සුන්නි සහ ෂියා අතර වෙනස

08/05/2020

The difference between Sunni and Shia

September 03, 2019 

ෂියා වරුන්ගේ ආරම්භය සිදු වන්නේ නබිතුමාගේ අභාවයෙන් දසක කිහිපයක් ගත වු පසුව ය. මිට ප්‍රධාන හේතුව අලිරලි තුමා සහ මු'ආවියා රලි තුමා අතර ඇතිවුණු යුද්දයකි. ආරම්භයේදී ෂියා දේශපාලන මුහුණුවරක් ගත් අතර පසුව ආගමික නිකායක් බවට පත් විය. ශියාවරුන් විශ්වාස කරන්නේ මුහම්මද් නබිතුමාගෙන් පසු බලය හිමි විය යුත්තේ එතුමාගේ අනුප්‍රාප්තිකයන් වන අලි රලි තුමාට සහ ඔහුගෙන් පැවත එන ඉමාම්වරුන්ට බවයි. ශියාවරුන් අද වන විට තවත් බොහෝ නිකායන්වලට බෙදී ඇත. බෝරාවරුන් ද එම නිකායට අයත් වෙති. ෂියාවරුන් පිළිපදින ඉස්ලාම් දහම නබිතුමා පෙන්වාදෙන ලද දහමම නොවේ. එම නිකායේ ඉස්ලාම් දහමට පටහැනි බොහෝ දේවල් එකතුකොට තිබේ. මේ නිසා ශියාවරුන් ඉස්ලාම් දහමින් වෙන්වූ කොටසක් ලෙස සැලකේ. ඒ අනුව ඔවුන් අදහන දහම සහ ඉස්ලාම් දහම අතර අහසට පොලව මෙන් වෙනස්කම් දැකිය හැකිය. මේවා ගැන නිසි දැනුමක් නොමැති මුස්ලිම්වරුන් තම දරුවන්ව ෂියා මද්රසා පාසැල්වලට ඇතුලත් කිරීම ඉතා භයානකය. ඇයිද යත් ඔවුන්ගේ ඉගැන්වීම් ඉස්ලාම් දහමේ ඉගැන්වීම්වලට සහමුලින්ම වෙනස් වන නිසාය. අද ලංකාව තුලද ඔවුන්ගේ මතවාදය පතුරුවමින් අළුතින් පාසැල් ඇතිකරමින් තිබෙන නිසා මුස්ලිම්වරුන් අවදියෙන් සිටිය යුතුය.
ෂියාවරුන් ගේ විශ්වාසයන්ගෙන් සමහරක් පහත දැක්වේ.

  • දෙවියන්ට බදා (Badaa) ලක්ෂණය ඇත. එනම් සඟවා හෙළිදරව් කිරීම හෙවත් දේව කැමැත්ත වෙනස් කිරීම (මුලාශ්‍රය Usul -e- Kafi). එහෙත් ඉස්ලාම් දහම අනුව එවැනි දෙයක් නැත.
  • දෙවියන් අමතක කරන්නේය (මුලාශ්‍රය Ibid). මෙය ඉස්ලාම් දහම අනුව වැරදිය.
  • දෙවියන් වැරදි කරන්නේය (මුලාශ්‍රය Ibid). ඉස්ලාම් දහම අනුව දෙවියන් වැරදි කරන්නේ නැත.
  • දෙවියන් සැලසුම් කලත් එය සිදු වන්නේ නැත (මුලාශ්‍රය Ibid). ඉස්ලාමිය විශ්වාසය අනුව දෙවියන්ගේ සැලසුම් වරදින්නේ නැත.
  • දෙවියන් නබිතුමාගෙන් පසු පාලකයා වශයෙන් පත් කළ යුත්තේ කව්රුන්දැයි දන්නේ නැත (මුලාශ්‍රය Ibid). ඉස්ලාම් දහම අනුව පාලකයෙක් පත් කිරීම මිනිසාට පවරා ඇත.
  • "ෂියාවරුන් වන අප යzසිද්, මුඅ'වියා, උzස්මාන් වැනි අයට පාලනය ලබා දුන් දෙවියන්ට නමදින්නේ නැත" (මුලාශ්‍රය Ibid). ඉස්ලාම් දහම අනුව උzස්මාන් රලි තුමා ස්වර්ග වාසියෙකි.
  • ඔවුන් පවසන්නේ "අලි පවසන පරිදි....මමයි ආරම්භකයා. මම විද්‍යාමාන සහ සැගවුණු කෙනා වෙමි. පෘථිවියට උරුමක්කාරයා මම වෙමි"(මුලාශ්‍රය Islaamic Goverment P35/ 133). මෙය ඉස්ලාමිය ඉගැන්වීම් වලට සපුරා වැරදිය.
  • තවද ෂියාවරුන් පවසන්නේ ඉමාම්වරුන් යනු දෙවියන්ගේ මුහුණ බවයි (මුලාශ්‍රය Ibid). මෙය ඉස්ලාමිය ඉගැන්වීම්වලට සපුරා පටහැනි වේ.

