අල්ලාහ්ගේ දැනුම සහ නිර්මාණශීලීත්වය

අල්ලාහ් මෙසේ පවසයි: 'කියන්න මුහම්මද්, අල්ලාහ්ගේ වචන, ප්‍රඥාව සහ සංඥා ලිවීමට මුහුදේ ජලය පෑනකට තීන්තයක් ලෙස භාවිතා කලේ නම්, ඒ සියල්ල ලියා තැබීමට පෙර මුහුද සිඳී යනු ඇත. [අල් කුරාන් 18 :109]

තවද, අල්ලාහ් මෙසේ පවසයි: පොළොවේ ඇති සියලුම ගස් පෑන් පමණක් වූවා නම්, ඊට පසු තවත් මුහුදු සතකින් ජලය තීන්ත ලෙස සැපයෙන්නේ නම්, (ඒවායින් නොනවත්වා ලීවත්)  දෙවියන් වහන්සේගේ වචනය අවසන් නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් බලවත්ය, සර්ව ප්‍රඥාවන්තය. [අල් කුරාන් 18 :109]

මෙම ලිපියට ප්‍රායෝගික දත්ත කිහිපයක් උපයෝගී කරගනිමින් එතුලින් මෙ පිළිබඳව දළ අවභෝදයක් ලබා ගනිමු. 

ඊට පෙර අපි පැමිණිය යුතු සම්මුතියක් ඇත. එනම්, නිර්මාණකරුවෙකු නොමැතිව කිසිඳු නිර්මාණයක් බිහිවීමට ඉඩක් නැත, එසේම, කිසිඳු පදාර්තයකට හෝ ජීවයකට කිසිවක් නොමැති අවස්ථාවේ සිට තමාට තමාව ස්වයංව නිර්මාණය කරගැනීමටද නොහැක. එසේම අහඹු ලෙස සුවිශේෂී නිර්මාණ බිහිවීමටද ඉඩක් නැත. එනම්, සෑම නිර්මාණයක් පසුපසම නිර්මාණකරුවෙකු සිටිය යුතුමය.

සැ යු: අප සාකච්චාවට බඳුන් කරන සියල්ල නිර්මාණ වන අතර ඒ සියල්ලට වඩා දෙවියන් වෙනස් ස්වභාවයකි. එනිසා ඔහු දෙවියන් ලෙස හදුන්වන අතර නිර්මාණ කිසිවකට "දෙවියන්" යන නම භාවිතා කල නොහැකිය. 

දෙවියන් ආරම්භයක් සහ අවසානයක් නොමැතිව වෙනස්ම ස්වභාවයකින් සිටින මහා බලසම්පන්න කෙනෙකු වන අතර ඉන් ඔබ්බට ඇති සියල්ල ඔහු විසින් කල නිර්මාණ ලෙස ඇත. සරලවම කියනවා නම් එම නිර්මාතෘ නොමැතිනම් ඔහුත් නැත, අන් කිසිවකුත් නැත. එයය් පරම සත්‍යය.

[Al Quran 16:3] ඔහු අහසත් පොළොවත් නිර්මාණය කළේ නිශ්චිත අරමුණක් සඳහාය. 

ඔහු විසින් කල නිර්මාණ කිහිපයක් ගැන සලකා බලා ඔහුගේ දැනුම හා නිර්මාණශීලී හැකියාව ගැන අප යම් අවභෝදයක් ලබා ගනිමු.

"මිනිසා" නම් නිර්මාණය.

"සැබැවින්ම අපි මිනිසා මැව්වේ තෙත් පොළොවේ නිෂ්පාදනයකිනි (කිරිමැටි සාරයකිනි). ඉන්පසු ඔහුව (බීජයක) බිංදුවක් ලෙස ආරක්ෂිත නවාතැනක තැබුවේය. පසුව අපි බිංදුව කැටියක් බවට පත් කළෙමු, පසුව අපි කැටිය කුඩා ගැටිත්තක් බවට පත් කළෙමු, පසුව කුඩා ගැටිත්ත ඇටකටු බවට පත් කළෙමු, පසුව අපි ඇටකටු මස්වලින් ඇඳ, පසුව එය තවත් නිර්මාණයක් කළෙමු. එබැවින් හොඳම මැවුම්කරුවන් වන අල්ලාහ්ට ආශීර්වාද වේවා! " [23:12-14]

