Prophet Hud (Heber) 

04/05/2020

4. Hud (Heber) (عَلَيْهِ ٱلسَّلَامُ) 

මෙම පිටුව සංවර්ධනය කරමින් පවතී...

අල්ලාහ් විසින් හූද් නබි තුමාව ආද් ජනයා වෙත යවන ලදි. ඔවුන් ඉතා දක්ෂ හා විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීන් විය. ඔවුන් මන්දිර අලංකාර ලෙස ඉදිකර න්නන්ය. ශක්තිවන්තයන්ය. ඔවුන් ඒකාධිපතියෙකුගේ නායකත්වය යටතේ සිටි අතර අල්ලාහ්ට මෙන්ම අනෙකුත් සත්වයන්ටද නමස්කාර කළහ. 

ඔවුන් පෙර වූවන්ට වඩා ලෝකය ගැන බොහෝ දේ දැන සිටි නමුත් අල්ලාහ් ගැන එතරම් දැනුමක් නොතිබූ බැවින් අල්ලාහ් හූද් (අලෙයිහිස්සලාම්) තුමාව ව ඔවුන් වෙත යැවීය.

රූප වන්දනාවේ නොයෙදෙන ලෙසත් අල්ලාහ්ට පමණක් නමස්කාර කරන ලෙසත් ඔහු ජනතාවට කීවේය. කෙසේ වෙතත්, ඔහුගේ පණිවුඩය ඔවුන්ට එතරම් වැදගත් දෙයක් ලෙස නොදැනෙන්නට විය. ඒ වෙනුවට ඔවුන් ඔහුගෙන් අසුවේ, 'ඔබට අප අතර ස්වාමියෙකු වීමට කැමතිද යන්න සහ එසේ නැතිනම් ඔබගේ චේතනාව මුදල් ඉපැයීම ක් දැයි' ඔහුගෙන් ප්‍රශ්න කරන ලදී.

අල්ලාහ්ගේ මාවත අනුගමනය කිරීමට තමාට අවශ්‍ය බවත්, අල්ලාහ් ඔවුන්ට ශක්තියෙන් ආශීර්වාද කළ බවත් හූද් නබි තුමා ඔවුන්ට පැවසීය. ඔවුන් අහන්කාරව හූද් නබි තුමාට සවන් දුන්නෙ නැත.

තවදුරටත් හූද් නබි තුමා ඔවුන්ට නෝවා නබි තුමාගේ නැව ගැනත්, අල්ලාහ්ගේ වචනවලට කීකරු නොවන්නේ නම් සිදු වූ දේ ගැනත් මතක් කර දුන්නේය. වසර ගණනාවක්ම පිළිම තමාව ආරක්ෂා කරන දෙවිවරුන් යැයි ජනතාව විශ්වාස කරමින්ම උඩඟු හා ආඩම්බරව ජීවත් වූහ. හූද් නබි තුමාට පිස්සු යැයි  ඔවුන් විශ්වාස කළහ. ඔහුට සමච්චල් කළහ. ඔවුන්ගේ 'දෙවිවරුන්ට' රිදවූ බවට ඔහුට චෝදනා කළහ.

එවිට ප්‍රදේශයට නියඟයක් ඇති වී ඉඩම් ඉරිතලා ගියේය. වැසි බිංදුවක් නො පැමිණියාහ. අල්ලාහ්ව විශ්වාස කරන ලෙස හූද් නබි තුමා නැවත ජනතාවගෙන් ඉල්ලා සිටි අතර ඔහු වර්ෂාව ගෙන එනු ඇතැයිද පැවසීය. නමුත් ඔවුහු ඔහුට සිනාසුණෝය. 

අඳුරු වලාකුළු දිස්වන තුරු නියඟය පැවතුනි. කාලගුණය විශාල ලෙස වෙනස් වූයේ මිනිසුන්ටද සිතාගත නොහැකි වන ලෙසිනි.

ඉන්පසු දින 8 ක් සහ රාත්‍රී 7 ක් පුරා පැවති සුළඟින් සියලු ප්‍රතික්ෂේප කරන්නන්ගේ සිරුරු, සහ ගේදොර මාලිගා ආදිය විනාශ වී ගියේය. 

අල්ලාහ්ට පමණක් නමස්කාර කිරීම කල හූද් නබිතුමා සහ ඔහුව විශ්වාස කළ ජනතාව නිරුපද්‍රිතව යේමනයට සංක්‍රමණය වූහ.