ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් කේතය

07/05/2020

Islamic dress code)

December 21, 2019 

මුස්ලිම්වරුන්ගේ සෑම ක්‍රියාවක්ම අල් කුර්ආනය සහ නබිතුමාගේ සුන්නාවන් මගින් තීන්දු කරන්නේය. ඒ අනුව මුස්ලිම්වරුන් ඇඳුම් ඇඳිය යුත්තේ ද අල් කුරානයට සහ නබිතුමාගේ මඟ පෙන්වීමට අනුවය. මෙය ඉස්ලාම් යන වචනයෙහි අර්ථයෙහි ද ගැබ්වී තිබේ. ඉස්ලාම් - අල්ලාහ්ගේ කැමැත්ත අනුව ජිවත් වීම.
අල් කුරානය පහළ වී ඇත්තේ මිනිසාට යහපත් ජිවිතයකට මඟ පෙන්වීම සඳහා ය. ඒ අනුව කුරානයෙන් පෙන්වා දෙන ඇදුම් ක්‍රමයද මිනිසාගේ යහපත වෙනුවෙන් නියම කොට ඇත. එසේ තිබියදී කව්රුන් හෝ ඉස්ලාමිය ඇඳුම් පැළඳුම් ක්‍රමය විවේචනය කරන්නේ නම් එය ඔහුගේ යම් දුර්වලතාවයක් මිස ඉස්ලාම් දහමේ වැරැද්දක් නොවේ. ඉස්ලාම් දහම දර්පනයකට උපමා කලේ නම් දර්පනය ඉදිරියෙන් සිටින කෙනෙකුට පෙනෙන්නේ ඔහුගේ මුහුණ මිස වෙන දෙයක් නොවේ. එසේම තමන්ගේ හදවත තුල කුහක කම තබාගෙන ඉස්ලාම් දහම දෙස බලන විට ඔහුට පෙනෙන්නේ ඔහුගේම ප්‍රතිබිම්බය මිස වෙන කිසිවක් නොවේ. මේ නිසා කව්රුන් හෝ ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති ඇඳුම් ක්‍රමය විවේචනය කරන්නේ නම් ඒවා පිළිගත යුත්තේ බුද්දීමත්ව සිතාබැලීමෙන් පසුවය.
ඉස්ලාම් මිනිසාට පෙන්වා දෙන්නේ නිහතමානි ජිවන රටාවකි. ඒ අනුව ඉස්ලාමිය ඇඳුම් ක්‍රමය නිසා මුස්ලිම්වරුන්ට ගෞරවයක් ලැබෙන්නේය. තවද, ඉස්ලාමිය ඇඳුම අඳින සමාජයක අපචාරයන් දැකිය හැක්කේ ඉතාමත් අඩුවෙනි. එයම එම ඇඳුම් ක්‍රමයේ වැදගත්කම කියා පාන්නේය.
අල් කුරානය මගින් පිරිමින්ට මෙන්ම කාන්තාවන්ට ඇඳුම් ඇඳීම පිළිබඳව උපදෙස් ලබා දී ඇත. ඒ අනුව තම අලංකාරය පෙන්විය හැකි තැන් මෙන්ම එය සැඟවිය යුතු තැන් පිළිබඳව පහත දැක්වෙන කුර්ආන් වැකිවලින් පෙන්වා දී ඇත.
(නබියේ!) විස්වාසකරන ගැහැනුන්ට ඔබ මෙසේ කියනු. ඔවුන්ද තම බැල්ම පහත හෙලා තමන්ගේ පතිවතද ආරක්‍ෂා කරනු. (තවද තමන්ගේ දේහය සාමාන්‍යයෙන්) පිටතට පෙනෙන තැන් මිස තමන්ගේ අලංකාරයද (ඇඳුම්, ආභරණ වැනි) අලංකාරයද පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස්-වැස්මෙන් ලපැත්තද වසා ගනු. ගැහැණු තමන්ගේ ස්වාමිපුරුෂයන්, තමන්ගේ පියවරු, තමන්ගේ ස්වාමිපුරුෂයන්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයන්, තමන්ගේ සහෝදරයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, තමන්ගේ ගැහැනුන් හෝ තමන්ගේ වහලුන් හෝ තමන්ගේ වහලුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුන්ට) සමීපව ජිවත්වන (මහලු) පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝද නොකරගත් කුඩා ළමුන් යනාදීන් හම්වෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතුය. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (බුමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙයින් යම්කිසි වැරැද්දක් සිදුවුවහොත්) ඔබ සියලුදෙනාම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ්ගෙන්ම සමාව ඉල්ලා (ඔබගේ සිත්) අල්ලාහ් දෙසට හරවනු (කුරානය 24:31).
පිරිමින් සඳහා පහත දැක්වෙන නියෝගය ලබා දී ඇත.
"ඔවුන් තමන්ගේ බැල්ම පහත හෙළිය යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, (නබි) නුඹ විශ්වාසවන්ත වූ පිරිමින්ට පවසනු! මෙය ඔවුන්ට වඩාත් පිරිසිදු වේ. නියතව ඔවුන් කරන දේ ගැන අල්ලාහ් හොඳින් දන්නේය" (කුරානය 24:30).
ඉහත දැක්වෙන කුර්ආන් වැකි සහ නබිතුමාගේ හදිස් අනුව පහත දැක්වෙන නිගමනවලට එළඹී ඇත.

