කුරානයේ විද්‍යාත්මක හෙලිදරව්වන්..

01/04/2019

මෙය ඉතාමත්ම සිත් ඇදගන්නා සුළු මාතෘකාවකි. විද්‍යාව නොදියුණු ඈත ඉතිහාසයේදීට වඩා අද මෙය ඉතාමත්ම කාලෝචිතය.

අද විද්‍යාව මිනිසාව අන්ද මන්ද කරන තරවටම දියුණු වෙලා තියෙන්නේ.

පි මුලින්ම විද්‍යාවේ සහ කුරානයෙ මුල හොයල ඉමු. 

විද්‍යාව මේ විශ්වය හෝ පෘතුවිය තුල එය පටන් ගත්ත දවසේ ඉදලම තිබුන දෙයක් බව කව්රුත් දන්නවා. නමුත් යම් දෙයක් විද්‍යාත්මකය් කියල මිනිසාට වැටහෙන්නේ මිනිසා විසින් එය විද්‍යාත්මකව තහවුරු කරගන්න උත්සහ ගන්න විට හෝ තහවුරු කරගත්තට පසුවය්. එතෙක් එය විද්‍යාත්මකය් කියල කව්රුත් කියන්න යන්නේ නෑ.

මේ පුංචි උදාහරණය බලන්න.

වසර 1400 කට පෙර ශුද්ධ වූ කුරානයෙහි මෙවැනි වාක්‍යක් ඇතුලත් වෙලා තියෙනවා.

*'ඔබගේ හිමි මි මැස්සන්ට වැටහීම දෙන්නේය. කදු, ගස් හා උස වූ ගොඩනැගිලිවල නුඹලා මි වද බදිනු, තවද නුඹලා සෑම පලතුරු (වර්ගවල ඇති මල්) වලින් රොන් උරා බි ඔබ හිමිගේ පහසු මාර්ගයෙහි (නුඹලා ගේ නිවෙස් තුලට) ඇතුළු වනු. 

මෙය්න් උගේ උදරයන්හි වර්ණ කිහිපයකින් යුත් පැණියක් (මි පැණි) වැහෙන්නේය. එයින් මිනිසුන්ට සුවය ඇත. අත්තෙන්න්ම මෙහිද සිතා වටහා ගන්න ජනතාවට සාක්ෂියක් ඇත'. (16:68/69 බලන්න).

මි මැස්සා පැණි ගෙනත් මි පැණි හදන කතාව තමය් ඔය කියල තියෙන්නේ. 

මෙතන විද්‍යාවක් නම් පෙනෙන්න නෑ. 

සාමාන්‍ය දෙයක්නේ කියල තියෙන්නේ. 

ඕක මොකටද කුරානය දාලා තියෙන්නේ. .............?

'වටහා ගන්න ජනතාවට සාක්ෂියක් ඇත' කියල දාලා තියෙන්නේ මොකක්ද කියලා අපි බලමු.

අම්මා බත් කෑවාය කියනවා මිසක් අම්මා බත් කෑවේය කියල කියන්නේ නෑ. භාෂාවක ව්‍යාකරණ නීති කියල දෙයක් තියෙනවා.

කුරාන්හි ඇති වාක්‍ය ගෙන බැලුවම,

  • 1. අරාබි සාහිත්‍යට අනුව රොන් සොයා ගොස් ඇත්තේ මි මැස්සා නොව මි-මැස්සියි.
  • 2. මි මැස්සි තුඩින් රොන් අරන් එනවා නොව, දෙවියන්ගේ අණ, රොන් බිමටය.
  • 3. මි පැණි හදන්නේ මි මැස්සි නොව, එය හැදෙන්නේ මි මැස්සිගේ උදරය තුලිනුයි.
  • 4. මි පැණි වල විශාල ඖෂධිය ගුණයක් ඇත.

දැන් මෙහි විද්‍යාත්මක කරුණු හතරක් ඇත. 

මුලින් විද්‍යාත්මකව නොදුටු එම වාක්‍යම පසුව විද්‍යාත්මකයි කියල දැනුනේ කොහොමද. මි මැස්සා කව්ද මි මැස්සි කව්ද කියලත්, රොන් ගේනවද බොනවද කියලත්, මි පැණි හදනවද උදරයෙන් වැහෙනවද කියලත් නුතන විද්‍යාත්මක මෙවලම් භාවිතා නොකර මිනිසාට දැනගන්න විදිහක් නෑ.

