ප්‍රධාන ආගම් පිළිබඳව සංසන්දනාත්මක අධ්‍යයනය

පෙරවදන සහ ඉදිරි ලිපි වල සඳහන් මූලික කරුණු වෙත යොමුව


ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව ආගම පිළිබඳ අර්ථ දැක්වීම -

"the belief in the existence of a god or gods, and the activities that are connected with the worship of them". දෙවි කෙනෙකු (හෝ දෙවිවරුන්) සිටින බවට විශ්වාස කිරීම සහ ඔහුට (හෝ ඔවුන්ට) නමස්කාර කිරීම හා සම්බන්ධ ක්‍රියාකාරකම්.


ආගම මානව සංහතියේ පැවැත්මේ අනිවාර්ය අංගයකි. එය සෑම මනුෂ්‍යයයෙකු තුලම පවතින සහජ ගුණාංගයකි. එම ගුණාංගය සෑම මනුශ්යයෙකු තුලින්ම එකම අරමුණකට යොමුව සිදුකල යුතු යැයි අදහසක් ඉදිරිපත් කල හැකි නමුත් සමාජය තුල එය එලෙස දකින්නට නොමැත. මනුශ්යයන් විසින් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් බෙදී "මනුෂයයාගේ ආගම" විවිධ ආකාරවලට ඇදහීමක් සහ භාවිතා කිරීමක් දකින්නට ඇත.

ලෝකයේ ප්‍රධාන ආගම් දෙවියන්ගේ ඒකීයභාවය පෙන්වා දෙයි. සමහර ආගම් අනාගතවක්තෘවරුන් හරහා ව්‍යාප්ත වූ අතර අනෙක් ඒවා එසේ නොවීය.

සමහර මිනිසුන් කිසිම ආගමක් අනුගමනය නොකළත්, ඔවුන් ඔවුන්ට යමෙකු විසින් උගන්වන ඉගැන්වීම් සහ සදාචාරයන් අනුගමනය කරයි. 

ආගම මිනිස් ජීවිත කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. සියලුම මිනිසුන් පැවැත්ම සඳහා උසස් සුවිශේශී කෙනෙකු (One God) හෝ සුවිශේශී බලයක් (A Supreme power) කෙරෙහි විශ්වාස කළ යුතුය. එවන් විශ්වාසයක් නැති අයට මෙහි ආරම්භයක් - අවසානයක් ගැන වටහාගත නොහැක.  එසේ වුවත්, හදිසි හෝ කරදරකාරී තත්ව වලදී දෙවියන් අදහන, දෙවියන්ට කන්නලව් කරන ස්වභාවයන් ඔවුන් තුලින්ද ඉස්මතුවනු දැකිය හැක.  

ලෝකයේ ඇති ප්‍රධාන ආගම් මිනිසුන් විසින් ඒවායේ සැබෑ ස්වරූපයෙන් අනුගමනය නොකරයි. මිනිසුන් තම ආගම ගැන හරිහැටි නොදැන සිටිති. මේ අනුව ආගම විශ්ලේෂණය කිරීමට අප එහි ශුද්ධ ලියවිලි දෙස බැලිය යුතුය.

අපි එක් එක් ආගම් ගැන ගැඹුරින් සොයා බැලුවහොත්, ඒවායේ බොහෝ සමානකම් ඇති බව අපට පෙනී යන අතර, ඒකදේවවාදය පිළිබඳ සංකල්පය බොහෝ ආගම් තුලින් ඉස්මතු වෙයි. ඒ ගැන සන්සන්දනාත්මක තොරතුරු කිහිපයක් මෙහි ඉදිරිපත් කර ඇත.

සෑම ආගමක් තුලම ශාස්තෘවරුන් ලෙස හදුන්වන අයද සිටිනු දැකිය හැක. ඔවුන් විවිධ නම් වලින් හඳුන්වයි. ලොවට පැමිණි අවසාන වක්තෘවරයෙකු ගැනද බොහෝ ආගම් වල සදහන්ව තිබේ. ඒ ගැනද සන්සන්දනාත්මක තොරතුරු කිහිපයක් මෙහි ඉදිරිපත් කර ඇත.

ලිපි පෙලගැස්ම

1. ආගම් වර්ගීකරණය 

2. ප්‍රධාන ආගම්වල මූලික ග්‍රන්ථ

3. හින්දු ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

4. ක්‍රිස්තියානි ආගමේ දෙවියන්ගේ සංකල්පය

5. යුදෙව් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

6. Zoroastrianism හි දෙවියන් පිළිබඳ සංකල්පය

7. සීක් ආගමේ දෙවියන් පිළිබඳ සංකල්පය

8. බුද්ධාගමෙහි දෙවියන් පිළිබඳව සංකල්පය

9. ඉස්ලාම් ආගමේ දෙවියන් පිළිබඳව සංකල්පය

10. ඒකදේවත්වය - Thawheed

11. බෞද්ධ ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු

12. හින්දු ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු

13. යුදෙව් ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු

14. ක්‍රිස්තියානි ග්‍රන්ථවල අවසන් දේව දූත මුහම්මද් (සල්) තුමාණන් ගැන සඳහන් කරුණු (New Testament)

16. දෙවියන් නැමදීම පිළිබඳව විවිධ ආගම් අතර ඇති සමානකම්