  • කාන්තාවන් අන්‍යය පිරිමින් ඉදිරියේදී සම්පුර්ණ ශරීරයම ආවරණය කල යුතුය. එහෙත් මුහුණ ආවරණය කිරීම පිලිබඳව ඉස්ලාමිය විද්වතුන් අතර මත බේද තිබේ. කෙසේ වෙතත් කොරෝනා වෛරස් අසාදනයෙන් පසු එහි වටිනාකම අමුතුවෙන් පැහැදිලිකර දීමට අවශ්‍ය නැත. එවැනි මුහුණු ආවරණයක් ජිවිතයට සම්පුර්න ආරක්ෂාවක් සලසා දෙන බව දැන් බොහෝ දෙනෙක් තේරුම් ගෙන ඇත.
  • කාන්තාවන්ගේ පිටත ඇඳුම අන්‍යය පිරිමින්ගේ ආකර්ෂණය ඇද නොගන්නා පරිදි තිබිය යුතුය. මෙමගින් කාන්තාවන්ට අත්විඳීමට සිදුවන බාහිර බලපෑම් අවම කර ගත හැකි වන්නේය.
  • ඇඳුම ශරීරයට ඇලි නොසිටින පරිදි බුරුලට තිබිය යුතුය. එමගින් ඇතැම් කාමාතරයන්ගේ අනවශ්‍ය බැල්මෙන් ආරක්ෂා විය හැකිය.
  • පිරිමින්ගේ වස්ත්‍රය පාදයේ වළලු කරට වඩා ඉහලින් තිබිය යුතුය. මෙවැනි නියෝගයක් පැනවීමට ප්‍රධාන හේතුව ඇඳුම නිසා ඇතිවිය හැකි අනවශ්‍ය මමත්වයෙන් වැළකීමටය. උඩඟුකම අනු ප්‍රමාණයක් හෝ ඇති අය ස්වර්ගයට නොයන බව නබිතුමා පවසා ඇත.

ඉතත දක්වා ඇත්තේ මුස්ලිම්වරුන් අනුගමනය කල යුතු ක්‍රියා පිළිවෙතයි. එම සීමාව තුල තමන් කැමති අකාරයකට ඇඳුම් සකසා ගත හැකිය. කෙසේ වෙතත් ඇඳුමකින් බලාපොරොත්තු වන්නේ ආරක්ෂාව සහ අලංකාරයි. ජේසු තුමාගේ මව ඈත අතීතයේ සිටම තම ශරීරය වැසෙන පරිදි ඇඳුම් ඇඳ තිබේ. බෞද්ධ උපාසිකාවන්ද ඉතා සංවර ඇඳුම් අඳින්නෝය. එසේ තිබියදී නවීන සමාජයේ බටහිර කාන්තවන් බිකිනිය සමග මහමග යාමට පුරුදු වී ඇත. එවැනි දෙයක් විදේශිකයින් කල පමණින් එය සංවර ඇඳුමක් වන්නේ නැත.
ඉස්ලාම් දහම පෙන්වා දී ඇති ඇඳුම නිසා කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසෙන්නේය. එසේ නොවන ඇඳුම් පැළඳගෙන පාරේ ගමන් කරන බොහෝ කාන්තාවන් නොයෙකුත් හිංසනයන්ට ගොදුරු වන්නෝය. දිනපතාම කාන්තා දුෂණයක් ගැන පුවත්පත්වල වාර්තා වීමට එක් හේතුවක් වන්නේ කාන්තාවන් පිටස්තර අයගේ ආකර්ෂණයට ලක්වීම බව නොරහසකි.
නවීන ලෝකයේ කාන්තා රුව වෙළඳ ප්‍රචාරයන් සඳහා භාණ්ඩයක් බවට පත්වී ඇත. එය කාන්තවන් සඳහා කරන නිගාවක් ලෙස සැලකිය හැකිය. ඉස්ලාම් දහම එවැනි දෙයක් කිසිසේත්ම අනුමත කරන්නේ නැත. ඉස්ලාම් දහම අනුව කාන්තාවන්ගේ අඩනිරුවත් රූප යොදා අනිමින් වෙළඳාම් කිරීම කාන්තාවට කරන බලවත් අවමානයකි.
බොහෝ දියුණු රටවල්වල ඉස්ලාමිය ඇඳුමට පිළිගැනීමක් ලැබී තිබේ. ඒ අනුව ඇතැම් බටහිර රටවල්වල මුස්ලිම් හමුදා නිලධාරිනියන්ට සේවය කරන අවස්ථවේදී ෆර්දාව පැළඳීමට අවසර ලබා දී තිබේ. එසේ තිබියදී ඇතැමුන්ට ඉස්ලාමිය ඇඳුම් ක්‍රමය නුහුරු එකක් වී තිබීම කනගාටුවට කරුණකි.
ඇතැම් අය සිතන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ ෆර්දාව ආරක්ෂාවට තර්ජනයක් බවයි. එහෙත් කිසිසේත්ම එය පිළිගත නොහැකිය. ආරක්ෂාවට තර්ජනයක් වීමට නම් තනපටක් හෝ නිකරයක් වුවද ප්‍රමාණවත් විය හැකිය.
මුස්ලිම් නොවන ඇතැම් අය සිතන්නේ මුස්ලිම් කාන්තාවන් ෆර්දාව අඳින්නේ පිරිමින්ගේ බලපෑම නිසා බවයි. එහෙත් සත්‍යය එය නොවේ. ඔවුන් එසේ ඇඳුම් අඳින්නේ ස්ව කැමැත්තෙන් අල්ලාහ්ගේ නියෝග වලට යටත් විය යුතු නිසාය. ඇත්ත වශයෙන්ම එය ආගමික අවශ්‍යත්වයකි.
By Fasy Ajward.B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/