සකාතුල් ෆිත්ර් – රමලාන් උපවාස දානය!

12/05/2020

මෙය අනිවාර්්‍ය වීමේ පරමාර්ථය :

නබි (ﷺ) තුමන් සකාතුල් ෆ්ත්ර් නම් දානය අනිවාර්්‍ය කළේ උපාවසයෙහි නිරතවූ පුද්ගලයාගේ උපවාසයෙහි සිදුවූ අඩු පාඩු, ඔහුගේ මුවින් හා කයෙන් සිදුවූ වැරදි ක්‍රියාවන්ට ප්‍රතිකර්මයක් වශයෙන් හා, අවුරුදු දිනයෙහි දුගීන්ට ආහාරයක් වශයෙනි. කවුරුන් එය උත්සව සලාතයට පෙර ඉටු කළේද ඔහු සකාතුල් ෆිත්ර් ඉටු කළ කෙනෙකු බවට පත්වේ. කවුරුන් එය උත්සව සලාතයෙන් පසු ඉටු කරයිද එය සාමාන්‍ය දානයක් පමණි යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසුහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි) තුමන්, මූලාශ්‍රය: අබූදාවුද් 16611).

මිනිසුන් වශයෙන් අපි ඉටු කරන යාඥාවන්හි දැනුවත්ව හෝ නොදැනුවත්ව බොහෝ අඩුපාඩු සිදුවේ අල්ලාහ් අප වෙත දක්වන අසීමිත දයාව නිසා එවැනි අඩු පාඩු සමා කිරීමට විවිධ ක්‍රම යොදා ඇත. එයින් ක්‍රමයක් වශයෙන් මෙය සදහන් කළ හැක. තවද අවුරුදු උත්සව දිනය යනු සියළු මුස්ලිම්වරුන් සතුටින් සැමරිය යුතුය. එම දිනයෙහි දුගීන්, අසරණයින් අහාරයට කිසිවක් නොමැතිව දුක් මුසුව ගත කිරීම නබි (ﷺ) තුමන් ප්‍රිය කළේ නැත. එබැවිනුයි උත්සව සලාතයට පෙරම මෙම දානය ඉටු කිරීමට එතුමන් අනිවාර්්‍ය කළේ.

මෙහි පවතින නීතිය හා මෙය දීමට අනිවාර්්‍ය පිරිස් :

මුස්ලිම් පිරිමීන්, කාන්තාවන්, ලොකු පොඩි, නිදහස්, වහලූ යන බේදයකින් තොර සෑම මුස්ලිමෙකුම සකාතුල් ෆිත්ර් දන් දීම අනිවාර්්‍ය වෙයි. උත්සව දිනයට අවශ්‍ය කරන ප්‍රමාණයට වැඩි පුර ආහාර ඇති අය එක් "සාවූ" කි. ග්‍රෑම්. 2.60 ප්‍රමාණයක් දීම අනිවාර්්‍ය වේ.

"මුස්ලිම් පිරිමීන්, කාන්තාවන්, ලොකු පොඩි, නිදහස්, වහලූ ආදි භේදයකින් තොර සියල්ලන්ට ධාන්‍ය පිටි වර්ග වලින්, සාඋ ප්‍රමාණයක් ලබා දීම නබි (ﷺ) තුමන් අනිවාර්්‍ය කළහ". (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

තමන් වෙනුවෙන්ද, තමන් යටතේ සිටින අය වෙනුවෙන් ද උදාහරණයට, තමන්ගේ බිරිඳ, දූ දරුවන් වෙනුවෙන් සකාතුල් ෆිත්ර් දන් දීම අනිවාර්්‍ය වෙයි. කුසෙහි සිටින දරුවා වෙනුවෙන්ද සකාතුල් ෆිත්ර් දන් දීම සතුටු දායක වෙයි. මෙසේ උස්මාන් (රලි) තුමන් ක‍්‍රියා කළහ.

