WhatsApp Class Room - 1 

ඉස්ලාමීය දැනුම ප්‍රාථමික මට්ටමින් ඇති නවක මුස්ලිම් වරුන් සදහා ඉස්ලාම් පිළිබඳව මූලික දැනුම ලබා දීම සහ,  "ශහදා සහතිකය" ලබා ගැනීමට ඔවුන්ව යොමු කරවීමේ අරමුණින් මෙම WhatsApp කණ්ඩායම නිර්මාණය කර ඇත. දැනුම ඇති අයට එය නැවත මතක් කර ගැනීමටද මෙය ප්‍රයෝජනවත් වේ.

මෙම පාඩම් මාලාවට ක්‍රියාකාරීව සහභාගී වුනු අය තම ශහදා සහතිකය ලබා ගැනීම සදහා ඉස්ලාමීය උසාවිය වෙත ඉදිරිපත් වන අවස්ථාවේ  ඔවුන්ගේ ඉස්ලාමීය දැනුම සහ ඉස්ලාමීය පසුබිම කෙරෙහි රෙකමදාරු කිරීමට SRMI center හි අප ඉදිරිපත් වන්නෙමු. 

උපදෙස් මාලාව.

  1. මෙම කණ්ඩායමට ඇතුලත් කර ගන්නේ SRMI center හි සාමාජිකත්වය ලබා ගත් නවක මුස්ලිම් වරුන්ව පමණි .
  2. සාමාජිකත්වය ඇති ඕනෑම සාමාජිකයෙකුට මෙයට සහභාගී විය හැකිය. කැමති සාමාජිකයින් ප්‍රධාන Admin ගේ Inbox වෙත දැනුම් දී කණ්ඩායමට ඇතුලු වන්න.
  3. කාන්තාවන් සදහා වෙනම Group  එකක් ද පිරිමි අය සදහා වෙනම Group  එකක් ද වශයෙන් වෙන්කොට මෙම පන්තිය පැවැත් වේ.
  4. එක් කණ්ඩායමක පන්තියක් කෙටි කලකින් අවසන් කරන අතර ඉන් පසු නැවත නවක කණ්ඩායමක් ලෙසින් ඊලග පන්තිය ආරම්භ කරනු ලබයි.  
  5. පන්ති පවත්වන අතර තුර යම් කිසි නිශ්චිත පාඩමකට පමනක් සම්බන්ධ වීමට යම් කෙනෙකු අදහස් කරන්නෙ නම ඔහුට හෝ ඇයට එම අවස්ථාවේ Admin ගෙන් අවසර ලබා ගෙන එම පාඩමට සහභාගී විය හැකිය. 
  6. පාඩම අවසන් වූ පසු පාඩමට අදාල ව ප්‍රශ්න ඇසීමට අවස්තාව ඇත
  7. පාඩමට අදාල වන තොරතුරු කණ්ඩායම තුලට යොමු කිරීමට සාමාජිකයින් ට අවසර ඇති අතර පාඩමට අදාල නොවන දෑ පල කිරීමෙන් වලකින්න.
  8. මෙම පාඩම් මාලාවට අදාලව Whatsapp Class Room - 1 කණ්ඩායමට පල කරන තොරතුරු සාමාජිකයින් විසින් පිලිවලකට පොතක සටහන් කරගෙන නිතර නිතර එය පරිහරනය කිරීමට යොමු වන ලෙස ද අප ඉල්ලා සිටින්නෙමු.
  9. කණ්ඩායම තුල ප්‍රශ්න ඇසීම, ප්‍රශ්නවලට පිලිතුරු සැපයීම හෝ වෙන කුමන කාරනාවක් නිසා හෝ කණ්ඩායමට ඇතුලත් වීමට අදහස් නොකර පාඩම් මාලාවට අදාලව කණ්ඩායම තුල පල කරන තොරතුරු තම INBOX වෙත ලබා ගැනීමටත් INBOX එක තුලින් පන්තියට සහභාගී වීමටත් කැමති අය ඇත් නම් ඒ බව ප්‍රධාන Admin ට දන්වන්න.
  • Class Room - 1 පාඩම් මාලාව පිලිබදව කණ්ඩායමේ සිටින සියලු සාමාජිකයින්ව නිතර නිතර දැනුවත් කරන අතර එයට ඉතා පහසුවෙන් සහභාගී වීමට අවශ්‍ය සැම පහසුකමක්ම සලකා බලා අප කටයුතු කරන හෙයින් සම්පූර්න පාඩම් මාලාවන් එකක්, දෙකක්, හෝ තුනක් පමන අවසන් කල පසු ඉස්ලාමය පිලිබදව මූලික දැනුමවත් නැති කිසිම සාමාජිකයෙක් අපගේ SRMI center  WhatsApp කණ්ඩායමෙහි නැතිව ඇතැයි විශ්වාස කරමින් අප ඉදිරි කටයුතු සිදු කරනු ලබයි. 
  • මූලික දැනුම නොමැති නවක මුස්ලිම් සාමාජිකයින්ට මෙම පාඩම් මාලාවන්ට සහභාගී වීමට නොහැකි නම් ඒ ගැනත් අපව දැනුවත් කරන්න. 
  • Class Room -1  සෑම පාඩම් මාලාවක්ම අවසානයේ පාඩම් මාලාවට සහභාගී වූ සහ සහභාගී නොවූ යන SRMI center හි සියලුම WhatsApp සාමාජිකයින් ගේ Inbox වෙත ඉස්ලාමයේ මූලික කරුණු සම්බන්ද කර සැකසූ  Electronic ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්නෙමු. ඉන් පසුව එහි ප්‍රතිඵල සටහන සහ නිවැරැදි පිලිතුරු සහිතව එම පත්‍රය සාමාජිකයාගේ WhatsApp Inbox වෙත යලි ලබා දෙන්නෙමු. තමාගේ දැනුම උකහා බැලීම සදහා කැමති අය එයට සහභාගී වන්න.
  • සැ. යු:-  තමන්ට  හැකි සෑම අවස්ථාවකදීම තමාට ආසන්නයේ ඇති පිලිගත් ඉස්ලාමීය අධයාපනික ආයතනවල පවත්වන පන්ති වලටද සහභාගී වන ලෙසට සාමාජිකයින්ට අප මෙහිදීද උපදෙස් දෙන්නෙමු.

