උත්සව සමය සහ නවක මුස්ලිම්වරු... 

ඉස්ලාමීය පවුල්වල උපත ලැබූ මුස්ලිම්වරුන්ට ඉස්ලාමිය උත්සව සමය තුල නවක මුස්ලිම්වරයෙකු විසින් දෙන ලද පණිවිඩයකි.

ඉස්ලාමීය පවුල්වල උපත ලැබූ ආදරණීය මුස්ලිම්වරුනි.

ඉස්ලාමිය ප්‍රජාව තුළ සිටින නවක මුස්ලිම්වරුන් වෙනුවෙන් ඉදිරිපත් කරන මගේ කෙටි පණිවිඩය කියවීමට කරුණාකර මොහොතක් ගතකරන්න.

මුස්ලිම් පව්ලක උපත නොලැබ එහෙත් ස්ව කැමැත්තෙන්ම ජීවන මාර්ගය ලෙස ඉස්ලාමය තෝරාගෙන සිටින අයෙකු ගැන ඔබ දන්නේ නම්, රාමදාන් සමයේ ඉෆ්තාර් රාත්‍රී භෝජන සංග්‍රහයට සහ ඊද් උත්සවවලට ඔවුන්ට ආරාධනා කරන්න.

රාමදාන් සහ ඊද් යනු බොහෝ නවක මුස්ලිම්වරුන් සඳහා තනිකම සහ වඩාත් අවපාත (depressing) සහිත  කාලයකි. එයට ප්‍රධාන හේතුව නම් අපගේ නව ඇදහිල්ල තේරුම් ගැනීමට, සහයෝගය දැක්වීමට, ධෛර්යමත් කිරීමට හෝ ප්‍රීතිමත් වීමට අපට පවුලක් සහ මිතුරන් නොමැති කමයි.

සහූර් සඳහා අපව අවදි කිරීමට අපට මුස්ලිම් පවුලක් නොමැත, එබැවින් අප අපගේ උපවාසය තනිවම ආරම්භ කරමු. ෆජ්ර් සදහා අපව අවදි කිරීමට අපට මුස්ලිම් පවුලක් නොමැත, එබැවින් අප තනිවම නැගිට නැමදුම් වල නිරත වන්නෙමු. නිරාහාරව සිටීමේ ප්‍රීතිය බෙදාහදා ගැනීමටද අපට මුස්ලිම් පවුලක් නොමැත, එබැවින් අප නිරාහාරව සිට එයද ඉවසගෙන තනිවම සිටින්නෙමු. (මෙය අල්ලාහ්ගේ තෘප්තිය ලබාගැනීමේ අරමුණින්ම කරන කටයුත්තක් බවද අප දන්නෙමු).

අපගෙන් සමහරෙක් මස්ජිදය වෙත යාමට උත්සාහ කරන්නේ ඉෆ්තාර් සමයේදී යමෙකු අප සමඟ පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. බොහෝ විට අපි තනිවම යන්නෙමු. නැමදුමෙන් පසු බොහෝ විට අපි නැවත තනි වන්නේ ඔබ අප ගැන අමතක කර ඔබගේ මේසයට ඔබ හා එක්වන ලෙස අපෙන් ඉල්ලා නොසිටින බැවිනි.

ඊද් සඳහාද අපට කිසිදු සැළසුමක් නොමැත. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඊද් දවසද නිවසේ රැඳී සිටිමින් තනිවම කාලය ගත කරන්නෙමු.

ඔවුන්ගේ මව් බසින් එකිනෙකා අතර සුබ පැතුම් පළකර ගනිති. එසේ දකින විට අප ඔවුන්ට අයිති නැති හැඟීමක් අප තුල ඇති වෙනවා මෙන් දැනේ. මෙය ඔබේ අභිප්‍රාය නොවන බව අපට වැටහී ඇත, නමුත් කණගාටුවෙන් වුව කීමට ඇත්තේ අපත් නොහිතන ක්ෂණයකින් අපට හැගී යන්නේ අප ඔවුන්ට මුළුමනින්ම අයිති නැති බවකි.

කුඩා ළමුන්, බැලූන්-රසකැවිලි සහ අතේ ඇති තෑගි-මුදල් සමඟ සතුටින් පිනා යමින් එහෙ මෙහෙ දුවති. ඒ මොහොතේම අප තුලත් උත්සව සමයන්හි ගෙවුණු අපගේ ළමා කාලය පිළිබඳ වටිනා මතකයකන් පෙළ ගැසෙයි. මොහොතකට අපි ඔවුන්ගේ ප්‍රීතිය බෙදාහදා ගන්නා අතර මෙතරම් අපූරු අත්දැකීමක් ලැබීමට මේ ළමුන්ද කොතරම් වාසනාවන්තදැයි අපට සිතේ. ඒ අතරම, අපගේ දරුවන්ට වාර්ගික මට්ටමින් වෙන්ව හිඳින්නට සිදුවන විට එම ප්‍රීතිය ඔවුන්ට අත්විඳිය හැකි වෙවි දැයි කියාද කල්පනාවට නැගෙයි.

