රමළාන් සමය හා උපවාසය පිළිබඳ පැන හා පිළිතුරු

01/05/2020

රමළාන් සමය හා උපවාසය පිළිබඳ පැන හා පිළිතුරු

පැ: රමළාන් උපවාසය අනිවාර්්‍ය වීමට පෙර උපවාස යමක් අනිවාර්්‍ය වී තිබුනේද?

පි: එසේය මුහර්රම් මස දහවැනි දින උපවාසය අනිවාර්්‍යව පැවතුනි, පසුව එය අතිරේක උපවාසයක් බවට පත්විය.

පැ: වෙනත් ශාස්තෘවරුන්ගේ සමාජයන්ට උපවාසය අනිවාර්්‍යව පැවතුනේද?

පි: එසේය ශුද්ධවූ අල්කුර්අානය පවසයි: "ඔබට පෙර වූ සමාජයන්ට උපවාසය අනිවාර්්‍යවූවා සේ ඔබටද අනිවාර්්‍ය වේ." (2: 183).

පැ: රමළාන් උපවාසය අනිවාර්්‍යයවුනේ හිජිර් කුමන වර්ෂයේද?

පි: හිජ්රි 2 වර්ෂයේ දී.

පැ: නබි (සල්) තුමන් රමළාන් උපවාස ඉටු කළ වසර ගණන කොපමණද?

පි: වසර 9 කි.

පැ: උපවාසය අනිවාර්්‍ය වීමේ අරමුණ කුමක්ද?

පි: තක්වාව බිය බැතිකම, ශ්‍රද්ධාව වර්ධනය කරගැනීමයි (ශු අල්කුර්ආනය 2: 183).

පැ: උපවාසයෙන් පසුවෙන්නන් ස්වර්ගයෙහි කුමන දොරටුවෙන් ප්‍රවිශ්ට වන්නේද?

පි: රයියාන් නම් දොරටුවෙන්.

පැ: උපවාසයෙන් පසුවෙන්නාට පවතින සතුට කුමක්ද?

පි: ඔහු උපවාසයෙන් මිදෙන විට හා මතු දිනයෙහි අල්ලාහ් බැහැ දකින විට සතුටට පත්වෙයි.

පැ: අල්ලාහ්ගේ මාර්ගයෙහි උපවාසයක් ඉටු කළ විට ලැබෙන භාග්‍යය කුමක්ද?

පි: ඔහුගේ මුහුණ වසර හැත්තෑවක දුර ප්‍රමාණයක් නිරයෙන් ඈත් කරනු ලබයි.

පැ: රමළාන් මාසයෙහි ශ්‍රේෂ්ඨත්වය කුමක්ද?

පි: ශුද්ධවූ අල්කුර්ආනය අනාවරණය වූ මාසයයි, ස්වර්ගයෙහි දොරටු විවෘත කරනු ලබන, නිරයෙහි දොරටු වසා දමන, ෂෙයිතනානුනට විලංගු දමන, නිරයට අයත් අය සෑම රාත්‍රියකම නිදහස් කරනු ලබන, මාස දාහකට වඩා උතුම්වූ රාත්‍රිය පවතින මාසයයි.

පැ: රමළාන් මාසයෙහි ඉටු කරන උම්රා කර්තව්‍යෙයහි වැදගත් කම කුමක්ද?

පි: හජ් කර්තව්‍යය ඉටු කළා හා සමාන ප්‍රසාද හිමිවෙයි.

පැ: උපවාසයෙන් පසුවන කෙනෙකුට වෙනත් කෙනෙකු බැන වැදුනු විට ඔහුගේ ප්‍රතිචාරය කුමක් විය යුතුද?

පි: මා උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පමණක් ඔහු කිව යුතුය.

සාධක සහිත පුවත් ඇසුරෙන් පමණක් සකස් කරන ලදී.

By Abu Asma

www.yayuthumaga.com