  • 1973 දී මේ කාරණාව හොයාගත්ත විද්‍යාඥයන් දෙපලකට නොබෙල් ත්‍යාගය හම්බ වුන එක වෙන කතාවක්. 
  • අවුරුදු 1400 කට කලින් මේ කතාව කුරානය තුලට ඇතුලත් උන එක තව කතාවක්. 

නොබෙල් ත්‍යාගය හිමිකරගත්ත විද්‍යාඥයන් විසින් සාක්ෂි සහිතව ඔප්පු කරලා පෙන්නුවානම් බැරිවෙලාවත් මි පැණි ගෙන්න යන්නේ මි මැස්සි නොව මි මැස්සය කියල (සත්‍ය එය නොවෙයි), එහෙනම් විද්‍යාව පැත්තකට දාමුකෝ. කුරානයෙ ව්‍යාකරණ දෝෂයක්ද අහු වෙනවා. එහෙනම් කුරානය 'ශුද්ධ වූ කුරානයක්' වෙන්නේ නෑ. කුරානයෙත් අඩුපාඩු තියෙනවා කියල ඔප්පු වෙනවා නේද. 

නමුත් සත්‍ය නම් මෙවැනි ඉතාම නොගැනිය හැකි සියුම් තැනකදී පවා කුරානය නිවැරදි බවට දෙවියන් සහතික වී තිබෙනවා.

'ඔවුන් මෙම කුරානය ගැඹුරින් අවධානය කල යුතු නොවේද? මෙය අල්ලහ්ගෙන් හැර වෙනත් කෙනෙකුගෙන් පහල වූ පුස්තකයක් නම් මෙහි අනන්තවත් -වැරදි හා භේදයන් ද ඔවුන් විසින් දකින්නට තිබුණි' (4:82).

මම සදහන් කලේ මි මැස්සාගේ ලිංගය නිර්ණය වැනි විද්‍යාත්මක වූ ඉතා සියුම් කාරණයකි.

අපි දැන් බලමු විශ්වය තරම් විශාල විද්‍යාත්මක වූ ලොකු කාරණයක් ගැන.

"බලසම්ම්පන්න බවින් විශ්වය නිර්මාණය කළෝ අප වන අතර තවද අපම එය නිරන්තරයෙන්ම පුළුල් කරන්නෙමු".(51:47)

දැන් අපි මනුෂ්‍යයා දන්නා විද්‍යාව දෙසට හැරෙමු.

20 වන සියවසේ ආරම්භයේදී රුසියානු විද්‍යාඥ අලක්සන්ඩර් ෆරධිමන් හා බෙල්ජියානු විශ්ව වෙධී ලිමය්ත්රෝ යන දෙදෙනා 'මුළු විශ්වයම අඛණ්ඩවම ගමන් කරන බවද විශ්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වන බවද' සිද්ධාන්ත වශයෙන් ගණනය කර අදහසක් ඉදිරිපත් කලා.

1929 දී එඩ්වින් හර්බල් නම් තාරකා විද්‍යාඥයා තම දුරදක්නයෙන් අහස සිසාරද්දී තාරකා හා මන්දාකිනි එකිනෙකාගෙන් ඈත් වනබව පළමුවරට දුටුවා. විශ්වය ප්‍රසාරණය වනබව සනාථ උනා.(ඒ අවරුදු 70 කට පෙර). නමුත් අවරුදු 1400 කට පෙර මෙය කුරාන් හි සදහන් වෙලා තියෙනවනම් ..... මොනවද හිතෙන්නේ.

විද්‍යාවත් කුරානයත් අවේ එකම තැනකින් යන්න මේ පුංචි කාරණා දෙකෙන්ම ඔප්පු වෙනවා නොවේද?

මෙවැනි කරුණු 1000 ක් විතර කුරානය තුල ඇතය් විද්වතුන් පවසයි.

ඉහත සදහන් කරුණු සරලව පෙනුනට නුතන විද්‍යාඥයන් එම කරුණු පිළිඹදව විශ්මයෙනුත් විශ්මයට පත්වී ඇත. වසර 1400 කට පෙර සදහන් මෙවැනි කරුණු, නුතන විද්‍යාවෙන් තහවුරු කරගත්තේ (සියල්ලටම පොදුවේ ගත් කල) අදින් වසර 200ක් ඇතුලත්ය.

දල අදහසක් ගැනීමට විද්‍යාවට සම්බන්ධ විවිද ශේෂ්ත්‍ර කිහිපයක් සම්බන්ද කරගෙන සදහන් වූ කුරාන් වැකි ස්වල්පයක් පෙන්වා දෙන්නම්.

