රමළාන් මාසයේ අඹු සැමි සම්බන්ධතා පිළබඳ ඉස්ලාමයේ පවතින නීති රීතීන් මොනවාද?

01/05/2020

[5:03 AM, 5/1/2020] 114-Ayesha New 3/6/2018: රමළාන් මාසයේ අඹු සැමි සම්බන්ධතා පිළබඳ ඉස්ලාමයේ පවතින නීති රීතීන් මොනවාද?

අල්ලාහ් ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ පවසයි: "සව්ම් (උපවාස දිනයන්හි) රාති‍්‍රයේ දී නුඹලාගේ භාර්යාවන් සමඟ සංසර්ගය අනුමත කර තිබේ. ඔවුන් නුඹලාගේ සළුපිළි(වැනි)ය. නුඹලා ද ඔවුන්ගේ සළුපිළි(වැනි)ය". (අල්බකරා 2 : 187).

"එනිසා දැන් නුඹලා ඔවුන් (භාර්යාවන්) සමඟ රාත‍්‍රි කාලයේ සංවාසයෙහි යෙදෙනු(හැකිය)".(අල්බකරා 2 : 187).

උපවාසය අවසන් කිරීමේ සිට ෆජ්ර් අදානය (කැඳවීම) තෙක් ස්වාමි පුරුෂයා හා භාර්්‍යාව අතර සංසර්ගයට අවසර ඇත. රමළාන් මස දහවල් කාලයේ උපවාසයෙන් පසුවන විට සංසර්ගය සපුරා තහනම්වූවද, තුරුල් කරගැනීමට, සිඹ ගැනීමට අවසර ඇති බව පහත සඳහන් පුවත් තුළින් තහවුරු වේ.

ආයිෂා (රලි) තුමිය විස්තර කරයිඃ "නබි (ﷺ) තුමන් උපවාසයෙන් පසුවන අවස්ථාවල (තම භාර්්‍යාවන්) තුරුල් කරගන්නේය, තවද සිඹ ගන්නේය. ඔබලා අතුරින් සිය කායික හැඟීම් අධික ලෙස පාලනය කරන කෙනෙකු වශයෙන් එතුමන් සිටියේය". (මූලාශ්‍රයඃ බුහාරි 1927).

මුස්ලිම් ග්‍රන්ථයෙහි සඳහන්වන පුවතක "රමළාන් සමයෙහි" යනුවෙන් සඳහන්වෙයි.

"නබි (ﷺ) තුමන් උපාවසයෙන් පසුවන අවස්ථාවල තම භාර්්‍යාවක් සිඹ ගන්නේය යනුවෙන් පවසා ආයිෂා (රලි) තුමිය සිනාසුනේය" යනුවෙන් උර්වා (රහ්) තුමන් වාර්තා කරයි. (මූලාශ්‍රය බුහාරි 1928).

ඉහත ප්‍රකාශවල ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය විශේෂයෙන් සඳහන් කරන කරුණ නම් අල්ලාහ්ගේ දූතවරයා හැඟීම් පාලනය කරගත් කාරණාවයි. මන්ද මෙය සාධක වශයෙන් ගෙන කටයුතු කරන අය තමන්ට ඒ අයුරින් පාලනය කරගත හැකි ද යන කරුණ තීරණය කරගත යුුතුයි. එසේ නොහැකි විට ඔහු එයින් වැළකි සිටිය යුතුයි.

කෙනෙකුට සිය කායික හැඟීම් පාලනය කරමින් සීමාව ඉක්මවා නොයන බව විශ්වාසය පවතී නම් ඔහුට ඉහත සඳහන් සල්ලාපවලට අවසර ඇත. එසේ මෙම අවස්ථාවලට එළඹීම තුළින් සීමාව ඉක්මවා යයි කියා කවුරුන් බියවෙයිද ඔවුන් සල්ලාපවලින් වැළකී සිටිය යුතුය.

අල්ලාහ් පවසන බව නබි (ﷺ) තුමන් මෙසේ පවසයි: "තවද උපවාසයෙන් පසුවෙන්නා ඔහුගේ ආහාර, පාන ආශාවන් (කායික හැඟීම් සියල්ල) මා වෙනුවෙන් කැපකරයි. උපාවසය මාහටම අයිති යාඥාවකි, එයට මා විසින්ම පිං කුසල් ප්‍රදානය කරනු ලබයි". (විස්තර කරන්නේ අබූ හුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි 1894). මෙය දීර්ග පුවතක කොටසකි.

එබැවින් උපාවසයෙන් පසුවෙන්නා ආහාර, පාන පමණක් නොව කායික හැඟීම්ද අල්ලාහ් වෙනුවෙන් කැප කළ යුතු බව මෙම පුවතින් මොනවට තහවුරු වෙයි. නබි (ﷺ) තුමන් අවසර ලබාදුන් කරුණු පමණක් සීමාව ඉක්මවා නොයමින් කිරීමට අවසර පවති.

පිළිතුරු සපයන්නේ : මව්ලවි අස්හර් යූසුෆ්

www.yayuthumaga.com

[5:03 AM, 5/1/2020] 114-Ayesha New 3/6/2018: රමළාන් සමයෙහි ඔසප්වීම වැළැක්වීම සඳහා ඖෂධ යමක් ගැනීමට අවසර තිබේද?

