රමළාන් සමය සඳහා වැදගත් ඔවදන් කිහිපයක්!

01/05/2020

රමළාන් සමය සඳහා වැදගත් ඔවදන් කිහිපයක්!

උපාවසයෙන් පසුවන්නාගේ ප්‍රාර්ථනා ප්‍රතික්ෂේප් නොකෙරේ එබැවින් උපවාසයෙන් පසුවන විට අධිකව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම.

උපවාසයෙන් පසුවන විට නාසයට වතුර යැවීමේදී සීමාව නො ඉක්මවා කටයුතු නොකිරීම.

ඕපා දූප, බොරු කීම, කේලම් කීම වැනි පාපයන්ගෙන් කට පරිස්සම් කිරීම.

යහපත අන් අයට මතක් කිරීම.

පරුෂ වචන වලින්, අන් අයට බැණ වැදීමෙන් කට පරිස්සම් කිරීම.

වැරදි ක්‍රියාවන්ගෙන්, පාපිෂ්ට ක්‍රියාවන්ගෙන් තමන්ව අරක්ෂා කරගැනීම. ශරීරයේ සියළු කොටස් උපවාසයෙන් පසුවීම.

යහපත් දේ කිරීම, යහපත් දේ නැරඹීම, යහපත් දේ ශ්‍රවණය කිරීම.

සිනමාව, ටෙලි නාට්‍යය, වැරදි දේ නැරඹීම, සංගීතය ශ්‍රවණය කිරීම වැනි පාපිෂ්ට ක්‍රියාවන්ගෙන් වැළකීම.

අන් අයගේ ගරුත්වය සුරැකීම.

උදේ හා සවස වෙනත් අවස්ථාවන්හි කිව යුතු ප්‍රාර්ථනා උසුරීම, එවැනි ප්‍රයෝජනවත් ප්‍රාර්ථනා කට පාඩම් කිරීම.

උපවාසයනේ මිදීම ඉක්මන් කිරීම. එනම් මඃරිබ් බාංගු ඇසීමත් සමග උපවාසයෙන් මිදීම. සහර් ආහාරය ප්‍රමාද කිරීම.

ෆජ්ර් කැදවීම ශ්‍රවණය කිරීමත් සමග ආහාර ගැනීම නතර කිරීම.

දරුවන්ව උපවාසය සඳහා පුරුදු පුහුණු කිරීම.

දරුවන්ව සලාතය සඳහා කල් වේලා ඇතුව නැගිට්ටුවීම.

හිමිදිරි උදෑසන සහර් ආහාරය හා උපවාසයෙන් මිදෙන අවස්ථාවේදී නිවසෙහි සියළු අය සමග එක්ව ආහාර ගැනීම.

සහර් වේලාවේදි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම පාපයන්ට සමාව අයදීම.

දරුවන්ගේ ආගමික දැනුම වර්ධනය කිරීමේ අරමුණින් ඔවුනතර තරඟ පවත්වා ත්‍යයාග පිරිනැමීම. විශේෂයෙන් අල් කුර්ආනය කට පාඩම් කිරීම, අල්කුර්ආනයේ නියම කළ කොටස මුලින් පාරායනය කර අවසන් කරන්නා තෝරා ත්‍යාග පිරිනැමීම.

නිවසේ සැවෝම එක්ව අල්කුර්ආනය පාරායනය කිරීම. ආගමික කරුණු සාකච්ඡා කිරීම.

රාත්‍රි කාලයෙහි සලාතයට පෙර ආහාර වැඩි වශයෙන් ගැනීමෙන් වැළකීම.

රාාත්‍රි කාලයෙහි සලාතය නිවසේ හැමෝම එක්ව ඉටු කිරීම.

රාත්‍රියේ අවසන් සලාතය වශයෙන් විත්ර් සලාතය ඉටු කිරීම.

පස්වේල සලාතය සමූහව ඉටු කිරීම.

සුන්නත් වෛකල්පික සලාතයන් ඉටු කිරීම. විශේෂයෙන් ලුහා සලාතය, අනිවාර්්‍යය සලාතයන්ගෙන් පෙර හා පසු ඉටු කළ යුුතු සලාතයන්, දෝවනයෙන් පසු ඉටු කළ යුතු රක්අත් දෙක, රාත්‍රි කාලයෙහි විත්ර් සලාතය.

ඉස්ලාමීය පොත් පත්, පත්‍රිකා අන් අයට බෙදා දීම.

ශුද්ධවූ අල්කුර්ආනය කියවීම, එය අධ්‍යයනය කිරීම, එය කට පාඩම් කිරීම, ඒ අනූව ජීවත්වීම

By Abu Asma

www.yayuthumag.com