නබිවරුන්ගේ පෙලපත

Prophets Tree

විශ්වයෙත් මිනිසාගේත් නිර්මාතෘ වන දෙවිඳුන් විසින් මිහිමත වසන්නා වූ මිනිසුන් හට යහමග පෙන්වාදීම සදහා ආසන්න වශයෙන් නබිවරු ලක්ෂයකට අධිකව ඉදිරිපත් කර ඇති බව හදීස් හෙවත් අවසන් නබීවරයාගේ වදන්වලින් දැනගන්නට ලැබේ. ඉන් විසිපස් දෙනෙකු සම්බන්ධව අවසන් දෙව පණිවිඩය වන අල් කුරානයෙහි සඳහන්ව ඇත.

නබිවරුන්ගේ පෙලපත සකස් කිරීමේදී කුරානය සහ අවසන් නබිවරයාගේ දැනුම් දීම් පමනක් ප්‍රමානවත් නොවේ. ඒ සඳහා පෙර පහලවූ ආගම් වලින්ද කරුනු උකහා ගැනීමට සිදුවිය.

නමුත්, කුරානයට පෙර පහල වූ ආගම් වල (උදාහරනයකට මෝසෙස් සහ ජීසස් තුමන්ලා විසින් ජනතාවට ඉදිරිපත් කල ආගම්වල) අන්තර්ගතයන්ට පසුකාලීනව යම් යම් විකුර්තිතාවයන් ඇතිවී ඇති නිසා එවාය්න් සහ එම ඉතිහාස තොරතුරුවලින් ලැබෙන තොරතුරු 100% ක් නිවැරදි යැයි සහතික විය නොහැක. එනිසා නබිවරුන්ගේ  පෙලපත සම්බන්ධව දල වශයෙන් සකසා ඇති මෙම සටහනෙහිද සුලු හෝ අඩුපාඩු තිබිය හැක. නමුත් අධ්‍යයනයේ සහ වටහා ගැනීමේ පහසුවට මෙම සටහන ප්‍රයෝජනවත් විය හැක. මෙය සැකසීමට එම ඉතිහාසගත තොරතුරුද උපයොගී කරගන්නා ලදී.

පැහැදිලි රූපසටහනක් ලබා ගැනීම සඳහා Download හෝ විවෘත කරගන්න

පොතපත ඇසුරෙන් සැකසුම :- SRMI center සාමාජික නවක මුස්ලිම්වරයෙකි.