රමළාන් සමයෙහි උපවාසය මගහැරීමෙන් වළක්වා ගැනීම සඳහා, වෙනත් යාඥා කටයුතු වල අඛණ්ඩව නියැලීම සඳහා බොහෝ සහෝදරියන් මෙම උපක්‍රමය භාවිතා කරති. මෙයට අවසර පවතීද යනු සොයුරියගේ ගැටළුවයි.

මෙවැනි යහපත් චේතනාවන් මත ඔසප්වීම වළක්වා ගැනීම සඳහා ඖෂධ වර්ග පානය කිරීමට කාන්තාවන්ට අවසර ඇති බව ඉස්ලාමීය විද්වතුන් පවසති. නමුත් එය ස්වභාවික ලෙසම පවතින්නට හැරීමයි ඇයගේ ශරීර සෞඛ්‍යට ඉතා යෝග්‍ය වන්නේ. එසේ කළයුතුමයි කියා ඇය සිතන විට වෛද්‍ය උපදෙස් මත කිරීමයි ඇයට යහපත්වන්නේ. නැතහොත් ඇයට සෞඛ්‍යමය වශයෙන් අනවශ්‍ය අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.

රමළාන් සමයෙහි මගහැරෙන උපවාසයන්, වෙනත් යාඥාවන් පිළිබඳ ඇය පසුතැවිලිවී මෙසේ කිරීමට පෙළඹෙයි නම්, ඔසප්වීම යනු ඇය සිය කැමැත්තෙන් තෝරගත් දෙයක් නොව අල්ලාහ් කාන්තාවන්ට නියම කළ දෙයකි, එබැවින් එම කාලයෙහි මගහැරෙන යාඥාවන් වෙනුවෙන් ඇයට ප්‍රසාදයන් පිරිනැමීමට තරම් අල්ලාහ් අසීමිත දයාළුවන්තය.

වරක් නබි (සල්) තුමන් මෙසේ ප්‍රකාශ කළහ: "දාසයා යහපත් ශරීර සුවයෙන්, සිය ගමෙහි සිටින විට ඉටු කරන යහපත් ක්‍රියාවන් හා සමානව ඔහු රෝගාතුරවු විට නැතහොත් ගමනෙහි සිටින විට කුසල් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලබයි". මෙය විස්තර කළ අබූ බුර්දා (රහ්) තුමන්, මා මෙම පුවත කිහිප වතාවක්ම මාගේ පියාගෙන් ශ්‍රවණය කළෙමි, යනුවෙන් තමන් සමග උපාවසයෙන් පසුවෙමින් ගමනට එක්වී සිටී යසීද් ඉබ්නු අබී කබ්ෂා (රහ්) තුමන් වෙත පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි 2996).

මෙම පුවත තුළින් සැමට ලැබෙන සුභාරංචිය නම් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්, සිය ගමෙහි සිටින විට ඉටු කරන යහපත් ක්‍රියාවන් හා සමාන කුසල් ඔහු රෝගියෙකුවූ විට, නැතහොත් ගමෙන් බැහැරව මගියෙකු වශයෙන් සිටින විට ඔහුට ලැබෙයි. යහපත් සුවයෙන් පසුවන විට කෙනෙකු ඉටු කළ සියළු යහපත් ක්‍රියාවන් රෝගාතුරවූ විට ඔහු විසින් ඉටු කළ නොහැක, බොහෝ යහපත් දේ ඔහුට අතපසුවී යයි. නමුත් අල්ලාහ්ගේ අසීමිත දයාව නිසා ඔහුගේ සටහන් පොතේ යහපත කිසිදු අඩුවකින් තොරව ඔහු වෙනුවෙන් සටහන් වෙයි. මගියෙකුගේ තත්ත්වයද එසේමය, ඔහු සිය ගමෙහි සිටි විට ඉටු කළ බොහෝ යහපත් ක්‍රියාවන් ගමෙන් බැහැරව ඔහු මගියෙකු වශයෙන් සිටින විට ඔහුට කිරීමට අපොහොසත් වෙයි. නමුත් ඔහුගේ සටහන් පොතේ යහපත කිසිදු අඩුවකි තොරව සටහන් වෙයි.

එබැවින් ඔසප්වීමේ දවස් කිහිපය තුළ කාන්තාවන්ට මගහැරෙන යහපත් ක්‍රියාවන් වෙනුවෙන් අල්ලාහ් යහපත පිරිනැමීමට තරම් අසීමිත දයාළුවන්තයාය යනු ඉහත නබි වදනින් මොනවට තහවුරු වෙයි. එම දවස් කිහිපයේ මගහැරුනු උපවාසයන් වෙනත් මාසවල ඉටු කිරීමට අවශ්‍ය නැත යනුවෙන් මෙයින් අදහස් නොකෙරේ. ආයිෂා (රලි) තුමිය වරක් මෙසේ පැවසූහ: "ඔසප් කාලයෙහි මගහැරුනු උපවාසයන් (වෙනත් දවස්වල) ඉටු කිරීමට නබි (සල්) තුමන් අපට නියෝග කළහ, නමුත් ඒ දවස්වල මගහැරුනු සලාතයන් වෙනත් දවස්වල ඉටු කිරීමට නියෝග කළේ නැත" (මූලාශ්‍රය මුස්ලිම්: 789).

පිළිතුරු සපයන්නේ මව්ලවි අස්හර් යූසුෆ්