මානව කළලයේ විකසනය පිළිබඳව අල් කුර්ආනය

07/05/2020

The Quran on the Development of the Human Embryo)

September 11, 2019 

අල්-කුරානයේ විශේෂත්වය වන්නේ එහි ඉතාමත් දියුණු විද්‍යාත්මක සංකල්පයන් දැකිය හැකි වීමයි. ඒ අනුව එහි මිනිස් කළලයේ විකසනය, භුගර්බ විද්‍යාව, අභ්‍යාවකාශ විද්‍යාව, සාගර විද්‍යාව ඇතුළු තවත් බොහෝ විෂයයන්ට අයත් කරුණු 100% නිවැරදිව සඳහන්ව තිබීම දැකගත හැකිය. එහෙත් මෙහිදී සලකා බලනු ලබන්නේ මිනිස් කළලය පිළිබඳව කුරානයේ සඳහන් කොට ඇති කරුණු පමණි.
මිනිස් කළලයේ විකසනය පිලිබඳ පියවරවල් අඩංගු එක් කුර්ආන් වැකියක් පහත සඳහන් කොට ඇත.
"ඉන් පසු ඔහුව (ආදම්ගේ ප්‍රජාව) 'නුත්ෆා' (ශුක්‍රානු-ඩිම්බ එකතුව) ආරක්‍ෂිත තැනක තැන්පත් කෙළෙමු. පසුව එම 'නුත්ෆා' අවස්ථාව කැටියක් (අලකා) බවට පත් කෙළෙමු, එම කැටියෙන් අස්ථින් ඇති කළෙමු, ඉන් පසුව එම අස්ථින් මස්වලින් අවරනය කෙළෙමු; ඉන්පසු ඔහුව වෙනත් මැවීමක් බවට පත් කෙළෙමු" (කුරානය 23: 13-14).
මෙම කුර්ආන් වැකිය ගැන අදහස් දැක්වීමට ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ව්‍යුහ විද්‍යාව පිලිබඳ මහාචාර්ය කිත් එල් මුවර් (Keith L Moore) මහතා වෙත යොමු කර ඇත. ඒ අනුව ඒ මහතා මෙම කුර්ආන් වැකිය දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් පසු එහි සඳහන් අනු පිළිවෙල පිළිබඳව අතිශයින්ම පුදුමයට පත් වී තිබේ. ඉන් පසුව වර්ෂ 1981දී සවුදි අරාබියාවේ දමාම් නගරයේ පැවති විද්‍යා සම්මන්ත්‍රණයෙදී ඔහු පහත සඳහන් ප්‍රකාශය සිදු කොට තිබේ."මනුෂ්‍යයාගේ වර්ධනය පිළිබඳව අල්-කුරානයේ ඇති ප්‍රකාශනයන් ගැන විස්තර කිරීමට ලැබීම ගැන මා අතිශයෙන්ම සතුටට පත් වෙමි. ඇයිද යත් ඒවා අධ්‍යයනය කිරීමේදී මට පැහැදිලි වන එක් කරුණක් වන්නේ එම වදන් මුහම්මද් තුමාට දෙවියන්ගෙන් ලැබී තිබිය යුතු බවයි. මා එසේ පැවසීමට හේතුව එහි සඳහන් වන කරුණු මිට ශතවර්ෂ කීපයක් යන තුරුම සොයාගෙන නොතිබිමයි. මේ අනුව මට තහවුරු කළහැකි වැදගත් කරුණක් වන්නේ මුහම්මද් තුමාට එම වදන් දෙවියන්ගෙන් ලැබිය යුතු බවයි.
මෙම කුර්ආන් වැකියට අමතරව නබිතුමාගේ හදිස්වල කළලයේ නොයෙකුත් අවස්ථාවන් ගැන තවත් බොහෝ විස්තර දැකිය හැකි වන්නේය. කිසිඳු අධ්‍යාපනයක් නොලද මුහම්මද් නබි තුමාට එවැනි දෙයක් සිදු කිරීමට නම් අනිවාර්යයෙන්ම දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබී තිබිය යුතුය.
අල් කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව සනාථ කිරීමට අවශ්‍ය කරුණු කුරානය තුලම අඩංගු වෙතත් ඊට අමතරව මෙම 21 වන සියවසේදී මිනිසා ලබා ඇති විද්‍යා හා තාක්ෂණ දැනුමද එම කරන තවදුරටත් ස්ථිර කරන්නේය.
අල් කුරානයේ ඇති මෙවැනි ප්‍රකාශන දැකීමෙන් මිනිසාගේ සිත අවදි විය යුතුය. එහෙත් පුදුමයට කරුණ නම් සුළු පිරිසකට හැර බොහෝ අයට ඒවා තේරුම් ගැනීමට නොහැකි වීමයි.
By Fasy Ajward.

B.Sc(Special)Hons.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/Twiter:- thetrue_path