ඔබගේ ආගම කුමක් විය යුතුද?

07/05/2020

What should be your religion

December 17, 2019 

සෑම මිනිසෙකුටම සහජයෙන්ම ආගම ගැන හැඟීමක් ලැබී තිබේ. එබැවින් ආගම ගැන අමුතුවෙන් අර්ථ දැක්වීමක් අවශ්‍ය වන්නේ නැත. කෙසේ වෙතත් ජීවින් අතුරින් මිනිසාට සුවිශේෂී තැනක් හිමිවන්නේ, මිනිසාට අනෙක් ජිවින්ට නොමැති සිතීමේ හැකියාවක් සහ ශරීරයක් ලැබී ඇති නිසාය. එබැවින් සත්ව ලෝකයේ ආගමක් අදහන එකම ජීවියා මිනිසා වන්නේය.
ආගම හරහා මිනිසාට තම මැවුම්කරු ගැන නිවැරදිව දැනගැනීමට ලැබෙන අතර මරණයෙන් පසු කුමක් සිදු වන්නේදැයි දැනගිමට ද හැකියාව ලබේ. එසේ තිබියදී ඇතැම් අය ආගමක් අදහන්නෙවත් දෙවියන් ගැන විශ්වාස කරන්නේවත් නැත. එවැනි අය මරණයෙන් පසු ජිවිතයක් ඇතොත් ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි තම මරණයට පෙර සිතා බැලිය යුතුව තිබේ.
මිනිසාට ආගමක් අවශ්‍යවන්නේ ඔහුගේ මැවුම්කරු ගැන දැන ගැනීම සඳහාය. එමගින් තම ජිවිතයේ අරමුණ ලඟා කර ගැනීමට හැකි වනු ඇත. විශ්වයට ආරම්භයක් තිබෙන බව පරම සත්‍යයකි. එය විද්‍යාඥයින් පවා පිළිගෙන ඇත. තවද විශ්වය ගැන ගැඹුරින් හැදෑරීමේදී පෙනී යන්නේ එය එක් දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. එක් දෙවිකෙනෙකුට වඩා සිටින්නේ නම් අපට මෙවැනි ඒකාකාරී විශ්වයක් දැක ගැනීමට ලැබෙන්නේ නැත. එම නිසා බහු දේව වාදී ආගම් වලින් නිවැරදි මාර්ගය ලඟා කර ගත හැකි දැයි ප්‍රශ්නයක් පැන නගින්නේය.
දෙවියන් පහළ කළ සෑම ආගමකින්ම දෙවියන් ගැන දැනගත හැකිය. කෙසේ වෙතත් ඇතැම අය අසන ප්‍රශනයක් වන්නේ දෙවියන් ඇතිවුයේ කෙසේද යන්නයි. ඇත්තෙන්ම ඔහු මවන ලද මේ විශ්වය තුල ඔහු අන්තර්ගත නොවන නිසා අපට ඔහු ගැන දැනගත හැකි වන්නේ ඔහු විසින් එවන ලද දහම තුලින් පමණි.
මුල්ම මිනිසා වන ආදම් තුමාගේ සිට මුහම්මද් නබිතුමා දක්වා දෙවියන්ගේ නියෝජිතයින් වන නබිවරු විශාල සංඛ්‍යාවක් මෙලොවට පැමිණ තිබේ. ඔවුන් සියළුදෙනාම සත්‍යය දහම් පණිවිඩය මිනිසාට ලබා දී ඇත. එම නිසා ඒ ඒ නබිවරුන්ගේ කාලවලදී ඔවුන් දේශනා කරන ලද දහම නිවැරදිව අනුගමනය කල සියළුම දෙනා විමුක්තිය ලබා ගනු ඇත. එසේ තිබියදී නබිවරුන්ගේ අභාවයෙන් පසු බොහෝ ආගම් වෙනස්කම් වලට භාජනය වී තිබේ. එම නිසා අද ජිවත්වන මිනිසාට නිවැරදි ආගමක් සොයා ගැනීම අසීරු කරුණක් බවට පත්ව ඇත.
නිවැරදි දහමකින් පහත දැක්වෙන කරුණු ඉදිරිපත් විය යුතුය.

  • දෙවියන් ගැන නිවැරදි සහ සත්‍ය වූ කරුණු
  • දෙවියන්ගෙන් පහළ වූ දහමක් බව තහවුරු කල හැකි සාක්ෂි
  • දහම පහලවූ මුල් භාෂාවෙන්ම එය තිබීම
  • කිසිම වෙනසකට ලක් නොවී පහල වූ ආකාරයටම ආරක්ෂා වී තිබෙන බව සනාථ කල හැකි සාක්ෂි තිබීම
  • මිනිසුන්ගේ උවමනාවන්ට සරිලන පරිදි වෙනස් නොවී තිබීම
  • එම දහම තුල කිසිම පරස්පරතාවයක් නොතිබීම
  • ලොව ඕනෑම තැනකදී පිළිපැදීමට හැකි වීම
  • මිනිසාට පිළිපැදිය හැකි නිවැරදි මාර්ගය සරලව පෙන්වා දී තිබීම
  • ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම එම දහමේ පෙන්වා දෙන ඇදහිලි ඉටු කිරීමට හැකි වීම
  • මිනිසාගේ උපතේ සිට විපත දක්වා වූ සියළු කරුණු කාරනා එහි අඩංගු වී තිබීම
  • දහමේ ඇති නීති රීති යල්පැන ගිය ඒවා නොවීම
  • දහම පහළ කල යුගයේ පැවති අවිද්‍යාත්මක සංකල්පයන් සත්‍ය කරුණු ලෙස දහමින් ඉදිරිපත් නොවීම
  • මරණයෙන් පසු ජීවිතය ගැන නිවැරදිව කරුණු ඉදිරිපත් කොට තිබීම
  • එම ආගම තුලින් දෙවියන්ගේ නියෝගයන් නිවැරදිව ඉදිරිපත් කොට තිබීම

අපි අදහන ආගම කුමක් වුවත් එහි ඉහත සඳහන් කරුණු ගැබ් වී තිබේ නම් එමගින් විමුක්තිය අත්කර ගැනීමට හැකි වනු ඇත. කෙසේ වෙතත් අද ලෝකයේ ඇති බොහෝ ආගම් මිනිසා විසින් වෙනස් කරගෙන තිබේ. එසේ වෙනස් කරන ලද ආගමකින් සත්‍යය දැනගැනීමට හැකි වන්නේ නැත. මේ නිසා තමන් ආගමක් තෝරාගැනීමට පෙර ඒ ගැන ගවේශයන කිරීම වැදගත් වේ. එහෙත් බොහෝ අය කරන්නේ දෙමව්පියන්ගෙන් උරුම වන ආගමක් පිළිපැදිමය. එසේ කිරීමෙන් සත්‍යය වෙත ලඟා වීමට හැකි වේදැයි ස්ථිරවම කිව නොහැකිය. තවද පරම්පරාවෙන් උරුමවන දහමක් නාමමාත්‍රික ලෙස ඇදහීමෙන් සැම විටම සත්‍ය ලඟා කර ගත හැකිවන්නේ නැත. එම නිසා නාම මාත්‍රිකව ආගමක් ඇදහීමට වඩා අවබෝදයෙන් යුතුව එය සිදු කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.


By Fasy Ajward.

B.Sc(Sp.Phy)Hons.Jpura,Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/