සාමාන්ය මනුශ්යයෙකුගේ සිරුරේ ඇති සෛල ප්‍රමාණය :- පිරිමින් සෛල (වර්ග 200ක් පමන) ගනනින් ට්‍රිලියන 36කින් (36,000,000,000,000) පමණ සමන්විත වන අතර කාන්තාවන්ට සෛල ට්‍රිලියන 28ක් පමණ ඇති අතර අවුරුදු 10ක දරුවෙකුගේ සෛල ට්‍රිලියන 17ක් පමණ ඇත. 

ඊට අමතරව මිනිස් සිරුරේ සියලුම අවයවවල තවත් බැක්ටීරියා වර්ග දහසක් පමන ගනනින් ට්‍රිලියන 39 ක් පමණ මිනිස් සිරුර තුළ සහ ඒ මත ක්‍රියාත්මකව ඇත.

නව පර්යේෂණ වලට අනුව සාමාන්‍ය පිරිමි මොළයේ සෛල බිලියන 171  (171,000,000,000) ක් පමණ ඇත, නියුරෝන බිලියන 86 ක් පමණ ඇත. නියුරෝන යනු මොළය පුරා සංඥා සම්ප්රේෂණය කිරීමට උපකාර වන සෛල වේ. 

සෑම තත්පරයකටම රතු රුධිර සෛල මිලියන 2-3 ක් ඇට මිදුළු තුළ නිපදවා සංසරණයට මුදා හරිනු ලැබේ. එවැනිම RBC සයිල ප්‍රමාණයක් තත්පරයක් තුල මිය යයි. 

සෛල වලට වඩා කුඩා DNA ගැන තොරතුරු ටිකක් සොයා බලමු.

බොහෝ DNA හෝ RNA වල ප්‍රමාණය 50nm වේ (සෑම මූලික යුගලයක්ම දිග 1/3 nm පමණ වේ).  DNA එකක ප්‍රමාණය කෙසේද? මිනිස් DNA පොටක විෂ්කම්භය නැනෝමීටර් 2.5 කි. එක අඟලක නැනෝමීටර් 25,400,000ක් තියෙනවා. මිනිස් කෙස් කළඹක් නැනෝමීටර් 80,000-100,000 පමණ පළල වේ. (නැනෝමීටරයක් ​​යනු මීටරයකින් බිලියනයකින් පංගුවකි). 

DNA එකක දිග කොපමනද? අපි එක් එක් නියුක්ලියෝටයිඩ අතර ඇති දුර, එනම් 0.34 nm (හෝ 0.34 x 10-9 m) මත පදනම්ව DNA වල දිග ගණනය කරන්නේ නම්. එය මීටර් 2.2 ක් පමණ වනු ඇත. එනම් DNA එකක් දිගහැරියහොත් එය ඔබේ උසට වඩා ටිකක් වැඩිය.

DNA තුල ඇති ප්‍රෝටීන DNA වලට වඩා කුඩා ය. ප්‍රෝටීන වල සාමාන්‍ය ප්‍රමාණය 3~6 nm.  

ප්‍රෝටෝන වලටත් වඩා 10,000 ගුනයකින් කුඩා තවත් දෙයක් ඇත. එය KOF ලෙස හදුන්වය්. 

මිනිසාගේ නිමැවුම සදහා කොතරම් කුඩා පරිමාණයේ නිර්මාණ කොතරම් විශාල ප්‍රමාණ වලින් මොන තරම් විශ්මිත අයුරකින් ඇසුරුම් කර ඇත්දැය් මදක් සිතා බලන්න.

මුළු සිරුරේම DNA වල සම්පූර්ණ දිග කිලෝමීටර බිලියන 575කට ආසන්න වේ. (575,000,000,000 km). 

