ඉස්ලාමිය විවාහය

07/05/2020

Islamic marriage)

November 30, 2019 

ඉස්ලාම් දහම අංග සම්පුර්න ජිවන ක්‍රමයක් පෙන්වාදෙන්නේය. ඊට විවාහයත් ඇතුලත් වේ. නබිතුමා විවාහයන් කිහිපයක් සිදු කිරීමෙන් එය පෙන්වා දී ඇත. නබිතුමා සිදු කළ සෑම විවාහයක්ම ඉතා පහසුවෙන් අනුගමනය කල හැකි සරල ක්‍රමයක් අනුගමනය කර තිබේ. තවද විවාහය නබිතුමාගේ මඟ පෙන්වීමක් බැවින් එය ඔහුගේ අනුගාමිකයින්ට කුසල් ගෙන දෙන ක්‍රියාවක් බවට පත් වන්නේය. විවාහ වීමෙන් කෙනෙකුගේ ජීවිතය සම්පුර්ණ වන බව නබිතුමා පවසා ඇත.
නබිතුමාගේ හදිසයකට අනුව මුස්ලිම්වරයෙකු විවාහ විය යුත්තේ දහමට ප්‍රමුක ස්ථානය ලබා දීම හරහාය. ඒ අනුව කාන්තාවකගේ අලංකාරයට හෝ වත්කමට වඩා ඇයගේ දහම ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. පහත දැක්වෙන නබිවදනින් එය විස්තර කොට ඇත.
"ස්ත්‍රියක් විවාහ කර ගනු ලබන්නේ කරුණු හතරක් නිසාය. එනම් ඇයගේ ධනය, පවුලේ තත්වය, අලංකාරය සහ දහම නිසාය. මේවා අතරින් දහමට ලැදි කාන්තාව විවාහ කර ගනු. එසේ නොකරන්නේ නම් ඔබ පරාජයට පත් වනු ඇත." (සහිහ් අල්-බුහාරි).
ඉහත සඳහන් හදිසයට මුල්තැන ලබා දෙන්නේ නම් විවාහයන් සාර්ථක වනු නො අනුමානය. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ට දාව ලැබෙන දරුවන්ට හොඳ අනාගතයක් හිමිවනු ඇත.
ඉස්ලාම් විවාහයක විශේෂත්වය වන්නේ දෑවැද්ද වෙනුවට මනාලයා විසින් මනාලියට අනිවාර්ය ගෙවීමක් සිදු කිරීමයි. එය මහර් ලෙස නම් කොට ඇත. මෙය නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් කාන්තාවන්ගේ විවාහ ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලැබෙනු ඇත.
මුස්ලිම්වරුන්ට පහත දැක්වෙන කාන්තවන් සමග විවාහ වීම තහනම් වේ.
"ඔබගේ මව්වරුන්ද, ඔබගේ දියනියන්ද, ඔබගේ සහෝදරියන්ද, ඔබගේ පියාගේ සහෝදරියන්ද, ඔබගේ මවගේ සහෝදරියන්ද, ඔබගේ සහෝදරයන්ගේ දියනියන්ද, ඔබගේ සහෝදරියන්ගේ දියනියන්ද, ඔබට කිරි දුන් කිරිමව්වරුන්ද, ඔබට කිරිදිමෙන් වූ සහෝදරියන්ද, ඔබගේ භාර්යාවන්ගේ මව්වරුන්ද ඔබට තහනම් කරනු ලැබ ඇත (කුරානය 4:23)." මිට අමතරව නබිතුමාද විවාහය සඳහා ඇතැම් තහංචි පනවා තිබේ. එබැවින් ඔවුන් සමගද විවාහ වීම ද තහනම් වේ. උදාහරණයක් වශයෙන් එකම අවස්ථාවේදී එක කුස උපන් සහෝදරියන් දෙදෙනෙකු සමග විවාහ වීම නබිතුමා තහනම් කොට ඇත.
ඉස්ලාමිය විවාහයකදී විවාහ වන කාන්තාවගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. එවැනි අවසරයකින් තොරව සිදු කරනු ලබන විවාහයක් නබිතුමා විසින් අවලංගු කොට ඇත. කෙසේ වෙතත් මුස්ලිම් කාන්තාවකට විවාහ විය හැක්කේ ඇයගේ භාර කරුගේ අවසරයකින් පමණි. එහෙත් යම් අසාධාරණ හේතුවක් මත ඔහු අවසර ලබා නොදෙන්නේ නම් පමණක් නිත්‍යානු කූල කාසිවරයෙකුගේ අවසරය මත ඇයට විවාහ විය හැකිය. කාන්තාවකගේ භාරකරු විය යුත්තේ ඇයගේ පියා හෝ පිය පාර්ශවයේ වෙනත් කෙනෙකුය. නැතහොත් සහෝදරයෙකුට භාරකාරත්වය දැරිය හැකිය. මෙවැනි කෙනෙක් නොමැති අවස්ථාවකදී කාසිවරයාට එම විවාහය සිදු කිරීමේ බලය පැවරෙන්නේය.
ඉස්ලාම් විවාහයක විශේෂත්වය වන්නේ මනාලයා විසින් දෙනු ලබන සරල සාදයකින් (වලිමා) මනාලයා සහ මනාලිය එක්කර හැරීමයි. ඒ අනුව පෝරුවේ චාරිත්‍ර හෝ නැකත් බැලීමක් සිදු කරන්නේ නැත. වලිමා සාදය හැර වෙනත් කිසිම සාදයක් නබිතුමා පෙන්වා දී නොමැත. විවාහ වූ පසු පවුලේ නඩත්තු කටයුතු පැවරෙන්නේ මනාලයාටය. ඒ අනුව භාර්යාවට කොතරම් විශාල අදායමක් තිබුනත් ඇයගේ කැමැත්තෙන් මිස පවුලේ වියදම් දැරීමට ඇය බැඳී නැත.
නබිතුමා පෙන්වා ඇති ක්‍රමය අනුගමනය කරන්නේ නම් සමාජයේ ඇති කාන්තා ප්‍රශ්න බොහොමයක් නිරාකරණය කර ගත හැකි වන්නේය. එපමණක් නොව ඒවාට අල්ලාහ්ගේ ආශිර්වාදයද ලැබෙනු නො අනුමානය. එම නිසා විශාල සාදයන් පවත්වා දහමට පටහැනි දේවල් ද සිදු කිරීමෙන් වැලකි සිටීම මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන වගකීමකි.


By Fasy Ajward.

B.Sc (Sp.Phy) Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/