  • (තාරකා විද්‍යාව /ආකාශ විද්‍යාව/අභ්‍යාවකාශ විද්‍යාව) හිස් බවේ සිට අපි විශ්වය මැවූ අතර අපිම එය නිරන්තරයෙන් පුළුල් කරන්නෙමු [51:47]. අහස්හි ග්‍රහලෝකයන් නිර්මාණය කර එහි සුර්යයා ආලෝකයක් වශයෙන්න්ද, චන්ද්‍රයා දීප්තිය ගෙන දෙන්නක් වශයෙන්ද නිර්මාණය කළ ඔහු භාග්‍යවන්තය [25:61]. ඔහු රාත්‍රියද දාවලද ඇති කළේය. සුර්යයාද චන්ද්‍රයාද නිර්මාණය කළේය. මේවා අහසෙහි තමන්ගේ කක්ෂවල ගමන් කරන්නේය [21:33]. ඔහු අහස මැවූ අතර එය ආරක්ෂාකාරී වහලක් බවට පත්කර ඇත [21:32].
  • (රසායන විද්‍යාව) ඔබේ දෙවියන්ට පරමාණුවේ ඉතා කුඩා අංශුව ගැනද දැනුම ඇත [10:61].
  • (ජල විද්‍යා ක්ෂේශ්ත්‍රය) ඔහු අහසින් ජලය පහල කරන අතර එය පොළොවේ පැලුණු තැන් අතරින් යවා වගා බිම් සරුසාරව වැඩෙන්නට හරින්නේය [39:21]. ජලය ඉහලට ගමන් කර වලාකුළු හටගෙන ඒවා එක්රැස් වන කළ කැබලි බවට පත්වී ජලය පොළොවට පතිත වේ [38:48].
  • (කළල විද්‍යාව) මිනිසා තමාව කුමකින් මවා ඇත්තේ දැය් නොදනිත්ද? ඔහුව මවනු ලැබුවේ බින්දුවකිනි. කොඳු ඇට පෙළ හා ඉල ඇට පෙළ අතාරින් නිකුත්වන.[86:5.6.7]. අපි මිනිසාව ෆුත්නාවකින් මැව්වෙමු {ෆුත්නාවක් යනු ඉතා කුඩා ද්‍රව බින්දුවක්} [23:13]. අපි මිනිසාව ඉතාම කුඩා පරිමාණයේ මිශ්‍ර තරලයකින් මැව්වෙමු[76:2]. අපි මිනිසාව සුලාලාවකින් මැව්වෙමු {සුලාලාවක් යනු එහි හොඳම කොටස/ශුක්‍රානු තරලයෙහි හොදම කොටස} [32:8]. ඔහු මිනිසා අළක් නමැති කුඩල්ලෙක් වැනි රුධිර කැටියකින් මැව්වේය [96:1.2].
  • (සාගර විද්‍යාව) ඔහු ගලායන ජල කඳන් දෙකක් එක ළඟ තැබූ අතර ඒවා හමුවුවත් මිශ්‍රවන්නේ නැත. ඒවා අතර තරණය කළ නොහැකි වනසේ නොපෙනෙන භාදකයක් ඇත.[55:19.20]. 
  • (ජිව විද්‍යාව) අපි සෑම සජිවී දෙයක්ම ජලයෙන් නිර්මාණය කළෙමු [21:30].
  • (උද්භිද විද්‍යාව) ඔහු අහසින් ජලය පහල කර එය්න් විවිධ වර්ගයේ පැල (ස්ත්‍රී පුරුෂ) යුගල් වශයෙන් නිර්මාණය කරන්නේය [20:53].
  • (සත්ව විද්‍යාව/කායික විද්යා ක්ෂේශ්ත්‍රය) (එළු ගව බැටළු හා ඔටුවන් ආදී සතුන්ගෙන්ද ඔබට පාඩමක් ඇත. ලේ වලටද මලවලටද මුත්‍රා වලටද අතරින් ඒවායෙන් උදරයෙන් කලවම් නොවුණු කිරි උත්පාදනය කර ඔබට පොවන්නෙමු, එය පානය කිරීමට ඉතා රසවත්ය [16:66]. තවද ඔබ එම සතුන්ගෙන් සමහරක් අනුභව කරන්නේය [23:21].