මෙය අනිවාර්්‍ය වන වේලාව:

රමලාන් මස අවසන් දින ඉර බැසීමේ සිට මෙය අනිවාර්්‍ය වෙයි. මෙය දීමට වඩා උචිත වේලාව: උත්සව සලාතයට පෙර මෙය පිරිනැමීමයි. තවද මෙය උත්සව දිනයකට පෙර හෝ දින දෙකකට පෙර හෝ දිය හැක. මෙය උත්සව සලාතයෙන් පසු දීමට නොහැක. එසේ දුන් විට එය සාමාන්‍ය දානයක් පමණි.

ප්‍රධාන ආහාර වර්ගය කුමක්ද? එයින් දිය යුතුය :

ධාන්‍ය, වියලි ආහාර, පිටි, වියලි මිදි. කිරි කැට, රට ඉඳි, නැතහොත් ගමෙහි වැඩි වශයෙන් භාවිතා වන ආහාර වර්ග දිය හැක.

"අපි නබි (ﷺ) තුමන්ගේ කාලයෙහි ආහාර වර්ගයන්ගෙන් එක් "සාඋ" ප්‍රමාණයක් දන් දෙමු. එම දිනවල අපේ ආහාරයන් හැටියට පිටි වර්ග වියලි ආහාර වර්ග, වියලි මිදි වර්ග. කිරි කැට වර්ග, රට ඉඳි වර්ග, භාවිතා විය". (වාර්තා කරන්නේ: අබූ සඊදුල් හුද්රි (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි).

දිය යුතු ප්‍රමාණය:

කිලෝ ග්‍රෑම් බරවලට අනූව සාඋ ප්‍රමාණය සකාතය විවිධ වර්ගවලට අනූව වෙනස් වෙයි. පිරිසිදු පිටි, ධාන්‍ය වර්ගවලින් 2.40 කිලෝ ග්‍රෑම් ප්‍රමාණය බව ආගමික විද්වතුන් ගේ මතයයි.

සාවූ එකක් යනු මුද්දු හතරක ප්‍රමාණයයි. මුද්දු එකක් යනු දෙ අත් එක් කර ගන්නා ප්‍රමාණයයි. එබැවින් සිව් වතාවක් දෙ අත් එකතු කර ගන්නා ප්‍රමාණය සාවූ වෙයි. මෙම නූතන යුගයේ මිනුම අනුව කි, ග්‍රෑ, දෙක හමාර හා තුන අතර වෙයි.

සමූහව දිය හැකිද?

ගමක සියළු අය එක්වී, නැතහොත් මස්ජිදයෙහි පාලක සභාව මෙම කර්තව්‍යයට ඉදිරිපත්වී ගමේ අයගෙන් එකතු කර දුගීන්ට, අසරණයින්ට පිරිනමයි නම් එයටද අවසර පවති. අබූ හුරෙයිරා (රලි) තුමන්ව නබි (ﷺ) තුමන් රමළාන් මාස ධාන්‍යය ආරක්ෂා කිරීමට පත්කළ බුහාරි වැනි මූලාශ්‍රවල සදහන් පුවත මෙයට සාධක වේ.

නියමිත ධාන්‍යය වර්ගයන් වෙනුවට මුදල්
ලබා දීම පිළිබඳ පවතින නීතිය:

සකාතුල් ෆිත්ර් දානය වෙනුවට එහි වටීනාකම ලබා දීමට නබි (ﷺ) තුමන්ගන් කිසිදු මග පෙන්වීමක් නැත. එසේ පිරිනැමුවද එය නොපිළිගැනේ. මන්ද සකාතුල් ෆිත්ර් වෙනුවට එහි වටිනාකම නබි (ﷺ) තුමන් හෝ අනුගාමික මිත්‍රයින් හෝ දුන් බවට කිසිදු සාධකයක් නොමැත.

By: Abu Asma

www.yayuthumaga.com  June 8, 2018