම මුහම්මද් ගේ ආගමට ඉහල වටිනාකමක් දෙමින් ඇළුම්කලේ එහි ඇති ජිවාත්ම බලය නිසයි. මට පෙනෙන පරිදි වෙනස්වන ලෝකයේ සෑම අවශ්‍යතාවන්ට ම උර දිය හැකි එකම දහම එයයි. මම ඔහු ගැන හදෑරුවෙමි- ආශ්චර්යමත් මිනිසෙකි, මගේ මතය අනුව ඔහු ක්‍රිස්තු විරෝධියෙකු යැයි ඇමතීමට වඩා මිනිසාගේ ගැලවුම් කරු යැයි ආමන්ත්‍රණය කිරීම නිවැරදිය. මා විශ්වාස කරන පරිදි ඔහු වැනි කෙනෙකුට නවීන ලෝකයේ පාලනය භාර කලේ නම් එහි ඇති සියළු ප්‍රශ්න වලට විසඳුම් සොයා සාමය සහ සතුට ගෙන එනු ඇත. මට කිව හැකි අනාවැකියක් වන්නේ එම දහම අද පවතින යුරෝපය පිළිගන්නා සේම අනාගත යුරෝපයත් පිළිගනු ඇත"
(6) මහත්මා ගාන්දි: "මට අවශ්‍ය කලේ මිලියන ගණන් මිනිසුන්ගේ හදවත් වසඟකරගෙන පාලනය කරන මිනිසා ගැන දැනගැනීමටයි....මම කිසිදිනක නොසිතු අන්දමින් ඉස්ලාම් දහම කඩුවෙන් මිනිසුන් අතර ව්‍යාප්ත වුවා යැයි කීමට වඩා එහි ඇති පැහැදිලිව පෙනෙන සරල බව, නිහන්කාරකම, අකුරටම පොරොන්දු ඉටුකිරීම, යහළුවන් සහ අනුගාමිකයින් කෙරෙහි දැක්වූ ආදරය, නිර්භීතකම, ඔහු දෙවියන් කෙරෙහි සහ ඔහුගේ ධර්ම ප්‍රචාරය ගැන දැක්වූ දැඩි විශ්වාසය එයට හේතුවයි...."
(7) මයිකල් හාට්: "ලොව විසු වැදගත් පුද්ගලයින්ගේ නාම ලැයිස්තුවේ මුලටම මුහම්මද් ගේ නම් යෙදීමට සිදුවීම ගැන ඇතැම් පාටකයින් මවිතයට පත් වනු ඇත. තවත් සමහරු එය ප්‍රශ්න කරනු ඇත. එහෙත් ඉතිහාසයේ සිටම ආගම අතිනුත් ලෞකික අතිනුත් අතිශයින්ම සාර්ථක වූ එකම මිනිසා ඔහුය....ඔහු විසින් ඉස්ලාම් දහම කෙරෙහි ඇතිකළ බලපෑම ජේසු තුමා සහ සාන්ත පොල් යන දෙදෙනා එකතුව කල බලපෑමට වඩා අතිශයින්ම ඉහල වටිනාකමක් ඇත...
මුහම්මද නබි තුමා කියවීමට හෝ ලිවීමට දැන සිටියේ නැත. එවන් කෙනෙක් කිසිම වැරැද්දක් නොමැතිව ඉතා විශිෂ්ට අරාබි බසින් කුරානය බඳු කෘතියක් ලිවිම කිසිසේත්ම විය හැකි දෙයක් නොවේ. තවද අල් කුරානයේ බොහෝ විෂයන්ට අයත් කරුණු අඩංගු වන්නේය. ඒවා ලිවීමට නම් ඒ ඒ විෂයන් පිලිබඳ විශාරද දැනුම තිබිය යුතුය. ඒ අනුව කිසිසේත්ම තනි මිනිසෙකුට කුරානය බඳු කෘතියක් ලිවීමට හැකි වන්නේ නැත. එබැවින් එය දෙවියන්ගෙන් පහළ වූ පණිවිඩයක් විය යුතු වන්නේය.

By Fasy Ajward.

B.Sc(Special)Hons.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.https://www.facebook.com/thetruepathofislam