  • (භූගෝල විද්‍යාව) අපි පොලොව විහිදුනු දෙයක් ලෙස මවා කඳු එහි ඇබ ලෙස මැව්වෙමු [78:6.7]. අපි පොලොව මත කඳු ඉතා ස්ථාවර දෙයක් ලෙස තබා ඇත්තෙමු. ඒ එය නොසෙල්වී තිබීම පිණිසය [21:31/ 16:15].
  • (ජාන තාක්ෂණ විද්‍යාව) පුරුෂයාගෙන් නිකුත්වන ද්‍රව්‍යය එහි කලලයේ ලිංගය {ගැහැනුද පිරිමිද බව} නිර්ණය කරය් [45:46]. අපි මිනිසාව ඉතා කුඩා පරිමාණ මිශ්‍ර තරලයකින් මවා ඉන් පසුව එය අලකාවලින් මුධ්ගාවට පත්කර එයට ගැහැණු හෝ පිරිමි යන ලිංගය නිර්ණය කළෙමු {එනම්, ලිංග භේධයට බලපාන්නේ පුරුෂයාගේ ශුක්‍රානු මිස ස්ත්‍රියගේ ඩිම්භ නොවන බව} [76:37-39]. අපි මිනිසාව ඔහුගේ මවගේ ගර්භාශයේ එකකට පසු එකක් වශයෙන් අඳුරු පටල 3 ක් හරහා මැව්වෙමු [39:6]. අපි මිනිසාව ඉතා කුඩා ප්‍රමාණයේ ද්‍රව්‍යකින් මවා එය ඉතා ආරක්‍ෂිත තැනක තබා එය අලකා නමැති කුඩල්ලෙක් වැනි ලේ කැටියක් බවට පත් කර එය මුධ්ගා නම් විකන ලද ගුලියක් බවට ද එය අසාම් නම් ඇටකටු බවට පත් කර එය ලැහැම් නම් මාංශ වලින් වැසුවෙමු. සියලු පැසසුම් අල්ලාහ් ට හිමිය [23:12-14].
  • (වෛද්‍ය විද්‍යා) අවිස්වාසවන්තය්න් ප්‍රශ්නයක් ඇසු කළ, එනම් 'මිනිසා මිය ගොස් ඔහුගේ ශරීරය වල දැමුවාට පසුව එම ශරීරයේ ඇටකටු වලින් යලිත් ඔහුව දෙවියන් විසින් උපදවන්නේ කෙසේදැය්' ඔවුන් ඇසුවොත්, නබි තුමනි ඔබ ඔවුන්ට මෙසේ පිළිතුරු දෙන්න."අපට මියගොස් පස් බවට පත් වුන මිනිසාව යලි මැවීමට පමණක් නොව පෙර තිබු සේම සෑම ඇඟිලි තුඩක්මද යලි තැබීමටද අපට හැකියාව ඇති බව"[75:3-4]. අපේ සලකුණු ප්‍රතික්ෂේප කරන්නන්ව නිරයට තල්ලු කරනු ලැබේ. ඔවුන්ගේ සම පිළිස්සුනු වහාම යලි නව සම ලබාදී නැවත නැවත වේදනාව අත් විදින්නට සලස්වන්නෙමු [4:56].

ඔබ ස්වභාව ධර්මයට ආදරය කරන කෙනෙක් නම් සත්‍ය වශයෙන්ම ස්වභාව ධර්මය කොහෙන් ආපු එකක්ද, එයට හිමිකරුවෙක් ඉන්නවද, එය පාලනය කරන්නේ කව්රුන්ද, ස්වභාව ධර්මයක් ඇතිවී තිබෙන්නට හේතුව කුමක්ද, මිනිසා සහ ස්වභාව ධර්මය අතර තියෙන මනා සම්බන්දතාව කුමක්ද යන්න පැහැදිලිව වටහා ගන්න කැමති නම් ඉතාම කුඩා පොතක් වශයෙන් තියෙන ශුද්ධ වූ කුරානය කිහිප වතාවක් කියවලා බලන්න. එවිට ඔබ සබෑ ලෙසම ඔබ හදුන්වන ස්වභාව ධර්මයට ආදරය දක්වන්නට පෙළඹේවි. එවිට ඔබ මෙලොවෙහි ජීවත්වන්නේ කුමන හේතුවක් සදහාද කියා ඔබට ඉතා ඉක්මනින් වැටහේවි.

SRMI center සාමාජික-වක මුස්ලිම්වරයෙක්..ලිපි අංක - 7