ලෝක අවසානයට පුර්ව සිදුවීම්

07/05/2020

Events before the end of the world)

November 11, 2019 

පෘථිවියට ආරම්භයක් මෙන්ම අවසානයක් තිබෙන බව විද්‍යාඥයින් පවා පිළිගනිති. එහෙත් එවැනි දෙයක් සිදු වන්නේ කෙසේද යන්න කිසිවෙකුට නිවැරදිව යමක් ප්‍රකාශ කල නොහැකිය. එම නිසා විද්‍යාඥයින් ඒ සඳහා නොයෙකුත් මත ප්‍රකාශ කර තිබේ. එහෙත් දෙවියන් පහල කල සෑම ප්‍රධාන ආගමකම ලෝක විනාශයක් ගැන සඳහන් කොට ඇත. ඉස්ලාම් දහමේ අනෙක් ආගම්වල මෙන්ම ලෝක විනාශයට පෙර සිදුවන ඇතැම් කරුණු ගැන පුර්ව දැනුම් දීමක් සිදු කොට ඇත. ඒවායින් බොහොමයක් දැනටමත් සිදු වී හමාරය. මෙම සිදුවීම් වලට පසු විශාල සිදුවීම් දහයක් ඇතිවීමට නියමිතය. ඉන් පසු ලෝකය විනාශ වීමට නියමිතය. ලොව පහළ වූ දෙවියන්ගේ අවසාන දුතයා වන මුහම්මද් නබිතුමා ඒ පිළිබඳව සිදු කොට ඇති ඇතැම් අනාවැකි පහත සඳහන් කොට ඇත.

