8) අනුමාතෘකා 117-130 පිටු 483-509 දක්වා

05/03/2020

3). ඇඳුම් පිලිබඳ පොත

117). සුදු රෙදි ඇඳීම සතුටු දායකය. රතු කොළ කහ සහ කළු පාට රෙදි ඇඳීම අනුමතය. පට රෙදි හැර කපු තිත්තන් හා කම්බිලි වනි ඇඳුම් ද අනුමතය.(පිටු අංක -483)

118). කමිසයක් ඇඳ ගැනීම සතුටුදායකය. (පිටු අංක - 487)

119). ඔලෝගුව, ඔලෝගුවේ අත, තලප්පාවේ පොටවල් දිගට තිබීමේ ස්වභාවය සහ මේවා උඩුඟු කමින් තොරව සාමාන්යයෙන් දිගට ඇදෙන්න සැලැස්වීම පිලිකුල් සහගතය.(පිටු අංක -488)

120). යටහත් පහත් බව විදහා පෙන්වීම පිණිස උසස් ඇඳුම් ඇඳීම අත්හැරීම සතුටුදායකය. (පිටු අංක - 495)

121). අඳින ඇඳුමේ මධ්‍යස්ථ පිලිවෙත සතුටුදායකය.(පිටු අංක -495)


122). පිරිමින්ට පට රෙදි ඇඳීම, ඒ මත වාඩිවීම හා හන්සිවීම තහනම්ය. (පිටු අංක - 496)

123). චර්ම රෝග ඇති අයට පට ඇඳීමට අනුමතය. (පිටු අංක -498)

124). කොටි හම එලීම හා වාහනය මත එලා ඒ මත ගමන් කිරීම ආදිය තහනම් වෙයි. (පිටු අංක - 498)

125). අළුත් ඇඳුමක් අඳින විට හෝ අළුත් පාවහන් අඳින විට ප්‍රකාශ කල යුතු දෑ. (පිටු අංක -499)

126). ඇඳුමක් අඳින විට පළමුවෙනම දකුණු පසින් ආරම්භ කිරීම සතුටුදායකය. (පිටු අංක - 499)

04). නිදා ගැනීමේදී, හාන්සි වීමේදී, අසුන් ගැනීමේදී සහ හීනයක් දුටු මොහොතේදී පිලිපැදිය යුතු විනය ගරුක ක්‍රම පිලිබඳ පොත.

127). නිදා ගැනීමට යන අවස්ථාවේදී කිව යුතු දෑ. (පිටු අංක -500)

128). උඩුබැලි අතට නිදා ගැනීම, රහසඟ පෙනේවි යන බියක් නොමැති නම් පාදයක් පිට පාදයක් දමා ගැනීමත් වරදක් නොවේ. එරමිණියා ගොතා වාඩිවීමත්, දනහිස් අතින් වෙලාගෙන වාඩිවීමත් වරදක් නොවේ. (පිටු අංක - 502)

129). සභාවෙහි හා එහි අසුන්ගන්නා අයගේ විනය. (පිටු අංක -504)

130). සිහින හා ඒ සම්බන්ධ වි‍ෂයයන්. (පිටු අංක - 509)