විශ්වයේ මැවීම

08/05/2020

Creation of the universe

September 01, 2019

විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවත් සමගම විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව නිගමනය කොට ඇත. එහෙත් ඈත අතීතයේදී විශ්වය නිරන්තරයෙන්ම තිබුණු එකක් බව විශ්වාස කොට තිබේ. කෙසේ වෙතත් විශ්වය බිහිවු අන්දම ගැන විද්‍යාඥයින්ට තවමත් ප්‍රහේලිකාවකි.
බොහෝ විට විශ්වයේ ආරම්භය පිළිබඳව අසනු ලබන ප්‍රශ්නයන් වන්නේ, විශ්වයට ආරම්භයක් තිබේ නම් එය කෙසේ ඇතිවූයේද, ඒ සඳහා නිර්මාණ කරුවෙක් සිටිය යුතුද, නැතහොත් එය ඉබේ ඇතිවූනාද, නිර්මාණ කරුවෙක් සිටිනවා නම් ඔහු කව්ද, විශ්වයට නිර්මාණ කරුවෙක් නොසිටින්නේ නම් විශ්වය ඇති වීමට බලපාන ලද සාදක මොනවාද, විශ්වය දෙවියන් මැවුවා යැයි පිළිගත හැකිද, දෙවියන් විශ්වය මැව්වේ යැයි පිළිගන්නේ නම් ඔහු කව්ද, ඔහු සිටින්නේ කොතනද, ඔහුගේ ලක්ෂණ මොනවාද යනාදිය වේ.


අපගේ විශ්වය බිලියන 14 ක් පමණ පැරණි බව ගණන් බලා තිබේ. එහි ආරම්භය සෙවීම සඳහා විද්‍යාඥයින් විශාල වෙහෙසක් ගනිමින් සිටිති. කෙසේ වෙතත් මේ දක්වා එම උත්සාහයන් සාර්ථක ප්‍රතිපල පෙන්වා නොමැත. ඊට හේතුව විද්‍යාඥයින් ඉදිරිපත් කරන සෑම වාදයකම අඩුපාඩු දැකිය හැකි වීමය. විද්‍යාඥයින් විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් ඇතැම් මත ඉදිරිපත් කොට ඇත. මහා පිපිරුම් වාදය ඉන් එක් මතයකි. එම මතය පිළිනොගන්නා විද්‍යාඥයින් ද ඇත. තවත් සමහර විද්‍යාඥයින් පවසන්නේ විශ්වය ඉබේ ඇතිවිය යුතු බවයි. එහෙත් එම මතය පිලි නොගන්නා විද්‍යාඥයින් ද සිටිති. ඒ අනුව විශ්වයේ බිහිවීම විද්‍යාඥයින්ට තවමත් අභිරහසකි. එසේ තිබියදී අල් කුරානයේ සඳහන් වන්නේ විශ්වය දෙවියන් මැවූ බවයි.
"නියත වශයෙන්ම නුඹගේ අධිපතියා අල්ලාහ්ය, ඔහු අහස් සහ පොළව දවස් හයකදී මැව්වේය, පසුව ඔහු (සිය තත්වයට ගැලපෙන පරිදි) අර්ෂ් මත නැඟුණේය. ඔහු දවහල ආවරණය කරමින් රාත්‍රිය ඇති කරන්නේය, ඒවා (රාත්‍රිය සහ දහවල) එකිනෙක ළුහු බඳින්නේය, තවද සුර්යාවද චන්ද්‍රයාවද තරකාවන්ද සිය අණට වසඟ වන දේවල් ලෙස (මවා ඇත්තේය). නියත වශයෙන්ම මැවිමද, අණ කිරීමද, ඔහුටම අයත් ඒවා වේ. සකල ලොවැසියන්ගේ අධිපති වූ අල්ලාහ් භාග්‍යවන්තයා ය" (කුරානය 7:54).
මෙම කුර්ආන් වැකිය අනුව අල්ලාහ් විශ්වය නිශ්චිත කාල වකවානු හයකදී මවා තිබේ. (දින හය යන්න අප සලකන පැය 24 දින හයක් නොව, එය දෙවියන්ගේ කාල මිනුම් මත ඇති දෙයකි).  එහෙත් විද්‍යාඥයින්ට මේ දක්වා මහා පිපුරුමට අවශ්‍ය සැලසුම ඇති කලේ කව්රුන්දැයි කීමට හෝ පිපිරීමෙන් පසු බිලියනයකට වඩා ක්ෂිරපත බිහිවුයේ කෙසේදැයි පැවසීමට හැකිවී නැත.
පෘථිවිය මත සිටින ජීවින් අතරින් මිනිසා ඉතා වැදගත් මැවීමක් වන්නේ ඔහුට ලැබී ඇති බුද්ධිය නිසාය. එපමණක් නොව මිනිසාට දෙවියන් විසින් දහමක් ලබා දී තිබේ. මේ නිසා මිනිසාට විශාල කාර්ය භාරයක් පැවරෙන්නේය. එනම් විශ්වයේ මැවුම්කරු ගැන විශ්වාස කොට ඔහුගේ මගපෙන්වීම අනුව ජිවත් වීමය. එහෙත් මිනිසා මෙලොවට පැමිණ ඇති අරමුණ ගැන නොසිතා වෙනත් කාර්යයන්හි නිරත වෙමින් සිටින්නේය.
බොහෝ අයට තිබෙන ප්‍රශ්නයක් වන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් නම් දෙවියන්ව මැව්වේ කව්රුන්ද යන්නය. එහෙත් දෙවියන් පිලිබඳ අල් කුරානයේ දී ඇති අර්ථ දැක්වීම අනුව ඔහු කිසිවෙකුට දාව ඉපදී නොමැත. කෙසේ වෙතත් දෙවියන් විශ්වය මවා ඇත්තේ ඔහු සිටින අවකාශයේ නොවන්නේය. එබැවින් මෙම විශ්වය තුල දෙවියන් සිටින්නේ නැත. එම නිසා දෙවියන් ගැන දැනගත හැක්කේ ඔහු විසින් දෙන ලද දේව පණිවිඩයකින් පමණි.
දෙවියන් විසින් පහළ කරන ලද සෑම ප්‍රධාන දහමකින්ම ඔහු ගැන සඳහන් කොට ඇත. අල් කුරානය අවසාන වරට පහළ කරන ලද දහම් පණිවිඩය වේ. එය හොඳින් හැදෑරීමෙන් විශ්වයේ මැවුම්කරු ගැන නිවැරදි අවබෝදයක් ලබා ගත හැකි වන්නේය. කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් බව සනාථ කිරීම සඳහා අවශ්‍යකරන කරුණු එය තුලම අන්තර්ගත කොට තිබේ. එම නිසා ඒවා හැදෑරීමෙන් කුරානයේ සත්‍යතාව තහවු
රු කර ගත හැකිය.

By Fasy Ajward.

B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/