චර්මච්ඡේදනය

07/05/2020

Circumcision)

November 20, 2019 

චර්මච්ඡේදනය යනු ශිෂ්නය කෙළවරේ ඇති සම ඉවත් කිරීම සඳහා සිදු කරනු ලබන සැත්කමකි. මෙය බොහෝ විට යුදෙව් සහ ඉස්ලාමිය ආගමික සිරිතක් ලෙස සලකනු ලැබුවත් මුස්ලිම් නොවන ජන සමාජවලද දක්නට ලැබේ. ඒ අනුව ක්‍රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයේ සිටම මෙය අරාබියාවේ දක්නට ලැබෙන චාරිත්‍රයකි. ඊජිප්තුවේ පැරණි සොහොන් කොත් ආශ්‍රිතව ලැබී ඇති සිතුවම්වලට අනුව චර්මජ්ජෙදනයට ක්‍රි.පු. 2400-2300 තරම් පැරණි ඉතිහාසයක් තිබේ. එය මුස්ලිම්වරුන් පමණක් නොව යුදෙව්වන්ද සිදු කරති. ජේසුස් වහන්සේට චර්ම ජේදනය සිදුකර තිබුණු බව බයිබලයේ සඳහන් වේ. අප්‍රිකානු සංස්කෘතිය අනුව ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින් වරුන් අතරද චර්මච්ඡේදනය දැකිය හැකිය.
ඉස්ලාම් දහම අනුව පිරිමින් සඳහා චර්මච්ඡේදනය විශේෂයෙන්ම නිර්දේශ කොට ඇත. එහෙත් කාන්තාවන් සඳහා චර්මජේදනය අවශ්‍යනම් පමණක් කල හැකිය. ඊට හේතුව නබිතුමාගේ සම්ප්‍රාප්තියට පෙර සිටම කාන්තාවන්ට චර්මච්ඡේදනය කිරීමේ සිරිත අරාබියාවේ තිබී ඇති බැවිනි. එම චාරිත්‍රය නබිතුමා තහනම් නොකළ අතර දිගටම පැවතීමට ඉඩ හැර තිබේ. එසේම කාන්තවන් සඳහා එය සිදු කරන මෙන් නබිතුමා නියෝග කළේද නැත.
මුස්ලිම්වරුන් ආගමික හේතුන් නිසා චර්මච්ඡේදනය සිදු කලත් එහි බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ තිබෙන බව වෛද්‍යවරුන් පවසති. මේ නිසා චර්මජ්ජේදය මුස්ලිම් නොවන සමාජවල සංස්කෘතික හේතුන් ලෙසද ලෙඩ රෝග වැළැක්වීමේ ක්‍රමයක් ලෙස සිදු කරනු ලබන්නේය.
චර්මච්ඡේදනය ලිංගික චර්යාවන්ට බාදාවක් ඇති කරන්නේ නැත. අනෙක් අතට ඉන් වාසි රැසක්ම තිබේ. ඒ අනුව පිරිමින්ගේ පෙර සම ඉවත්කිරීමෙන් එහි එක්රැස් වන කුණු සහ විසබීජ පහසුවෙන්ම ඉවත්කර ගැනීමට හැකියාව ල්බෙන්නේය. තවද HIV වෛරසය පැතිරයාම බොහෝ දුරට පාලනය වන්නේය. එපමණක් නොව පිරිමින්ට චර්මච්ඡේදනය කිරීම නිසා කාන්තාවන්ගේ ගර්භාශ්‍රිත පිළිකා සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව සංඛ්‍යාලේකන වලින් පෙන්නුම් කර ලබේ.
HIV/AIDS (UNAIDS) පිලිබඳ ලෝක සෞක්‍යසංවිදානය එක්සත් ජාතීන්ගේ වැඩසටහන සමග එකතුවී නිකුත්කළ නිවේදනයෙන් පවසන්නේ HIV වැළැක්වීමට හොඳම ක්‍රමය පිරිමින්ට චර්මච්චේදනය කිරීම බවයි. තවද කුඩා කාලයේදී ඇතිවිය හැකි මුත්‍රාශය සම්බන්ද ආසාදනයන් බොහොමයක් චර්මච්ඡේදනය නිසා වලක්වා ගත හැකි බව වෛද්‍යවරුන් පවසා ඇත.
By Fasy Ajward.

B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/