තවත් සමහරු ඔවුන්ගේ පරණ මිතුරන් හා පවුලේ සාමාජිකයන් සමඟ ගැටෙන විට එකිනෙකා සමඟ නැවත සම්බන්ධවන බවට දිවුරුම් දී ගනී. බොහෝ විට, නවක මුස්ලිම්වරුන් මෙය දකින අතර අපගේ හදවත්වල ඇතිවන වේදනාව නැවැත්වීමට අපට නොහැකි වනු ඇත. ඊර්ෂ්‍යාවෙන් නොව, අපගේ ඇදහිල්ල පිළිගැනීමට නොහැකිවන විට අපගේ සුපුරුදු ප්‍රියයන් සමග ඇතිවන පරතරය ගැන සිහි වීම නිසා වෙනි. එනම්, අපගේ නව ඇදහිල්ල හේතුවෙන් පෙර අප අතර වූ ආදරය පවා බෙදා-හදා ගැනීමට නොහැකි වූ විට අප සහ අපගේ පවුල්වල සහ ජීවිත කාලය පුරාම සිටි අපගේ මිතුරන් අතර ඇති වන දුරස්ථභාවය ගැන සිහිපත් වීමෙනි.

අප අපට හුරුව තිබු ඇදහීමෙන් හැරී ගියදා සිට අපේ පවුල් වල සමහර අය, අප හා ඔවුන් අතර තිබෙන සම්බන්දතාවයෙන් අපව සම්පූර්ණයෙන්ම කපා දමා ඇත. ඔවුන් අපව වෙන්කර දැමුවත් ඔවුන්ව පිළිගැනීමට හා අපගේ නව ඇදහීම තහවුරු කිරීමටද අපි ආශාවෙන් සිටිමු. 

අපගේ ප්‍රීතියද දුක-සැපද බෙදාහදා ගැනීමට පවුලේ අය සහ මිතුරන් අපටද සිටිය යුතුය. කුමන තත්ත්ව යටතේ උවත් අවසානයට එයය් මිනිස් ස්වභාවය.

අනෙකුත් පවුල් ඔවුන්ගේ වාර්ෂික සම්ප්‍රදායන්ට හවුල් වීමට සුදානම්ව වේගයෙන් වේගයෙන් මෝටර් රථවලට ගොඩවී සිටිනු අපි බලා සිටිමු. පව්ලේ උදෑසන ඊද් ආහාරය, තෑගි හුවමාරු කිරීම සහ සාදයෙන් සාදයට ගෙදරින් ගෙදරට යාම සිදුවෙයි. ඔවුන් එසේ කාර්යබහුල වන නමුත් දවසේ ඉතිරි කාලය සඳහා අප කුමක් කළ යුතුදැයි කල්පනා කරමින්, අපගේ මෝටර් රථයේ දොර වසා සුක්කානම මත අත තබා ගත් විට හෝ ඉස්ලාම් නොවන නිවැසියන් සිටින නිවසට පැමිණ කාමරයේ දොර වසා ගත් විට අප මානසික පීඩනයෙන් මිරිකී යන්නෙමු.

මෙය මගේ පෞද්ගලික කතාවක් නොවේ. ඉහත සඳහන් කළ කරුණු අවාසනාවකට මෙන්, යම් මට්ටමකින් හෝ සම්බන්ධ කළ හැකි වන ලෙස ඔබට මෙතෙක් හමුවූ සෑම නවක මුස්ලිම්වරයෙකුගේම රාමදාන් සහ ඊද් සමයේ සෝචනීය සහ සත්‍ය කතාව මෙයයි. 

හිතවත් මුස්ලිම් පව්ල්වල ඉපදුනු මුස්ලිම්වරුනි, 

ඔබ කොපමණ නවක මුස්ලිම්වරුන් ගැන දන්නවාද? ඔබගේ පවුලේ අය සමඟ නිරාහාරව සිටීමට සහ එය අත්හැරීමට ඔබ කොපමණ වාරයක් ඔබගේ නිවසට නවක මුස්ලිම්වරුන්ට ආරාධනා කර තිබේද? ඔබගේ නැවත හැරුණු මිතුරාට කිසියම් අවශ්‍යතාවයක් තිබේදැයි බැලීමට ඔබ කොපමණ වාරයක් දුරකථනය ගෙන වචන පෙළක් යවා තිබේද? 

මෙම ආශීර්වාද ලත් මාසය සහ අවුරුද්දේ ඉතිරි කාලය තුළ ඔබ ඔබේ ඇදහිල්ල ක්‍රියාත්මක කරන්නේ කෙසේද?

ආදරණීය මුස්ලිම් පව්ල්වල ඉපදුණු මුස්ලිම්වරුනි, ඔබගේ නවක මුස්ලිම් මිතුරාට ඇමතුමක් දී හෝ වචන පෙළක් ලියා යවමින් හෝ රාමසාන් සහ ඊද් කාලය තුළ ඔවුන්ට ආරාධනා කරන්න. 

එයින් ඔබ කවරදාක හෝ දැන සිටිනවාට වඩා වැඩි යමක් අපට දැනේ...

මීට., 

ඔබගේ ප්‍රජාව තුළ සිටින නවක මුස්ලිම් මිතුරෙක්.