පාඩම් මාලාව

මූලික කරුණු පමනක් සාකච්චා කරනු ලැබේ

[01]

ඉස්ලාම් සහ මුස්ලිම් යන අරාබි පද හදුනා ගැනීම

[02]

ඉස්ලාමයේ කුලුනු 5 හදුන්වා දීම

[03]

විශ්වාසයේ (ඊමානයේ) කුලුනු 6 හදුන්වා දීම

[04]

කුරානයෙහි සඳහන් නබිවරු ගැන විස්තර කිරීම 

[05]

වුදු, ඝුසුල් සහ තයම්මුම් ආකාර වලට දෝවනය කිරීම.

[06]

සූරතුල් ෆාතිහා  හදුන්වා දීම සහ එය කටපාඩම් කිරීම

[07]

සූරා 112, 113, 114 කටපාඩම් කිරීම.

[08]

අත්තහියාත් හඳුන්වා දීම සහ එය කටපාඩම් කිරීම

[9]

නිවැරදි ඉරියව්වෙන් සලාතය කිරීම

[10]  

ලා ඉලාහ ඉල්ලල්ලාහ් හි කොන්දේසි 7 හඳුන්වා දීම.

[11] ඉස්ලාමයේ කුලුනු 5 පැහැදිලි කිරීම (1 වන කුලුන)

ශහාදා  ප්‍රකාශය (සහ අමතරව ශහාදා සහතිකය හදුන්වා දීම)

[12] ඉස්ලාමයේ කුලුනු 5 පැහැදිලි කිරීම (2 වන කුලුන)

දෛයිනික පස් වේල නැමදුම

[13] ඉස්ලාමයේ කුලුනු 5 පැහැදිලි කිරීම (3 වන-කුලුන)

සකාත් නම් දුගී බද්ද් ගෙවීම

[14] ඉස්ලාමයේ කුලුනු 5 පැහැදිලි කිරීම (4 වන කුලුන)

රමදාන් මස උපවාසය

[15] ඉස්ලාමයේ කුලුනු 5 පැහැදිලි කිරීම (5 වන කුලුන)

හජ් වන්දනාව

[16] විශ්වාසයේ කුලුනු 6 පැහැදිලි කිරීම (1 වන කුලුන)

අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීම

[17] විශ්වාසයේ කුලුනු 6 පැහැදිලි කිරීම (2 වන කුලුන)

මලායිකා කෙරෙහි විශ්වාස කිරීම

[18] විශ්වාසයේ කුලුනු 6 පැහැදිලි කිරීම (3 වන කුලුන)

අල්ලාහ් ගේ ධර්ම කෙරෙහි විශ්වා කිරීම

[19] විශ්වාසයේ කුලුනු 6 පැහැදිලි කිරීම (4 වන කුලුන)

අල්ලාහ් ගේ දේව දූතයන් කෙරෙහි විශ්වාස කිරීම

[20] විශ්වාසයේ කුලුනු 6 පැහැදිලි කිරීම (5 වන කුලුන)

අවසන් දිනය කෙරෙහි විශ්වාස කිරීම

[21] විශ්වාසයේ කුලුනු 6 පැහැදිලි කිරීම (6 වන කුලුන)

කලා කදර් කෙරෙහි විශ්වාස කිරීම

[22]

හිස්නුල් මුස්ලිම් (දුආ පොත-සිංහල පරිවර්තනය) හඳුන්වා දීම සහ වටිනා ප්‍රාර්ථනා කිහිපයක් පාඩම් කර ගැනීමට

[23]

ඉහත පාඩම් වලට අදාල ඇගැය්ම් පත්‍ර ඉදිරිපත් කිරීම සහ එක් එක් අය වෙත වෙන වෙනම ප්‍රතිඵල නිකුත් කිරීම.