එක මිනිසෙකුගේ DNA සියල්ල දිග නූලක් ලෙස සැකසුවොත් එය අපේ පෘථිවිය වටේ වට ලක්ශ 143 ක් එතිය හැකි තරම්ය.

 DNA දිග 575,000,000,000 km / පෘථිවියෙහි වට ප්‍රමානයේ දුර 40,075.017 km = වට ගනන  14,348,091 

මනුෂයයාගේ නිර්මාණය මෙතරම් විශ්මිත නම් මෙයට වඩා විශ්මිත විශ්වයේ නිර්මාණය ගැන කුමක් පවසන්නද? එයයි දෙවියන්ගේ නිර්මාණශීලීත්වය.

දෙවියන් මනුශ්ය සංහතියේ පලමුවන්නා ලෙස ආදම් (අ.ස) නැමති පලමු මිනිසාව පොලොවෙහි ජලය මිශ්‍ර පසෙන් නිර්මානය කර ඔවුට ජීවය ලබා දී පසුව ඔහු වෙතින්ම ඔහුට බිරිඳක් නිර්මානය කර පසුව ඔවුන් දෙදෙනා ගෙ දරුවන් ලෙසින් වසර ගනනාවක් පුරා ජනගහනය වියාප්ත කර බිලියන 8 ක් පමන වත්මන් ජන ඝනත්වයක් දක්වා පමුණුවා තිබේ.

මිනිස් මොළයේ මතක ධාරිතාවය

සයන්ටිෆික් ඇමරිකන් සඟරාවේ ලිපියක සඳහන් කර ඇති පරිදි වැඩිහිටි මිනිස් මොළයට ගිගාබයිට් මිලියන 2.5 කට සමාන මතකයක් රැස් කර ගත හැකිය.(මේ සමග සසදා බලා වෙනස වටහා ගන්න iPhone 15plus storage capacity 512GB)


"විශ්වය/ අහස් හත" නම් නිර්මාණය.

මේ අයුරින්ම, කිසිවක් නොතිබුනු අවස්ථාවක එනම් හිස් බවේ සිට වසර බිලියන 13.8 කට පෙර විශ්වය නිර්මාණය ආරම්භ වී අද අප එහී ජීවත් වෙය්. එම විශ්වය ගනනය කල නොහැකි තරම් අති විශාලය. එහි ඇති දැයද අති විශාලය.

සූර්යයාගේ බර පෘථිවිය මෙන් 333,000 ගුණයක් පමණ වේ. මෙය පෘථිවියේ විෂ්කම්භය මෙන් 109 ගුණයක් පමණ වේ. එය කොතරම් විශාලද යත් පෘථිවි ග්‍රහලෝක 1,300,000ක් පමණ එහි අභ්‍යන්තරයට ගැලපේ.

අපගේ ක්ෂීරපථ මන්දාකිණිය කොපමණ විශාල වේද?  

අපේම මන්දාකිනියේ (ක්ෂීරපථයේ) අවම වශයෙන් තරු බිලියන 300 ක් ඇත. පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක අපගේ සූර්යයා වටා පරිභ්‍රමණය වන ආකාරය වැනි ග්‍රහලෝක පද්ධතියක කේන්ද්‍රස්ථානය වන විට අපි තරු "සූර්යයන්" ලෙස හඳුන්වමු. අපගේ ක්ෂීරපථයේ ග්‍රහලෝක බිලියන 17 (17,000,000,000) ක් පමන ඇතැය් අනුමාන කරයි.

ක්ෂීරපථය ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 100,000 ක් හෝ සැතපුම් ට්‍රිලියන 600,000 ක් (කිලෝමීටර් ට්‍රිලියන 950,000) පමණ වේ. අපි එහි නිශ්චිත වයස නොදනිමු, නමුත් එය වෙනත් බොහෝ මන්දාකිණි සමඟ මහා පිපිරුමෙන් වසර බිලියනයක් ඇතුළත මුල් විශ්වයේ ඇති වූ බව අපි උපකල්පනය කරමු. 

විශ්වයේ ඇති විශාලතම මන්දාකිණිය වන්නේ ආලෝක වර්ෂ මිලියන හතරක් පුරා ඇති IC 1101 ය. 

