මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම

07/05/2020

Drug addiction)

December 18, 2019 

නොයෙකුත් වර්ගයේ මත් ද්‍රව්‍ය විවිධ නම් වලින් ලොව පුරා ව්‍යාප්තවෙමින් ඇත. දැන් දැන් ඒවා පාසල් සිසුන් අතරත් යමින් තිබේ. මේ නිසා අනාගතයේදී රට බාරගැනීමට සිටින තරුණ පිරිස මුහුණ දෙමින් සිටින්නේ විශාල අභියෝගයකටය. එය මැඩලීම සඳහා ගුරුවරුන්, දෙමව්පියන් සහ පුජකවරුන්ට විශාල කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ. මෙහිදී දෙමව්පියන්ගේ වගකීම ඉතා විශාලය.
කුමන අකාරයේ උත්සාහයන් කලත් හොඳම ප්‍රතිපල ලබා ගත හැක්කේ ස්ව උත්සාහයෙන් ඊට ප්‍රතිරෝදය දැක්වීමෙන් පමණි. නීති පැනවීමෙන් කල හැක්කේ එය මර්ධනය කිරීම පමණි. මේ නිසා මතින් තොර සමාජයක් ගොඩ නැගීම සඳහා කෙනෙකුගේ ආගමික පසුබිම විශාල රුකුලක් වන්නේය. මෙය හොඳින් දැක ගත හැක්කේ අල් කුරානයේ බලපෑම නිසා මුස්ලිම්වරුන් අතර මතට ඇබ්බැහි වුවන් ඉතා අඩුවෙන් දැකගත හැකි වීම නිසාය. කෙසේ වෙතත් නරක මිතුරු ආශ්‍රය නිසා එය පැතිරී යා හැකිය. මේ නිසා කෙනෙක් ආශ්‍රය කල යුත්තේ මතට විරුද්ධ අයවල් පමණි.
සෑම වර්ගයකම මත්ද්‍රව්‍ය නිසා දිනපතා විශාල සංඛ්‍යාවක් මරණයට පත් වන්නෝය. තවත් විශාල පිරිසක් කායික සහ මානසික ලෙඩ රෝග වලට ගොදුරු වන්නෝය. තවද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන්ගේ ජිවිත කාලය වසර දහයකින්, පහළොවකින් අඩු වන්නේය. එසේම මතට ඇබ්බැහි වුවන්ට වයසක පෙනුමක් ලැබෙන්නේය. මේ නිසා තමන්ගේම අනාගතය ගැන සිතා ඉන් වැළකී සිටීමට සෑම උත්සාහයක්ම ගත යුතුය.
බොහෝ විට මත් ද්‍රව්‍ය ව්‍යාප්ත කරනු ලබන්නේ මුලදී ඒවා නොමිලයේ ලබා දීමෙන් ය. ඊට ගොදුරු වන්නේ අලුත් අත්දැකීම් වලට කැමති තරුණයින් වීම කනගාටුවට කරුණකි. මෙම මත්ද්‍රව්‍ය කීප වරක් පාවිච්චි කල ඊට ඒවාට ඇබ්බැහි වීම ඉබේම සිදු වන්නේය. ඉන් පසු ඒවා මිලදී ගැනීමට යොමු වේ. එහි අවසාන ප්‍රතිපලය වන්නේ ඔවුන් සමාජයෙන් කොන් වීමත් අකල් මරණය වැළඳ ගැනීමත් ය.
ගෝලීය දුම්කොළ කර්මාන්තය 2013 වසරේ දී මෙට්රික් ටොන් මිලියන 7.44 ක් නිෂ්පාදනය කර ඇත. එහි ප්‍රධාන නිෂ්පාදකයා වන්නේ චීනයයි. එම වසරේදී දුම්කොළ මෙට්රික් ටොන් දශලක්ෂ 3.15 ක් පමණ නිෂ්පාදනය කොට තිබේ. අනෙකුත් ප්‍රධාන නිෂ්පාදකයින් වන්නේ බ්‍රසියල සහ ඉන්දියාවයි. ලොව පුරා දුම්කොළ සමාගමක් වන ඉම්පීරියල් දුම්කොළ සමූහය 2016 දී ඩොලර් බිලියන 39.1 ක ආදායමක් උපයා ඇත (The Statistics Portal). ඔවුන්ගේ ඉලක්කය වන්නේ එම නිෂ්පාදන කෙසේ හෝ විකුණා කෝටිපතියන් වීමය.
දුම් පානය නිසා එක්සත් ජනපදයේ පමණක් පිරිමි සහ ගැහැණු ළමයින් අතර ඇති සමස්ත මරණ අනුපාතය දුම් පානය නොකරන පුද්ගලයින්ට වඩා තුන් ගුණයක් පමණ වැඩි බව වාර්තා වේ. එම මරණවලට ප්‍රධාන හේතුව පෙනහළු පිළිකාව සහ ස්වසන රෝග වේ. තවද දුම්කොළවල ඇති නිකොටින් නිසා හදවත නිසි ලෙස ස්පන්දනය නොවීමේ තත්වයක් උදාවන අතර එය හදිසි මරණවලට හේතුවක් වේ.
මත්ද්‍රවය වලට විරුද්ධව ක්‍රියා කිරීමට හොඳම ක්‍රමය තම තමන්ගේ දහම අනුව ජිවත් වීමයි. සෑම දහමකින්ම ඊට එරෙහි වන අතර ඉස්ලාම් දහම අනුව එය විශාල පාපයක් ලෙස නම් කොට ඇත. එපමණක් නොව ඉස්ලාම් දහමින් මත් ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, බෙදාහැරිම සහ විකිණීම සපුරා තහනම් වේ. එපමණක් නොව මත්ද්‍රවය භාවිතා කල පුද්ගලයාගේ දේව විශ්වාසය එම කාලය තුලදී ඔහුගෙන් ඉවත් වන්නේය. එවැනි අවස්ථාවකදී ඔහු මිය ගියේ නම් ඔහුගේ ඉරණම කුමක් විය හැකිද? 


By Fasy Ajward. 

B.Sc(Sp.Phy)Hons.Japura,Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/