තාරකා භෞතික විද්‍යාව පිලිබඳ අල් කුර්ආනයේ එන සංකල්ප

07/05/2020

Quranic Concepts of Astrophysics)

September 13, 2019 

විශ්වය සහ එහි ඇති සියළුම දේවල්වල මැවුම්කරු අල්ලාහ් යැයි කුරානය මගින් අවධාරණය කර සිටියි. මේ නිසා විශ්වය ගැන නිවැරදි තොරතුරු ලබා දිය හැක්කේ අල්ලාහ්ට පමණි. එසේ ලබා දෙන තොරතුරුවල වැරදි ඇතොත් කුරානය අභියෝගයට ලක් කල හැකි වන්නේය. අනෙක් අතට විද්‍යාව නොදියුණු යුගයක කුරණයෙන් ඉදිරිපත් කොට ඇති ගැඹුරු විද්‍යා සංකල්පයන් 100% ක් නිවැරදි වීමෙන් පෙන්නුම් කරන්නේ අල් කුරානය සර්වඥානි දෙවිකෙනෙකුගේ පණිවිඩයක් විය යුතු බවයි. මේ අනුව අල් කුරානයේ විද්‍යාවට සම්බන්ද වැකි සියල්ල ඉතා වැදගත් පණිවිඩයක් ලබා දෙන්නේය. කෙසේ වෙතත් මෙහිදී සලකා බලනු ලබන්නේ තරකා භෞතික විද්‍යාවට අයත් වැකි දෙක තුනක් පමණි.
අල් කුරානය තුල විශ්වයේ ප්‍රසාරණය, ග්‍රහවස්තුවල ගමන් පිළිබඳව මෙන්ම තවත් ඉතා වැදගත් කරුණු අන්තර්ගත වන්නේය. එහෙත් මේවා ගැන 7 වන සියවසේදී කිසිවෙකු දැනගෙන සිටියේ නැත. එබැවින් එවැනි දෙයක් ඉතා නිවැරදිව ප්‍රකාශ කිරීමට නම් දේව පණිවිඩයක්ම ලැබිය යුතුය. ඇයිද යත් එම කරුණු විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත්තේ ඉතා නවීන උපකරණ යොදාගනිමින් 20 වන සියවසේ දීය. පහත දක්වා ඇත්තේ තාරකා භෞතික විද්‍යාව පිලිබඳ ඉතා වැදගත් සංකල්පයකි.
"අපි අහස ශක්තියෙන් අධිකවුවක් ලෙස ගොඩනැගුවෙමු, තවද නියතවශයෙන්ම අපි එය ක්‍රමයෙන් ව්‍යාප්ත කරන්නෙමු" (කුරානය 51:47).
"And it is We Who have constructed the heaven with might, and verily, it is We Who are steadily expanding it" (Qur'an, 51:47).
මෙය මුලින්ම සොයා ගනු ලැබුවේ එඩ්වඩ් හබල් විසිනි. ඉන්පසු වර්ෂ 1998 දී ස්වාධීන ව්‍යාපෘති දෙකක් මගින් නැවත තහවුරු කොට ඇත. එම ව්‍යාපෘති දෙක වන්නේ සුපර්නෝවා කොස්මොලොජි ප්‍රොජෙක්ට් සහ හයි-Z සුපර්නෝවා යන කණ්ඩායම දෙකයි. ඔවුන් විසින් විශ්වය ප්‍රසාරණය වන බව නැවත තහවුරු කොට ඇත (The Supernova Cosmology Project and the High-Z Supernova Search Team).
විශ්වය ප්‍රසාරණය වන බව සොයාගැනීමෙන් පසු මහා පිපිරුම් වාදය ඉදිරිපත් කළේය. එහෙත් අල් කුරානය මගින් එවැනි සංකල්පයක් ද ඉදිරිපත් කොට තිබේ.
"නියතව අහස් හා පොළොව සම්බන්ධ වී තිබුණි, අපිම එම දෙකම වෙන් කළෙමු....." (කුරානය 21:30).{"Have those who disbelieved not considered that the heavens and the earth were a joined entity, then We separated them, and made from water every living thing? Then will they not believe?" (Quran 21:30)}

මෙය මහා පිපිරුම් වදයට සම්බන්ද ඉතා වැදගත් ප්‍රකාශනයකි. මෙවැනි වදනක් සඳහන් කල හැක්කේ අල් කුරානය අල්ලාහ් විසින් පහළ කල බැවිනි.
මිට අමතරව තාරකා භෞතික විද්‍යාව සම්බන්ද තවත් ඉතා වැදගත් කරුණු කුරානය තුල දැකිය හැකිය. එනම් සුර්යා ඊට නියමිත ගමන් මාර්ගයක යමින් සිටින බවයි. එහෙත් මෙම කරුණ විද්‍යාඥයින් සොයා ගනු ලැබුවේ විද්‍යාවේ දියුණුවත් සමගය.
"සුර්යයා තමාට නියමිත ස්ථානය බලා දිවමින් සිටියි" (කුරානය 36:38).
මෙතරම් නිවැරදි ප්‍රකාශන අල් කුරණයන් හෙළි කල හැක්කේ එය විශ්වයේ මැවුම්කරු වන අල්ලාහ්ගෙන් පහළ වූ නිසාය. විද්‍යාඥයින් සොයා ගෙන ඇති පරිදි සුර්යයා අපගේ ක්ෂීරපථය වටා වක්‍රාකාර කක්ෂයක තත්පයකට කිලෝමීටර 220 ක වේගයෙන් ගමන් කරන්නේය. මෙම ගමන සම්පුර්ණ කිරීම සඳහා සූර්යයාට වසර මිලියන 230 ක් ගත වන බව ගණන් බලා තිබේ. එසේ තිබියදී සුර්යාගේ ගමන ගැන කුරානයේ මිට සියවස් 14 කට පමණ පෙර පවසා තිබේ.
ඇතැම් විද්‍යාඥයින් පවසන්නේ ඉහත සඳහන් කොට ඇති සංකල්පයන් දෙවියන්ගේ පණිවිඩයකින් මිස නබිතුමාට ප්‍රකාශ කළ නොහැකි බවයි. ඒ අනුව අල් කුරානය මිනිසාට නිවැරදි දහම් මාර්ගය පෙන්වා දීම සඳහා අල්ලාහ්ගෙන් පහළ වූ පණිවිඩයක් බව පිළිගත යුතු වන්නේය.
By Fasy Ajward.

B.Sc(Sp.Phy)Hons.J.Pura,Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/