මෑත කාලීන ඇස්තමේන්තු අපට පවසන්නේ නිරීක්ෂණය කළ හැකි විශ්වයේ මන්දාකිණි ට්‍රිලියන දෙකක් පමණ තිබිය හැකි බවයි. [2,000,000,000,000].  

එම මන්දාකිනි ට්‍රිලියන දෙකෙහි ඇති ලෝක ගගන අපේ මන්දාකිනියේ ඇති ලෝක ගනනනින් (බිලියන 17)  වැඩිකර බැලුවොත් මුලු ග්‍රහලෝක ගනන මෙපනක් යැයි උපකල්පනය කල හැකිය. [17,000,000,000 x 2,000,000,000,000 = 3.4 x 10-22]. නමුත් වෙන්ස් විශාලත්වයන්ගෙන් යුත් මන්දාකිණි ඇති නිසා මෙම ගනන වෙනස් වනු ඇත.

කෙසේ හෝ දෙවියන්ගේ නිර්මාණයක් වන විශ්වයේ විශාලත්වය ගැන අපට සිතාගන්නවත් බැරිය. එසේනම් එම නිර්මාතෘ කෙතරම් බලසම්පන්න විය යුතුද?

මිනිසාට දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ග්‍රහණය කර ගැනීමට ඉඩ සැලසීම සඳහා අල්ලාහ් විශ්වයේ අනුපිළිවෙල අතිවිශිෂ්ට ලෙස නිර්මාණය කළේය. මෙම නියෝගය ගැන සඳහන් වන වාක්‍යයක මෙසේ කියවේ, "... අහස් හතක් ද, ඒවා මෙන් භූමියද අල්ලාහ්ම උත්පාදනය කළේය. ඒවා අතර (දිනපතා සිදුවිය හැකි සියලු කාරණාවන් ගැන වූ) නියෝගයන් පහලකරමින් සිටින්නේය. (එබැවින් විශ්වාසවන්තයිනි) නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු යනුවෙන්ද, තම ඥානයෙන් සියල්ල වටකරගෙන සිටින්නේය යනුවෙන්ද ඔබ දැනගනු මැනව. " (අල් කුර්ආනය, 65:12). 

මෙම නියෝගයේ විස්තරවල උත්තරීතර භාවයට මුහුණ දෙන මිනිසා, අල්ලාහ්ගේ ප්‍රඥාව, දැනුම සහ බලය අසීමිත බව හඳුනා ගනී. අල්ලාහ්ගේ දැනුම කෙතරම් පුළුල්ද යත්, අපට "අනන්තය" යනු ඔහුගේ ඉදිරියෙහි දැනටමත් අවසන් වී ඇත. කාලය නිර්මාණය වූ දා සිට සදාකාලයට ගැඹුරට යන තෙක් සිදු වූ සෑම සිදුවීමක්ම කලින් තීරණය කර අල්ලාහ් ඉදිරියෙහි අවසන් විය. මිනිසා අල්ලාහ්ගේ දැනුමේ ප්‍රමාණය අගය කිරීමට උත්සාහ කළ යුතු අතර, ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කර ගැනීමට උත්සහ කළ යුතුය. 

එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් "විනිශ්චය දිනය අප වෙත කිසිදා නොපැමිණෙන්නේය" යනුවෙන් පවසන්නාහ. නබියේ ඔබ මෙසේ පවසනු. "එසේ නොව, මාගේ දෙවියන් මත සත්තකින්ම! එය නියත වශයෙන්ම ඔබ වෙත පැමිණෙනු ඇත!" ඔහු ගුප්ත දැය සියල්ල දන්නෙකි. ඔහු නොදැනුවත්ව අහස් හි හෝ භූමියෙහි හෝ ඇති දැයෙන් එක් අණුවක ප්‍රමාණයක් තරම් හෝ බේරී යන්නේ නැත. ඊටත් වඩා කුඩා හෝ ලොකු හෝ (සෑම දෙයක්ම) ලව්හුල් මහ්ෆූල් නැමැති පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොවී නැත. [අල් කුරාන් 34:3].