මුස්ලිම්වරුන් අතර සියදිවි නසා ගැනීම් අඩු ඇයි?

07/05/2020

Why is suicide so low among Muslims?

September 05, 2019 

මුස්ලිම්වුන් නිතර අල්ලාහ්ව සිහිපත් කිරීමෙන්ද දෛනිකව පස්වතාවක් අල්ලාහ්ට නැමදීමෙන් ද ඔහු සමග ඉතා සමීප සම්බන්දතාවයක් පවත්වා ගන්නේය. මේ හේතුවෙන් මුස්ලිම්වරුන්ගේ සිත් අල්ලාහ් කෙරෙහි ඇති විශ්වාසයෙන් පිරි පවතින්නේය. එහෙත් අල්ලාහ්ව මෙනෙහිකිරීමෙන් ඈත්වන සිත්හි යම්කිසි අඩුවක් දැනෙන්නේය. එය පිරවිය හැක්කේ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන්ම පමණි. ඒ හැර වෙන කිසිම ක්‍රමයකින් සිත් සැනසුම ලබන්නේ නැත. මේ නිසා කොපමන ලෞකික සැප සම්පත් තිබුනත් බොහෝ අයගේ සිත්වල කාන්සාවක් පවතින්නේය. මේ බව අල් කුරානයේ මෙසේ සඳහන් කොට ඇත. "අල්ලාහ්ව සිහිකිරීම තුලින් විශ්වාස කළවුන්ගේ සිත් සැනසුම ලබයි. දැනගන්න! අල්ලාහ්ව සිහිකිරීම තුලින් සිත් සැනසුම ලබයි" (කුරානය 13:28). මෙහි නැවත නැවතත් අවධාරණය කොට ඇත්තේ සිත්වල සැනසුම අල්ලාහ්ව සිහි කිරීම තුල රැඳී ඇති බවයි. එහෙත් දෙවියන්ගෙන් ඈත්වන මිනිසා සැනසීම සොයා නොයෙකුත් දේවල් අත්හදා බලන්නේය. ඒවා අසාර්ථක වූ විට ඔවුන් සිය දිවි නසාගැනීමට පෙළඹෙන්නේය.
සම්මානලාභී විලාසිතා නිර්මාණ ශිල්පී කැතරින් නොයෙල් බ්‍රොස්නහාන් නොහොත් කේට් ස්පේඩ් හට සියලු සැප සම්පත් තිබුනත් ඇය නිව්යෝර්ක් නගරයේ පිහිටි සිය නිවස තුලදී ජීවිතය නැතිකර ගෙන තිබේ. ඇය සියදිවි හානිකර ගන්නා විට ඇයගේ වයස අවුරුදු 55 ක් විය. එසේ නම් ධනවත් කාන්තාවක් වන ඇය සියදිවි හානි කරගත්තේ කුමක් නිසාද? මෙවැනි සිදුවීම් තවත් බොහෝ තිබේ. ඊට හේතුව කුමක්ද?
සිය දිවි හානිකර ගැනීම සම්බන්දයෙන් මනෝ විද්‍යාඥ, කැන්ඩිස් ලැම් ඔහුගේ අත්දැකීම් මෙසේ විස්තර කරන්නේය. "මගේ රෝගීන් සාමාන්‍ය මිනිසුන්ට වඩා වැඩි පීඩනයක් යටතේ මානසික ආබාධ රාශියකින් පීඩා විඳිති. ඒවා මෙලෙස වර්ගීකරණය කල හැකිය; භීතිකා ප්‍රහාර, නින්ද නොයාම, ප්‍රචණ්ඩකාරී පිපිරීම්, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, ආහාර ගැනීමේ අක්‍රමිකතා, සියදිවි නසාගැනීමේ සිතුවිලි, ලිංගික ඇබ්බැහි වීම සහ කිංකි හෝ විකෘති ලිංගික හැසිරීම" මේවයින් පෙන්නුම් කරන්නේ මිනිසුන්ට ධනය තිබුණු පමණින්ම මානසික සුවය නොලැබෙන බවයි.
සියදිවි හානිකරගැනීම් සම්බන්දයෙන් පර්යේෂන සිදු කරන අය පෙන්වා දෙන්නේ මුස්ලිම්වරුන් බහුතරයක් වෙසෙන මුස්ලිම් රටවල්වල සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය ඉතා අඩු බවයි. ඔවුන් පවසන අන්දමට මුස්ලිම්වරුන් අතර සියදිවි හානිකරගැනීම අඩු අගයක් ගන්නේ කුරානෙයේ බලපෑම සහ මුස්ලිම්වරුන් අතර නරකාදිය පිලිබඳව ඇති දැඩි විශ්වාසයයි. (Nova Science Publishers © Copyright 2004 - 2016).
සමස්ථයක් ලෙස වසරකට මිලියනකක් පමණ සියදිවිනසාගැනීම් වාර්තාවන්නේය. එනම් සෑම තත්පර 40 කටම ලෝකයේ කොතැනක හෝ සියදිවි නසාගැනීමක් වාර්තා වන්නේය. වසර 2050 වන විට එය වාර්ෂිකව මිලියන 1.5 ක් දක්වා ඉහල යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිදායනය සඳහන් කරයි. මොවුන්ගෙන් 25% තරුණයින් සහ වයස විසිපහට අඩු අය බව පෙන්වා දී ඇත. ලංකාවේ වසරකට හාරදහසක් පමණ සිය දිවි හානිකර ගැනීම් වාර්තා වන බව අචාර්ය නීල්ප්‍රනාන්දු (Head of National Institute of Mental Health) මහතාගේ වාර්තාව පෙන්වා දෙන්නේය.ඉස්ලාම් දහම අනුව සියදිවි හානිකර ගැනීම බලවත් වරදකි. කුරානයේ මෙලෙස සඳහන් වේ. "....දුප්පත්කමට (බිය වී) නුඹලාගේ දරුවන්ව ඝාතනය නොකරන්න. අපිම නුම්බලාටද, ඔවුන්ටද ආහාර ලබා දෙමු. තවද නින්දාසහගත ක්‍රියාවන්හි ප්‍රසිද්ධ දේටද, රහසිගත දේටද සමීප නොවන්න. අල්ලාහ් වැළැක්වූ කුමන ජීවයක් වුවද අයිතියක් නොමැතිව ඝාතනය නොකරන්න..." (කුරානය 6:151). කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් වේ. "විශ්වාස කලවුනි! නුඹලා අතර තෘප්තිමත් භාවය මත කෙරෙන වෙළඳාම හැර, නුඹලාගේ වස්තු නුඹලා අතර වැරදි අන්දමින් අනුභව නොකරන්න. තවද, නුඹලාව නුඹලාම නොනසා ගන්න. නියතව අල්ලාහ් නුඹලා සමග අසම දයාවන්තයා ලෙස සිටියි. සීමාව ඉක්මවාද, අසාධාරණ ලෙසද කවරෙක් මෙය කරයිද ඔහුව අපි නිරයට ඇතුළු කරන්නෙමු. මෙය අල්ලාහ්ට ඉතා පහසු කාර්යයක් වේ" (කුරානය 4:29-30).
නබිතුමා ජිවතුන් අතර සිටියදී යුද්ධයට ගිය සෙබළුන් පවා සිය දිවි හානිකරගෙන නැත. එම නිසා මරාගෙන මැරෙන බෝම්බ පුපුරවා ගැනීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත.
පහත දැක්වෙන්නේ වසරක් තුලදී සියදිවි නසාගැනීම් සම්බන්දයෙන් ඇති සංඛ්‍යා ලේකනයකින් උපුටාගත් කොටසකි. 