  • ප්‍රයෝජනවත් දැනුම ලෝකයෙන් තුරන් වන අතර නුගත්කම පැතිරෙනු ඇත. (මෙහි ප්‍රයෝජනවත් දැනුම ලෙස හැඳින්වෙන්නේ ආගමික දැනුම වේ)
  • පොත්පත් සහ ලිඛිත දැනුම බහුලව දැකිය හැකි නමුත් (ආගමික) විද්වතුන් හිඟ වනු ඇත. (අහමද්).
  • පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම සාමාන්‍ය සිද්ධීන් බවට පත්වනු ඇත. (නබිතුමාගේ හදිස් වලින් දැක්වෙන පරිදි මේ වැනි දේ සිදුවන විට මිනිසා මිට පෙර කිසිදාක නො ඇසූ නො දුටු ලෙඩ රෝග අළුතින් ව්‍යාප්ත වනු ඇත) බුහාරි, මුස්ලිම්, ඉබ්නු මාජාහ්.
  • පාලකයින් අතර අපචාරය බහුලව සිදු වනු ඇත. (හදිස් වලින් කියවෙන්නේ මිනිසා අයහපත් දේ වැළැක්වීමට ක්‍රියා නොකිරීමෙන් මෙය සිදුවන බවය-ඉබ්නු මාජාහ්)
  • පරදාර සේවනය සහ මෞතුනයෙහි යෙදීම ප්‍රසිද්ධියේම සිදු කෙරෙනු ඇත.
  • මත්පැන් පානයකිරීම බහුලවශයෙන් සිදු වනු ඇත (බුහාරි, මුස්ලිම්).
  • පිරිමින්ට වඩා ගැහැණුන්ගේ ප්‍රතිශතය වැඩිවනු ඇත. මෙය එකට පනහ තරම් විශාල අගයක් දක්වා වැඩිවන බව සඳහන් වේ. (බුහාරි, මුස්ලිම්).
  • මනුෂ්‍ය ඝාතන බහුලව සිදුවනු ඇත. ඝාතන වැඩි වන තරමට කුමන හේතුවක් නිසා එම ඝාතනය සිදුකලේදැයි ඝාතකයා පවා දැනගන්නේ නැත
  • කෑදරකමින් කෑම මේසයක් වටා සිටගන්නවා සේම මුස්ලිම්වරුන්ට එරෙහිව ලෝකයේ විවිද ජාතින් සිටගනු ඇත. මෙසේ සිදුවන විට ලෝකයේ මුස්ලිම්වරු බහුලව සිටියත් ඔවුන් මුහුදේ ඇති පෙන මෙන් වටිනාකමක් නැති ජාතියක් බවට පත්වනු ඇත.
  • අම්ල වරුසා, වසිනු ඇත (අත් තබරානි, අල් හාකිම්)
  • අවජාතක දරුවන් සුලබ වනු ඇත (අත් තබරානි, අල් හාකිම්)
  • පොදු අරමුදල් (trust) ලාභ උපයන දේවල් බවට පත් වනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි)
  • ලාභාංශ ධනවතුන් අතර පමකන් බෙදා ගනු ඇත, ඒවා දුප්පතාට නොලැබෙනු ඇත (අත් තිර්මිසි)
  • zසකාත් ගෙවීම බරක් ලෙස සලකනු ඇත. මසුරුකම රජකරනු ඇත. අකමැත්තෙන් සදකා හෙවත් තුටුපඬුරු දෙනු ඇත (අත් තිර්මිසි, අල් හය්තමි)
  • මිනිසුන් මසුරන් බවට පත්වනු ඇත (බුහාරි)
  • හදිසි මරණ ගැන නිතර ඇසීමට ලැබෙනු ඇත (අහමද්)
  • මිනිසුන් ප්‍රසිද්දියේ කුලුපහු මිතුරන් ලෙස රඟ පාන අතර රහසිගතව සතුරන් ලෙස ක්‍රියාකරනු ඇත (අත් තිර්මිසි)
  • මිනිසුන් භාර්යාවට කීකරු වන අතර මවට අකීකරු වනු ඇත, යහළුවන් සමග කුලුපහවන අතර පියාගෙන් දුරස් වනු ඇත (අත් තිර්මිසි)
  • දේවස්ථානවල උස්හඩින් කතා කරනු ඇත (අත් තිර්මිසි)
  • දිගු ගමන් කෙටි කාලයකදී සිදු කරගනු ඇත.
  • මිනිසුන් අතරින් නරකම ජනයා පාලකයින් බවට පත්වනු ඇත (අත් තිර්මිසි)
  • පාලකයන් විසින් ජනතාව තලා පෙලා රට පාලනය කරනු ඇත (අල් හය්තමි)
  • මිනිසුන්ගේ දෘශ්ටකම් වලට බියෙන් මිනිසා මිනිසාට ගව්රව කරනු ඇත (අත් තිර්මිසි)
  • ගායිකාවන් සහ සංගීත භාණ්ඩ ජනප්‍රිය වනු ඇත (අත් තිර්මිසි)
  • මිනිසුන් කුරානය පිළිපදින බව කියමින් හදිස් සහ සුන්නාවලින් ඇති වනු ඇත (අබු දාවුඩ්)
  • කාලය වේගවත් වනු ඇත (බුහාරි, මුස්ලිම්)
  • සත්ක්‍රියා දුලභ වනු ඇත (බුහාරි)
  • නිතර නිතර භූමිකම්පාවන් සිදුවනු ඇත. (බුහාරි, මුස්ලිම්)
  • සිව්පාවන් මිනිසුන් සමග කතා කරනු ඇත (අහමඩ්)
  • කාන්තාවන් වස්ත්‍ර ඇන්දත් නිරුවතින් මෙන් දිස්වනු වනු ඇත. මොවුන් නොමග යන ගමන් අනෙක් අයවත් නොමග යවනු ඇත (මුස්ලිම්)
  • මිනිසුන් ඉතා උස ගොඩනැගිලි සැදීමේ තරගයක නිරත වනු ඇත (බුහාරි)
  • පවුල් අතර ඇති බැඳීම් සිඳී යනු ඇත.
  • අහාර පාන බහුලව තිබුනත් ඒවායේ ආශීර්වාදයක් (blessings) නොතිබෙනු ඇත.
  • යුප්‍රටීස් නදියෙන් නිදානයක් මතු වනු ඇත (එම අවස්ථාවේ ජිවත්වන කිසිවෙකුට එය නොගන්නා මෙන් නබිතුමා පවසා ඇත) (බුහාරි, මුස්ලිම්)