ෂියාවරුන්ගේ මතය අනුව නබිතුමාගේ අභාවයෙන් පසු තිදෙනෙක් හැර අන් සියළුම දෙනා ඉස්ලාම් දහම අතහැර තිබේ (මුලාශ්‍රය Anwaar - No'maan Niyyah - P245. Vol 2. Nimatullah Jafaari./ Furu Kafi, Kitaabul Raudah :15 - Mullah Muhammad bin Yaqoob Kulaini Vol 3 P115/ Usul -e-Kafi Vol 2, P 246 Rijaal Kashsi P504). තවද ශියාවරුන් පවසන්නේ අබුබක්කර්, උමර් සහ උzස්මාන් රලි තුමන්ලා අලිරලි තුමාට හිමිවිය යුතු කලීෆා පදවිය උදුරා ගත් බවයි (මුලාශ්‍රය Al- Ihtijaaj - Tibrasi 83, 84./Haqqul Yaqeen, P 157). එසේම ශියාවරුන්ට අනුව උමර් රලි තුමා ඉස්ලාම් දහම හැර ගිය කාෆිර් කෙනෙකු වේ (මුලාශ්‍රය Haqqul Yaqeen , 551/Kashful Asraar P119). සුන්නිවරුන් මේවා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරන්නේය.
ෂියාවරුන්ට ඔවුන්ගේම කුරානයක් ඇත (මුලාශ්‍රය Usul-e-Kafi). තවද ඔවුන්ට පමණක් අයත් නබිවදන් අඩංගු හදිස් ග්‍රන්ථ ඇත. එබැවින් ඔවුන් සහිහ් බුහාරි හෝ වෙනත් හදිස් ග්‍රන්ථ පිලි පදින්නේ නැත. එසේම ඔවුන්ට වෙනම ම ෆික් නීති පොත් සම්පාදනය කොට ඇත. ඒ අනුව ෂියා වරුන් දිනකට තුන් වේලක් පමණක් නැමදීම සිදු කරති. එහෙත් නබිතුමා පෙන්වා දී තිබෙන්නේ දිනකට පස් වෙලාවක් සලාතය ඉටු කිරීමට ය.
ෂියාවරුන් විශ්වාස කරන්නේ ඔවුන් පිළිපදින ඉමාම්වරුන්ට දේව පණිවිඩ ලැබෙන බවයි. තවද ඔවුන් සිදු කරනු ලබන සලාතය, අzසාන් සහ හජ් සුන්නි මුස්ලිම්වරුගෙන් වෙනස් වේ (මුලාශ්‍රය Usul-e-Kafi Vol2 P278/ Tafseer - al- Waeelah Vol 1 P280). එහෙත් සුන්නිවරුන් විශ්වාස කරන්නේ නබිතුමාගෙන් පසු දේව පණිවිඩ හෙවත් වහි පහළ වීම අවසාන වූ බවයි.
ෂියාවරුන් පවසන කලිමාව සුන්නිවරුන් පවසන කලිමාවට වඩා වෙනස් වේ. ඒ අනුව ඔවුන්ගේ කලිමාව වන්නේ "ලා ඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර්රසුලුල්ලාහ් - අලි වලියුල්ලා, කුමෙනි හුජ්ජතුල්ලාහ්" යනුවෙනි (මුලාශ්‍රය Wahdat Islaami - June 84 P1- monthly Iranian Goverment. Periodical). එහෙත් නබිතුමා පවසා ඇත්තේ "ලා ඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර්රසුලුල්ලාහ්" යන කලිමාව පමණි.
මිට අමතරව ෂියාවරුන් වාර්ෂිකව කර්බලා දිනය සිහි කරමින් තමාගේ ශරීරයට වද හිංසා පමුණුවා ගනිති. එහෙත් එවැනි දේවල් ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. මේවා දැකීමෙන් ඉස්ලාම් දහම ගැන නොදන්නා අය සිතන්නේ ඒවා ඉස්ලාමීය ඉගැන්ව්ම් ලෙසය. එසේම ශියාවරුන්ගේ කොටසක් වන බෝරාවරුන් සිදු කරන බොහෝ දේවල් ඉස්ලාම් නොවේ.
By Fasy Ajward.

B.Sc(Sp,Phy)Hons.J.pura.Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislamhttps://truepath1.blogspot.com/Twiter:- thetrue_path