Whatsapp

up-date group

මුස්ලිම්වරයා ගේ එදිනෙදා ඉස්ලාමීය ජීවිතයට වැදගත් වන තොරතුරු මෙම Whatsapp කණ්ඩායමෙහි සිටින සාමාජිකයින් වෙත SRMI center මගින් මුදා හරිනු ලැබේ. 

එක් එක් මාතෘකා යටතෙහි වැඩි විස්තර අපගේ Web Page තුලින් කියවා දැනගැනීමේ පහසුකමද ඇත.

කාලය මත සත්තකින්ම 

 මිනිසා තම ආයුෂ කාලය නිකරුනේ වියදම් කර නියත වශයෙන්ම පරාජික මාර්ගයේ සිටින්නේය. 

  එහෙත් කවුරුන්, විශ්වාසය තබා දැහැමි කාරනාවන්ද කර සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අතැහැර දැමීමෙහිද පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම විද දරා ගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙක් ඔවදන් දෙමින් සිටින්නෝද) 

ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත) [Quran; 103]


අපව නිර්මාණය කල දෙවිදුන් අපට ජීවිතයක් පමනක් ලබා දී "ඔහේ යන්නන් වාලේ යන්න" කියල අපව මහ පොලොව මත අතහැර දමා නැත. 

"කාලය" කියල දෙයකුත් නිර්මාණය කරල ඒ කාලය තුල අපට මෙලොව ජීවත් වීමට අවශ්‍ය පහසුකමුත් සලසා සෑම කෙනෙකුටම නිශ්චිත යම් කිසි ආයුෂ කාලයකුත් නිර්නය කල බවත් දැනුම් දී තිබෙනවා. 

එම ආයු කාලය තුල (විශේෂයෙන්ම වැඩිවියට පත් වූ අවදියේ සිට මරනය දක්වා) අප කෙසේ මෙම මහ පොලොව මත ජීවත් වන්නේ දැයි පරික්ශා කරන බව පවසා එම පරීක්ශනයට කෙසේ මුහුන දිය යුතු දැයි අවභෝද කරගැනීමට අප තුලම හෘද ශාක්ෂියකුත් ඇතිකර, ඊටත් අමතරව නබිවරු හෙවත් දෙවියන්ගේ දූත වරුන් හරහා ජීවන සැලස්මකින් යුතු උපදෙස් මාලාවක් ද එවා ඇත. 

 කාලයෙන් නිසි පරිදි උපරිම ප්‍රයෝජන ගන්නා නොඅනුමානවම ජයග්‍රහනය කරන්නෙකු වන බවත් කාලය නාස්ති කරගන්නා සහ නොමග යමින් කාලය ගෙවා දමන්නා මහත් වූ පරාජිතයෙක් වන බවත් පවසා ඇත.

දැන්, නිසි මාර්ගය අවභෝද කරගත් අපගේ අරමුණ විය යුත්තේ අපගේ මෙම සීමිත සහ දෙවියන් නිශ්චිත කර ඇති එහෙත් අපට අවිනිශ්චිත ආයු කාලයක් අන්තර්ගත වන එම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සහ ගැනීමයි .

එය තව විදිහකින් කියනවා නම්, අපගේ නිර්මාතෘ හෙවත් දෙවියන්ගේ උපදෙස් වලට අනුව, එනම් කුරානයට සහ නබි (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමාගේ මග පෙන්වීමට අනුව අපගේ දින චර්යාව සකසා ගැනීමට යොමු වීමයි.

උදාහරණ කිහිපයකින් මෙම කාරනාව තවදුරටත් පැහැදිලි කරන්නම්.