ඉහත සඳහන් කල සිදුවීම් අවාසනා වන විට නබිතුමාගේ පරම්පරාවට හිමිකම් කියන මහදි තුමා පැමිණීමට නියමිතය. එතුමා ජිවතුන් අතර සිටින අතර වාරයේදී ජේසු තුමා ද නැවත පැමිණීමට නියමිතය. ඒ වන විටත් දජ්ජාල් (Anti Christ) මෙලොවට පැමිණ සිටිනු ඇත. ඔහු භුමියේ විශාල විනාශයන් සිදු කරන බව සඳහන් වේ.
දජ්ජාල් (Anti Christ) ගැන දෙවියන් පහළ කල සෑම ආගමකම අනතුරු හඟවා තිබේ. ඔහු සිරියාව සහ ඉරාකය අතර පිහිටි කලාල යන ස්ථානයෙන් මතුවීමට නියමිතය.ඔහුගේ හිසකෙස් රැලිවැටී ඇති අතර ඇස් ඉදිරියට නෙරා තිබෙනු ඇත. තවද ඔහුගේ එක් ඇසක් අන්ද වේ. ඔහු දින හතලික් පමණ ජිවතුන් අතර සිටිමින් විශාල විනාශයක් කරන බව නබිතුමා පවසා ඇත. ඔහුගේ නළලේ 'කාෆිර්' යැයි සඳහන් කොට ඇති බව හදිස් වල සඳහන් වේ. දජ්ජාල්ට ඇතැම් හාස්කම් කිරීමට දෙවියන් හැකියාව ලබා දී තිබේ. එම හේතුවෙන් ඔහු නියගයෙන් පිඩා විඳිමින් සිටින ජනතාව සඳහා අහසට නියෝග කිරීමෙන් වරුසාව ලබා දෙන්නේය. පොලවට අණ කිරීමෙන් බෝග වගා කර දෙන්නේය. මේවා දැකීමෙන් ඇතැම් අය ඔහුව දෙවියන් යැයි විශ්වාස කරනු ඇත. ඉන් අනතුරුව ඔහු අලංකාර තරුණයෙකුව කැඳවා ඔහුව දෙවියන් යැයි විශ්වාස කරන ලෙස නියෝග කරන්නේය. එහෙත් එම තරුණයා ඔහුගේ නියෝගය ප්‍රතික්ෂේප කරනු ඇත. එවිට දජ්ජාල් සිය කඩුවෙන් එම තරුණයාව කපා වෙන් කරන්නේය. ඉන් පසු එම තරුණයාව ඔහුගේ හාස්කමින් නැවත නැගිට සිටීමට අණ දෙන අතර ඔහු සිනාසෙමින් නැගිටින බව හදිසයේ සඳහන් වේ. අනතුරුව දජ්ජාල්ගේ දේවත්වය පිළිගන්නා මෙන් ඔහුට නියෝග කරත් එම තරුණයා ඔහුගේ ඉල්ලීම දෙවන වරටත් ප්‍රත්ක්ෂේප කරන්නේය. එවිට දජ්ජාල් ඔහුගේ කඩුවෙන් එම තරුණයාව නැවතත් කපා වෙන් කිරීමට උත්සාහ කලත් ඔහුට එය කල හැකි වන්නේ නැත. මින් පසු දජ්ජාල් වෙනත් නගරයකට පලායනු ඇත. කෙසේ වෙතත් දුර්වල විශ්වාසයන් ඇති අය දජ්ජාල්ගේ ක්‍රියාවන් දැකීමෙන් ඔහුව දෙවියන් බවට විශ්වාසකරන බව සඳහන් වේ. මේ වන විට ජේසු තුමා දෙවදුතයින් දෙදෙනෙකුගේ අත්තටු මත දමස්කස් නගරයට නැගෙනහිරින් පිහිටි මිනාරාව දෙසට පැමිණෙනු ඇත. එහිදී ඔහු මිනිසුන්ට සලාතය මෙහෙයවනු ඇත. පසුව ඔහු දජ්ජාල්ව සොයා ගොස් 'බාබු ලුද්' යන ස්ථානයේදී ඝාතනය කිරීමට නියමිතය. මෙම සිදුවීම වලින් පසු යාජුජ් සහ මාජුජ් (Gog and Magog) යන කණ්ඩායම් දෙක පැමිණීමට නියමිතය. මොවුන් නිසා මිනිසුන් මහත්සේ පිඩාවට පත් වනු ඇත.
මෙම සිදුවීම්වලින් පසු නැවතත් හොඳ කාලයක් එළමෙන බව නබිතුමා පවසා ඇත. එම කාලය අවසාන වීමත් සමග ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත විශාල සිදුවීම් සියල්ලම ඉතා වේගයෙන් එක පිට එකක් පැමිණීමට නියමිතය. එහෙත් එම කාලයේදී විශ්වාසවන්තයින් කිසිවෙකු ජිවතුන් අතර නොසිටිනු ඇත. ලෝකය අවසාන වන්නේ ඉන් පසුවය.
මෙම සිදුවීම් වලින් පසුව අල්ලාහ් නියම කල අන්දමට විනිශ්චය දිනය ආරම්භ වනු ඇත. එම දිනයේදී මෙලොව ජීවත්වූ සියලුම ජීවින් එක තැනකට එක්කාසු කරනු ඇත. එම විනිශ්චයෙන් පසු මිනිසාට ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිතය. සෙසු ජීවින් දුවිලි බවට පත්කරනු ඇත.
By Fasy Ajward.

B.Sc(sp.phy)Hons,Japura.Ex: Research officer at former Scientific and Industrial Research Institute.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/