Prophets

 වක්තෘවරුන්

පාරිශුද්ද වූ අල් කුරානයෙහි පෙර විසූ වක්තෘවරුන් විසිපස් දෙනෙකු සම්බන්දව සඳහන් වන කුරාන් ආයත් වෙන් වෙන් වශයෙන් උපුටාගෙන කියවන්නාට පහසුවෙන් වටහා ගැනීමට හැකිවන ලෙසින් ඒවා සරල ආකාරයකට පෙළගැස්වීමක්ද කර මෙම පොත සකස් කර ඇත. (කුරාන් ආයත් පෙල ගැස්වීමේ දී එවායේ අවස්ථා සම්බන්දව යම් යම් දුර්වලතා ඇතිවී තිබිය හැක. ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරමි).

මෙම පොත කියවීම තුලින් පහත සඳහන් කරුණු කාරනා සම්බන්ධයෙන් හොඳ මූලික වැටහීමක් ලැබෙනු ඇතැයි විශ්වාස කල හැක.

  • දෙවිඳුන් විසින් මිනිසාව නිර්මාණය කල ආකාරය, 
  • දෙවිදුන් විසින් ස්වභාවධර්මය නිර්මාණය කර පාලනය කරන බව, 
  • ගංවතුර, සුනාමි, භූමි කම්පා, අකුනු සැර, සාගත තත්ව, වසංගත, රෝග උවදුරු ආදිය මිහිමත තුල ඇතිවීම ස්වභාවික දෙයක් හෝ අහඹුවක් නොවන බව, 
  • දෙවිදුන් මිනිසාට වරප්‍රසාද හෝ දඬුවම් පමුනුවන ආකාරය, 
  • ඇතැම් මිනිසුන් විසින් යම් යම් ප්‍රාතිහාර්යන් පෑම ඔවුන්ගේ පුද්ගලික හැකියාවකින් සිදු කරන්නක් නොවන බව, 
  • ඇතැම් මිනිසුන්ට සුවිශේෂී බුද්ධි පහලවීමේ රහස, 
  • පිලිම, මිනිසුන්ව, සතුන් හෝ ස්වභාවික වස්තූන් ආදිය වන්දනා කිරීම පල රහිත බව, 
  • දෙවිඳුන් විසින් මිනිසාට උපදෙස්, අන පනත් ආදිය ලබා දුන් ආකාරය, 
  • මිනිස් බුද්ධියට ගෝචර නොවන දැය මිනිසා දනගන්නා ආකාරය ගැන 

දී විශාල පරාසයක තොරතුරු දැනගත හැක.

මෙම කුඩා පොත කියවා විශ්වයේ පරම වූ සත්යතාවය වටහාගැනීමට සිත යොමු කරන්න.

එක් එක් නබිවරු පිළිබඳව කුරාන් හි සඳහන් ආයත් වෙන් වෙන් වශයෙන් පහතින් දැක්වේ 

සම්පූර්ණ පොත පහතින් අමුනා ඇත. 

ඉදිරියේදී එය නව (සිංහල) පරිවර්තනය සහ නව තාක්ශනය උපයෝගී කරගෙන නැවත සකස් කිරීමට  බලාපොරොත්තු වෙමි. ඔබගේ අදහස් යෝජනා චෝදනා පහතින් සදහන් කරන්න.