  • සෑම දිනක් ම කොටස් 5 කට වෙන් කර එම කාලයන් තුල අපට හඳුන්වා දී ඇති  දෛනික සලාතයට යොමු වීම සහ එහි ඇති වටිනාකම හඳුනා ගැනීම.
  • සතියකට වරක් පැමිනෙන ජුම්මා සලාතය ට සහභාගී වීම.
  • මසක් තුල පැමිනෙන 13, 14, 15 වැනි දවස් වලත් සදුදා සහ බ්‍රහස්පතින්දා වැනි දවස් වල උපවාසයේ යෙදීම. (මෙම දින ඉස්ලාමීය කැලැන්ඩරයට අනුව වේ)
  • මාස වලින් ගත්තම සුවිශේෂී මාස සහ ඒවායේ අන්තර්ගත සුවිශේෂී දින සහ කාලය හදුනා ගෙන කටයුතු කිරීමට යොමු වීම. එනම්,
  • මොහර්රම් මාසයේ 10 දිනයේ ඇති වැදගත් කම,
  • රමදාන් මාසයේ දහවල් සහ රාත්‍රී න් වල ඇති වැදගත් කම,
  • රමදාන් මස අවසන් දින දහය සහ එතුල ඇති ලෛතුල් කදර් නම් රාත්‍රිය ලබා ගැනීමට යොමු වීම,
  • රමදානයට පසු උදාවන ශව්වාල් මස පලමු දින හය තුල උපවාස කිරීමේ වැදගත් කම හදුනා ගැනීම.
  • දුල් හජ් මස පලමු දවස් දහයේ මහීමයන් වටහා ගැනීමත් අරෆාත් දිනය කෙරෙහි විශේෂ අවදානය යොමු කිරීමත්,
  • දුල් හජ් මස අරෆාත් දිනයේ වැදගත්කම හදුනා ගැනීම.
  • රමදාන් සහ හජ් යන මාස වල දී උදා වන ඊද් දිනයන් කෙරෙහි යොමු වීම.
  • ඒ වගේම වසරක් තුල ඇති පාරිශුද්ධ මාස හදුනා ගැනීමත්,
  • තරුණ කාලයේ මහිමය හදුනා ගැනීම.
  • අල්ලාහ් වඩාත් ප්‍රිය කරන වේලාවන් හදුනා ගෙන ක්‍රියා කිරීම.

සෑම වසරක් තුලම අපිට කැමැති දවස් වල කල හැකි අනිකුත් වැදගත් ක්‍රියාමාර්ග කෙරෙහිත් යොමු වීම.

  • සුන්නත් සලාතයන් ඇතුලුව නබි (සල්ලල්ලාහු අලෙහිවසල්ලම්) තුමානන්ගේ අනිකුත් සුන්නාවන් හදුනාගෙන ඒවා ඉටු කර ඉන් උපරිම ප්‍රතිඵල නෙලා ගැනීමට යොමු වීම.
  • කුරානය පාරායනයට සහ එය අධ්‍යයනය කිරීමට කාලයක් වෙන්කරගෙන තම දෛයිනික ජීවිතය ගත කිරීමට යොමු වීම.
  • හැකි අයට උම්රා කිරීමට මක්කාව බලා පිටත් වීම 
  • හැකි අය නබි තුමාගේ මස්ජිදය වන මදීනාවෙහි පිහිටා ඇති මස්ජිදුල් නබවි වෙත යාම.  
  • හැකි අය පලස්තීනයේ ඇති මස්ජිදුල් අශ්කාව වෙත යාම. 
  • හැකි අය ජීවිතයටම එක් වරක් හෝ හජ් වන්දානාවට සහභාගී වීම. (මෙම හජ් වන්දනාව එයට සුදුසුකම් ලබන අයට අනිවාර්ය වූ ක්‍රියාවක් බවත් සලකන්න). 

මෙම ස්ථාන වෙත හැමෝටම යන්නට නොහැකි උනත් අඩුම තරමින් ඒවා ගැන දැනගෙන සිටීම පවා මුස්ලිම් වරයෙකුට යුතුකමක් වන්නේය. 

මෙම WhatsApp කණ්ඩායමෙන් සිදු වනුයේ වසරක් තුල දී අපගේ සාමාජික නවක මුස්ලිම් වරයා හමුවට එන එම සුවිශේෂී අවස්තාවන් සහ දිනයන් කල් තියා ඔහුට හෝ ඇයට  සිහිපත් කර ඒ පිලිබදව නිසි දැනුමින් පරිපූර්න කර තම කාලයෙන් උපරිම පල නෙලා ගැනීමට අවශ්ය මග පෙන්වීමට කටයුතු කිරීම ය. WhatsApp message මගින් නිරන්තරයෙන් ඔහුව හෝ ඇයව යාවත්කාලීන (Up-date) කරනු ලැබේ. 

(මෙම සුවිශේෂී අවස්තාවන් ගැන වැඩි විස්තර මෙම වෙබ් පිටුවෙහි ඇතුලත් කර ඇත).

මෙම WhatsApp කන්ඩායමට ඇතුලත් විය හැක්කේ SRMI Center  හි සාමාජිකයින්ට පමනි.

කණ්ඩායමට ඇතුලු වීමට අදහස් කරන  සාමාජිකයන් ප්‍රධාන Admin වරයාගේ Whatsapp Inbox  වෙත පණිවිඩයක් ලබා දී කණ්ඩායමට ඇතුල් වන්න.