වසරක් තුලදී මිනිසුන් 100,000 කට සිදුවන සියදිවි නසාගැනීම් (2012)

රටේ නම     පිරිමින් සහ ගැහැණු එකතුව   ශ්‍රේණිය 

ගුයනා                            44                    1
දකුණු කොරියාව             29                    2
ශ්‍රී ලංකාව                       29                    3
ඉන්දියාව                        21                    11
රුසියාව                         20                   14
ජපානය                          19                   17
ඇමරිකාව                       12                   50
පකිස්තානය                     9                   76
ජර්මනිය                          9                   77
තුර්කිය                            8                   93
බංගලාදේශය                   8                  94
සිරියාව                         0.4                 170
සෞදි අරාබියාව            0.4                  171

(List by the World Health Organization - 2012)

මෙම සංඛ්‍යාලේඛනයට අනුව මුස්ලිම්වරුන් අතර සිය දිවි හානිකර ගැනීම් වාර්තා වී ඇත්තේ ඉතා අඩුවෙනි. ඊට ප්‍රධාන හේතුව ඔවුන් මරණයෙන් පසු ජිවිතයක් ගැන දැඩි ලෙස විශ්වාස කිරීමත් දෙවියන් කෙරෙහි ඇති විශ්වාසයත් ය.

By Fasy Ajward. 

B.Sc(Sp.Phy)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/